UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අංක 142/5, සෙත්සිරි මාවත, තලාහේන, මාලඹේ යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 26 ක් වූ ජී.ජී.හිරාන් ශාම්නාත් මහතාට “ඕ” පොසිටිව් හෝ “බී” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍යව ඇති බව මාලිගාවත්ත ජාතික වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍ය කේ.උමාෂංකර් මහතා විසින් නිර්දේශ කොට ඇතැයි කියති. පරිත්‍යාගශීලින් වෙතොත් පහත දුරකථන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 0711637949/0112789247

*****

වකුගඩු රෝගයකින් පෙළෙන පියාණන්ට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් අවශ්‍ය හෙයින් කැමැති පින්වතෙකු සිටීනම් පියාගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පිරිනමන ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකතන අංකය – 0776078753

*****

රාගම වල්පොළ පදිංචි උපාලි ගුණවර්ධන දෙදරු පියෙක් වන අතර 64 වන වියේ පසුවන බව කියයි.වකුගඩු ආබාධයෙන් පෙළෙන ඔහුට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් සඳහන් කර ඇති බවද කියයි. එබැවින් වයස අවුරුදු 60 ට අඩු වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් පහත දුරකථනවලට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. මුදල් පරිත්‍යාගයක් වුවද කළ හැකි බවද කියයි. දුරකථන අංක 0716898038,0112955719

*****

අක්කරපත්තුවේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් වකුගඩු රෝගයෙන් පීඩා විඳින අතර ඇය සුවපත් කරගැනීමට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී තිබේ. පරිත්‍යාගශීලි පින්වතකු ඉදිරිපත් වන්නේ නම් හැකි ඉක්මනින් දුරකතන අංකය 0724582160 අමතන ලෙස කාරුණික ඉල්ලීමක් කෙරේ.

තුම්මෝදර ලබුගම එන්. දීපිකා දමයන්ති මහත්මිය වකුගඩු ආබාධයෙන් පෙළෙන අතර “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 072 34 11301, 076 9810222 දුරකථන අංක වෙත දන්වන අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හංවැල්ල ශාඛාවේ 1 – 0750 – 88 – 04 – 35 – 0 ගිණුම් අංකය වෙත ආධාර කරන්නැයි ද ඉල්ලීමක් කෙරේ.

*****

මාතර, තුඩාව, කලණ කලාපය, අංක 2/4 සී ලිපිනයේ පදිංචි 33 හැවිරිදි එක්දරු මවක් වන දිස්නා පින්සිරිනි වික්‍රමසිංහ මහත්මිය වම් පාදයේ අස්ථි ආබාධයකින් පීඩා විඳින අතර ඇයගේ පාදයට කෘත්‍රිම අස්ථියක් බද්ධ කළ යුතු බවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඒ.බී.එස්.ඒ. පෙරේරා මහතා නිර්දේශ කර ඇති බව කියයි. එම කෘතිම අස්ථි මිලදී ගැනීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වන අතර එම මුදල සොයා ගැනීමේ හැකියාවක් තමන්ට නැතැයි පවසයි. තම බිරිඳ සුවකර ගැනීම සඳහා ආධාර කළ හැකි අයකු වේ නම් එම ආධාර නදීර ප්‍රසාද් වල්පලගේ නමින් මහජන බැංකුව, මාතර උයන්වත්ත ශාඛාවේ විවෘත කර ඇති 03220014005670 දරණ ගිණුමට බැර කරන ලෙස ඔහු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. අවශ්‍ය තොරතුරක් වේ නම් 0776396243 දුරකථන අංකයෙන් ලබාගත හැක.

*****

ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. 0702951016

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]