UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අයං වසසාන කාලො:

මහත්ඵල මහානිශංස  දානය

සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන පිටකත්‍රයේ ම දානය පිළිබඳ පැහැදිලි කොට ඇත. සූත්‍ර පිටකයට අනුව දස දානයක්ද, විනය පිටකයට අනුව දාන වස්තු හතරක් ද, අභිධර්ම පිටකයට අනුව දාන වස්තු සයක්ද වශයෙන් විසි ආකාර දානයන් ගැන සඳහන් වේ. එහිලා පළමු කොට දානය යන්න කුමන අරුත් ගෙන දේදැයි පැහැදිලි කරගත යුතු ය. ඒ අනුව යම් ශක්තියක් කරණකොට දෙනු ලැබේද, දීමට සාධක වූ ඒ ශක්තිය දාන නමින් හඳුන්වයි. එයින් අපේක්ෂිත වන්නේ දාන චේතනාවයි. එනම් මුල්වන්නේ දාන චේතනාවමයි. එමෙන්ම අගක් මුලක් නොපෙනෙන සසර ගමන් ඇත්තෝ තමන්ට අයත් ආහාර පානාදිය අනුග්‍රහ පිණිස හෝ, පූජා පිණිස හෝ අනුනට පූජා කිරීමේ දී හෝ දීමේ දී ඇතිවන සිතිවිල්ල දානය ලෙස හඳුන්වයි. එමෙන්ම යම් සිතිවිල්ලක බලයෙන් , ආහාර පානාදී වූ දිය යුතු දෙයක් එක්තැන් කොට අනුකම්පාවෙන් හෝ පූජා වශයෙන් යුතුව අනුනට දෙනු ලැබේ ද , එය ද දානය ලෙස නම් කරයි. එමෙන්ම දෙන ලද්ද විපාක ඇත. පූජා කරන ලද්ද විපාක ඇත. යනාදී ලෙසින් ඇතිවෙන සම්‍යයක් දෘෂ්ටිය පෙරටු කොට ගෙන ආහාර පානාදිය පරිත්‍යාග කිරීමේ චේතනාව ම දානය නම් වේ. බුදුරජාණන් වහන්සේලා ආහාරපාන වස්තූන් පිළිබඳ බුද්ධි පුර්වක පරිත්‍යාගයද දානය ලෙස දේශනාකොට ඇත.

ඉතිරිය»

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]