UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලයිට් ඔෆ් ඒෂියා මහා තරගයේ අවසාන ප්‍රථම ස්ථානය ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයට

ලයිට් ඔෆ් ඒෂියා මහා තරගයේ අවසාන ප්‍රථම ස්ථානය ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයට

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව පවත්වන ලයිට් ඔෆ් ඒෂියා මහා තරගයේ අවසන් වටයේ ප්‍රමුඛ ස්ථානය බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ තෙවිඳු කේනුල කඳනාරච්චි ශිෂ්‍යයා හිමිකර ගැනීමට සමත් විය. දිගුකලක සිට දස දහසක් පමණ වූ රජයේ පාසල්වලට හා එපමණ වූ දහම් පාසල් සඳහා විවෘත මෙම තරගයට රජයේ උසස් මට්ටමේ පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල් ද ඉදිරිපත් වෙයි.

ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලය මෙයට පෙර වාර කිහිපයක් ම සමස්ත ලංකා ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට තරම් දක්ෂ විය. මෙවර ප්‍රථම ස්ථානය හිමිකොට ගත් තෙවිඳු කේනුල ශිෂ්‍යයා දැනට දහම් පාසලේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ධර්ම විද්‍යාලයේ දහසක් පමණ ශිෂ්‍යයන් අතර විෂය හා විෂය බාහිර අංශයන්ගෙන් විවිධ දක්ෂතා පෙන්වමින් කටයුතු කරන තෙවිඳු කේනුල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ලෙස ආදර්ශ සම්පන්නව කටයුතු කරයි. බෞද්ධායතන ධර්ම විද්‍යාලයාධිපති දිවියාගහ යසස්සි නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි ධර්ම විද්‍යාලයේ ආචාරිණී ගිම්හානි ගුණවර්ධන මහත්මිය සහ චේතිකා අබේගුණවර්ධන මෙනවිය පුහුණු කටයුතු සිදුකර ඇත. දැනට ඇලිතියා ජාත්‍යන්තර පාසලෙහි අධ්‍යාපනය ලබන කේනුල එම විදුහලේ ද Best Student Academic  සම්මානය ද Most Enthusiastic Student  සම්මානය ද හිමිකර ගැනීමට සමත්ව සිටියි.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]