UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

‍ෙපාත් විත්ති

‍ෙපාත් විත්ති

කඨිනය, දස පින සහ අපායෙන් මිදෙන මග

(කාලීන බෞද්ධ ග්‍රන්ථය)

සම්පාදනය – පණ්ඩිත සරණසේවි මඩපාත

මුද්‍රණය – සාහිත පොත් පියස

වෛද්‍ය ශිරෝමණී, පණ්ඩිත වෛද්‍යාචාර්ය සරණසේවි මඩපාත සූරීන් සම්පාදිත “කඨිනය, දස පින සහ අපායෙන් මිදෙන මග” බෞද්ධ ග්‍රන්ථය “සාහිත පොත් පියස” හි නවතම ප්‍රකාශනයක් ලෙස දොරට වැඩිණ. පරිච්ඡේද 16 ක් යටතේ ‘දෙව්ලොව සැප ලබන පින, අටමහ කුසල්, කඨිනානිශංස, චීවර පූජාව, ආදි මාතෘකා රැසක් සරලව ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත.


බුදුදහමින් ලෝකයේ යථාර්ථය දැක ගනිමු
 

සම්පාදක – කේ.කේ.සුගතපාල

මුද්‍රණය – සංඛ පි‍්‍රන්ට්ස්

බුද්ධශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන සංක්ෂිත හා සරල ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්ථක මණ්ඩලයේ සම්පාදක ලේකම් කේ.කේ. සුගතපාල මහතා විසින් මෙම කෘතිය සම්පාදනය කොට ඇත. මෙහි සරල පරිවර්තන දහයක් ද. ථෙර ගාථා දෙකක් ද, පේතවත්ථු කතා තුනක් සහ විශේෂ ලිපි එකතුවකින්ද සමන්විත ය.


ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ වප් පුන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසහටන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම මස 24 දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පෙරවරු 6.00 – අටසිල් සමාදන් වීම, 6.30 – බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති මහවෙල රතනපාල හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය – මහාචාර්ය සරත් විජේසූරිය, දවල් 12.00 ජාතක කතා දේශනාව - භාණක, රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව - ජරා වග්ගයේ පළමු ගාථාව දේශකයාණෝ - බෝමළුව විහාරවාසී කනුබිච්චියේ රතනජෝති, 2.00 ධර්ම දේශනාවට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 – දම්සභා මණ්ඩපය , නෙක්ඛම්ම පාරමිතාව, සහභාගිත්වය – ශ්‍රාස්ත්‍රපති – කරගස්වැවේ විජිත හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශ්‍රාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා, 4.00 භාවනාව- ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]