UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


පැන විසඳුම් ජයග්‍රාහිකාව:

අග්‍ර වූ ධර්ම දානය

දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වෙයි. ධර්ම දානය ඉතා මහඟු පින්කමකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ජනතාව අතර බෙදාදීම මෙලොව හා පරලොව සැප පිණිස හේතු වන්නෙකි. දිනෙන් දින පරිහානියට යන අප සමාජය තුළ ධර්මය ප්‍රචාරණය කිරීමෙන් යහපත්, ගුණගරුක සමාජයක් බිහි කළ හැකි ය. අයහපත් මාර්ගයේ ගමන් කරන ජනතාව යහපත් මාර්ගයට ගැනීමට බුදුදහම මඟ කියයි. ධර්ම දානය අපට විවිධ අයුරින් කළ හැකි ය. ධර්ම දානය යනු ධර්ම ප්‍රචාරණය යි. ධර්මය නොදන්නා අයට කියා දීමයි. බුදුරජාණන් වහන්සේත් තමා අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය අන් අයට දේශනා කළ සේක. මහා සංඝරත්නයලවා ධර්ම දේශනා පැවැත්වීමත්, ධර්මදේශනාවලට අනුග්‍රහය දැක්වීමත් ධර්ම දානයට අයත් වේ. ඒ වගේම ධර්මය නොදන්නා අයට කියා දීමෙන්, යහළුවන්ට, සහෝදර, සහෝදරියන්ටත් නිවැරැදි ධර්මය පිළිබඳ කරුණු කියාදීමත් ධර්ම දානයකි. තවද දහම් පොත පත, සඟරා ආදිය බෙදාදීමත් ධර්ම දානයට අයත් ය. මනුෂ්‍ය වර්ගයාගේ යහපත, බෞද්ධ ආගමේ චිරස්ථිතිය, පැවැත්ම වෙනුවෙන් අපි ධර්ම දානය සිදු කරමු.


නවම් පොහොය

බුදු දහමින් ලෝ තල වැජඹෙන්නේ
කෝලිත උපතිස් බැහැදැකගන්නේ
බුදුබණ අසමින් අරහත් වන්නේ
අගසව් දෙනමක් පත් කරලන්නේ

බුදු දහමින් හැම පුබුදිනවා
සංඝ සන්නිපාතය වෙනවා
ගංගාරාමය දිදුලනවා
පෙරහර ජයටම සිදුවෙනවා


අපේ දහම් පාසල

හිමිදිරි උදෑසන අවදිව අපි සැවොම
ළමා සාරි හැඳ මල් වට්ටි ද රැගෙන
දෙගුරුන් නැමද පාගමනින් සංවරව
පැමිණෙමු දම් පාසල් දරු කැළ විලස

අරුණෝදයේ දම් පාසල වෙත පැමිණ
ලොකු හාමුදුරුවන් සමගින් සියලු දෙන
ශබ්ද නගා ගාථා කියමින් නිතින
තෙරුවන් සරණ යන්නෙමු සෑම ඉරු දින

පොල්ගහවිල ගමේ බබළන මිණි පහනයි
දම් පාසලේ නම ධර්මා භිවර්ධනයි
දහම් දැනුම බෙදනා දම් ගඟුල එයයි
දිනයෙන් දිනය දියුණුව අපගේ පැතුමයි


බුදු හිමි වැඩි පුණ්‍යභූමිය

ලොව්තුරු බුදුපියාණන් වහන්සේ තෙවරක් වඩින ලද එකම රට ලංකාවයි. එහි ඉපදී ජීවත්වීම පිනකි. භාග්‍යයකි. වාසනාවකි. එසමයෙහි සිට බෞද්ධ විහාර චෛත්‍යයන්, බිතු සිතුවම්, බුදු පිළිම, ඉදිවිය. බෝධින් වහන්සේ රෝපණය විය. පොහොය දිනයන්හි දී බෞද්ධ ජනතාව බුදුන් පුදා වන්දනා කරති. උපාසක උපාසිකාවෝ සිල් සමාදන්වෙති. හාමුදුරුවන් වහන්සේලා ධර්මය දේශනා කරති. සුවඳ මලින් මල් අසුන සැරසේ. සුවඳ දුම් විහාරස්ථානය වටා පැතිරෙන්නේ ය.

වෙසක් පොහොය නිමිති කොටගෙන තථාගත බුදු පියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල් උත්සවය සමරති. කඨින සමයට සෑම පන්සලකම කඨින පෙරහර පවත්වන්නේ ය. වෙසක්,පොසොන්, උළෙලවල දී රට පුරා බෞද්ධ ජාතක කතා වස්තු නිරූපණය වන තොරණ් ඉදි කරති. රට පුරා වෙසක් කලාප ඉදි කරති.

ලෝකවාසී මෙන්ම අප රටේ සිටින සෑම බෞද්ධයෙකු ම බොදු බැතියෙන් යුතුව මෙම සෑම බොදු අංගයක ම අචල ශ්‍රද්ධාවෙන් යුතුව නියැළෙති.


මම බොදු දරුවෙක් වෙමි

මම උදේ සවස බුදුන් වඳින බොදු දරුවෙක් වෙමි. මව්පියන්ට ගරු කරමින්, උදේ හවස දෙපා නමදිමි. නිතරම පන්සලේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා ගරු සරුව ඇසුරු කරමි. අසරණ අයට පිහිට වෙමි. මම පාසල් යන්න පටන් ගත් දිනයේ සිට දිනපතා ම මල් වට්ටියක් රැගෙන යමි. මල් වට්ටිය බුදු මැදුරට පූජා කර වැඩ පටන් ගන්නෙමි. එය මට ලොකු ආශිර්වාදයකි. මම ආසයි රාහුල හාමුදුරුවෝ මෙන් පුංචි හාමුදුරුනමක් වෙන්න.


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

ගෞතම බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික වූ, අප භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ද, ආනන්ද මහ රහතන් වහන්සේ පිළිබඳ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහි දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා දහම් පඬුරක් පිරි නැමේ.

 
 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]