UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් විත්ති

 

සංඥා භාවනාව

හේනේපොල ගුණරතන මහ නා හිමියන්ගේ Meditation on Perception කෘතියේ පරිවර්තනයකි.

කර්තෘ - සුදින්නා භික්ඛුනී
ප්‍රකාශකයෝ - බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය

භාවනා වැඩීමට ‘සංඥාව‘ අරමුණක් ලෙස යොදා ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම මේ ග්‍රන්ථයේ මූලික අරමුණ වී ඇත. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මේ නව සංස්කෘතික තලයේ ප්‍රතිරෝපණය කිරීමට නම් මූලික භාවනා පුහුණුවීම් සම්පූර්ණ බෞද්ධ භාවනා ක්ෂේත්‍රයෙන් ලැබීමට සැලස්වීම හා බෞද්ධ දර්ශන ඔස්සේ දියුණු කිරීම වැදගත් බව මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වී ඇත.

සංඥා යනු කවරේද, සංඥා දහය, සංඥා ගැන භාවනාව ආදී මාතෘකා ඔස්සේ සංඥාව පිළිබඳව විස්තරාත්මකව කරුණු මෙම ග්‍රන්ථයට ඇතුළත්ව ඇත.


අසිරිමත් සිංහනාදය

(ගෞතම බුද්ධ චරිතය – 5 )
කර්තෘ - දමයන්ති ජයකොඩි
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම

මේ ලෝකයේ අසිරිමත් ධර්ම චක්‍රය පහළවීමෙන් තුන් ලෝකයට ම ඇතිවුණ සෙත් ශාන්තිය අති මහත් ය. ධර්මයේ ආලෝකය ලැබූ අය දුකින් මිදුණි. අද දක්වා ම ඒ අසිරිමත් ධර්මය අසන අය සිත් සතන් සුවපත් කර ගනිති. ඒ අමා නිවනට පැමිණෙති.

සසරගත සත්ත්වයන්ගේ දිවි පෙවෙත වසා ඇති අඳුර නසා ප්‍රඥාලෝකය උපදවාලු ඒ ධර්ම චක්‍ර ප්‍රවර්තනයෙන් ඇරඹි දහම් ආලෝකයෙන් ලොව එළිය වූ අයුරු මෙම ග්‍රන්ථයෙන් කථා කරයි. මෙම ග්‍රන්ථය ලිවීමෙන් මා තුළ ඇති වූ පී‍්‍රතිය හා චිත්ත ශක්තිය මෙය කියවීමෙන් ඔබට ද ලැබෙන බව නො අනුමාන යැයි එහි කතුවරිය කියයි.


අජාන් චා තෙරුන්ගේ භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය

කර්තෘ - තිලක කුඩාහෙට්ටි
ප්‍රකාශනය - සාහිත පොත් පියස

අජාන් චා හිමියන්ගේ “භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ The Path to Peace මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ තායිලන්තයේ ඊසාන දිග වනාන්තර කලාපයේ රුදුරු වග වලසුන් ගහණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අතිපූජ්‍ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප්‍රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරු ය.

මේ පොත කියවන ඔබට උන්වහන්සේගේ ධර්ම ඥානය, ධර්මාවබෝධය මොනතරම් තියුණු ද මොනතරම් පුළුල්දැයි ඔබට සිතෙනු නොඅනුමාන ය. මේ පොත පුරා ම චිත්ත සාමය, චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කරගෙන සීල, සමාධි හා ප්‍රඥා උදාපත් කරගෙන මාර්ගඵල සාක්ෂාත්කරණයේ යෙදිය යුතු ආකාරය ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. ඊට අමතරව, ආනාපානසති භාවනාව ද නිවැරැදි ලෙස විස්තර කොට තිබේ.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]