UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කාමයන්ගේ ස්වභාවය නිවැරැදිව තේරුම් ගන්න

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් බුදුසරණ පාඨක පින්වතුන්ට ප්‍රදානය සඳහා යි මේ උත්සාහය. මේ දහම ඛුද්දක නිකායට අයත් පෞරාණික ධර්ම ග්‍රන්ථයක් වන සුත්ත නිපාතය කියන ධර්ම ග්‍රන්ථයටයි අයිති වන්නේ. සුත්ත නිපාතයේ වර්ග 5ක් සඳහන් වෙනවා. ඒ වර්ග පහේ අඨ්ඨක වග්ගය කියන පෞරාණික ගාථා තිබෙන, බුද්ධ කාලයේ දී පවා භික්ෂූන් වහන්සේලා කට පාඩම් කර ගෙන, නිතර නිතර සජ්ඣායනා කළ අඨ්ඨක වග්ගයට අයිති කාම සූත්‍රයයි, අද මාතෘකා පාඨය වශයෙන් තබා ගත්තේ. කාම සූත්‍රය කියන කොටම අපට සමහර විට වෙනත් අදහස් සංකල්පනා ඇති වෙන්න පුළුවනි. නමුත් මෙහි දී පඤ්චකාම සම්පත්තිය නිසා ඇතිවන ආස්වාදය, ආදීනව හා ඒවා නිස්සරණය තුළින් ඇති වන සැනසිල්ල තමයි මේ කාම සූත්‍රය තුළින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ. මුලින් ම කාමයන්ගේ තිබෙන ආස්වාදය, ආදීනව තේරුම් ගන්න ඕනෑ. කාමයන්ගේ හැටි තේරුම් ගත්තා ම ආස්වාදය තේරුම් ගත් අයට කාමාදීනව දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ආස්වාද ජනක කාමයන් ගෙන් වෙන්නේ ඒ කාම වස්තූන් නැතිවෙලා යනකොට ඇතිවන ආදීනව මොනවාද? කියලා තේරුම් ගන්න පුළුවන් වීමයි. ඊට පස්සේ ඒ ආදීනවයන් තේරුම් ගත්තා ම අපට මේ කාම වස්තූන් ගේ නිස්සරණයත්, නැතිවීමත් ඇති කර ගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවට බහින්නට ඒ කාම වස්තූන් පිළිබඳව දැන ඉගෙන ගැනීම බොහෝකොට ප්‍රයෝජනවත් වෙනවා. මේ කාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතු වූ කාරණය පිළිබඳවත් අපි මුලින් දැන ගෙන තිබීම ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පහසුවක් වෙනවා.

ඉතිරිය»

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]