UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කමි

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි 06.30-07.00 උදෑසන බුද්ධ පූජාව රන්දිලිගම මහින්ද හිමි, 08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි 09.00-10.00 පෙරවරු ධර්මදේශනාව බොරැල්ලේ කෝඛිත හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි. පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය, 02.00-03.00 වෛද්‍ය දේශනය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මිය, 03.00-04.00 පස්වරු ධර්මදේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 04.00-05.00 ධර්ම සාකච්ඡාව , 05.00-06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව , ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්මදේශනාව අනුරාධපුරයේ අරියඥාන හිමි.


බම්බලපිටියේ සිරිවජිරාරාමය

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි පිඬු බුද්ධ පූජාව වැඩමවීම, 6.00 - 7.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ කිරි පිඬු බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, 8.00 – 8.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, 8.30 – 9.30 ගිහි දේශනය, ශාස්ත්‍රවේදී ආචාර්ය ෂේන් බ්ලොක් මහතා, 9.30 – 11.00 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී පිටිපන ශාසනරතන හිමි, පස්වරු 12.15 – 01.15 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 04.00 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරී හා සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂ කඹුරුගමුවේ මහානාග හිමි, 4.00 – 5.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී කැලණියේ සාසනවංශ හිමි, 5.00 – 6.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී ගල්කිස්සේ සෝමානන්ද හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස6.30 – 7.30 වෙසක් විශේෂ ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි.


බත්තරමුල්ල සුදස්සනාරාම සදහම් සෙනසුන

පස්වරු 6.00-7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00-7.30 තෙරුවන් ගූණ සජ්ඣායනාව 8.15-10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00-11. ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00-11.30 සම්බුද්ධ පූජා පින්කම පස්වරු 12.30-1.00 සූත්‍ර දේශනාව, 1.00-2.00 ධර්ම දේශනාව ආචාර්ය මඩිහේ සුගතසිරි මාහිමි, 2.00-3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත මඩවල ධම්මික ජිනවංස මාහිමි. 4.00-5.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි මාහිමි, 5.00-6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදානය

පෝදා පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම,අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.09.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00-10.00 ධර්ම දේශනාව පළමුගෙදර සුමනවංස හිමි, 10.00 -11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25-12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි 2.00-3.00 ගිහි දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා 3.00-4.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත තල්ගමුවේ සුධීරානන්ද හිමි 4.15-5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි 5.00-6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි .


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ජර්මනියේ හැම්බර්ග් වජිරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඥාණ හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව බෙල්ලන්විල රජමහා විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිත බොරලැස්ගමුවේ පේමරතන හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව ඔරුවල සුධීර හිමි, නාවලපිටියේ උදිත හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 12.45 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, ඇරැව්වල සමිත හිමි, 12.45 – 01.45 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 01.45 – 02.45 ධර්ම දේශනාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.45 – 03.45 ධර්ම දේශනාව, කොළඹ 07, නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි. 04.00 – 5.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 5.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි.


ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ දී වෙසක් පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පරිදි මෙම මස 29 දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මෙම ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියන් විසින් සංවිධානය කරනු ලබති. පෙරවරු 6.00 අටසිල් සමාදාන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව, කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රපති විල්ගමුවේ පියනන්ද හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන හා මනෝ උපදේශන අධ්‍යයන අංශයන්හි අංශාධිපති සහකාර මහාචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා, 10.30 බුද්ධ පූජාව දහවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව කථිකාචාර්ය ඇහැලේපොල මහින්ද හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, ගෞරව ශාස්ත්‍රවේදී වැල්ලගිරියේ සිලසුමන හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා, 4.00 භාවනා වැඩසටහන, ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී වෙසක් පෝදා දවස පුරා පින්කම් සිදු කෙරේ.

පෝදා පෙරවරු 06.15-7.15 සිල් සමාදන් කරවීම හා බුද්ධ වන්දනාව වැලිකල පඤ්ඤාතර හිමි, 7.30-9.45 දහම් දෙසුම ගම්පහ සිරිසීවලී හිමි. 10-11 දහම් දෙසුම මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි. පස්වරු 1-2.45 ගිහිදෙසුම මහාචාර්ය දයා රෝහණ අතුකෝරල මහතා .3-4.30 දහම් දෙසුම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අක්මීමන ධම්මපාල හිමි. 4.45-6 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ හිමි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී පොහෝදා , ශීල, භාවනා ධර්ම දේශනා මාලාවක් විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 5.30-6.00 උදෑසන කිරිපිඬු පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.00 -06.30 උපෝෂථ ශීලය හා කෙටි අනුශාසනාව , තලල්ලේ මහින්ද නාහිමි, 08.00-09.00 භාවනාව ,ශ්‍රී ජයශේඛරාරාමවාසි කන්තලේ සුමිත්ත හිමි, 09.15-10.15 ධර්ම දේශනය දෙණියායේ සිරිනන්ද නාහිමි, 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවිහාරවාසී ස්වාමින් වහන්සේලා විසින් 1.00-2.00 මාසික රැස්වීම 2.15-3.15 ධර්ම දේශනය ශාස්ත්‍රවේදි කන්තලේ සුමිත්ත හිමි. 3.15-4.15 ධර්ම දේශනය, දෙණියායේ සිරිනන්ද නාහිමි 4.30-5.30 දම්සක් පැවතුම් සූත්‍රදේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.00 සිල්පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45-7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පුජාව රාත්‍රි 8.00-9.00 ධර්ම දේශනය වෙසක්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විශේෂ ධර්ම දේශනා 3 ක් පැවැත්වේ. එනම් වෙසක් පෝයට පෙර දින ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස හිමි වෙසක් පෝදින රාත්‍රි 7.30-8.30 දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 30 වැනි දින රාත්‍රී 7.30-8.30 ශාස්ත්‍රපති ලුණුගම්වෙහෙරේ විමලානන්ද හිමි.


හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වෙසක් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මොරාවත්තේ සුබෝධි හිමි, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස, ගල්කිස්සේ ධම්මිස්සර හිමි යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වෙසක් පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරිආහාර පූජාවක්ද, ශබ්ද පූජා මධ්‍යයේ කංචුක පූජාවක්ද පැවැත්වේ. උදෑසන ධර්මදේශනාව තිස්සමහාරාම යෝධකණ්ඩියේ නාගමහා විහාරාධිපති ආචාර්ය මහවැව මහින්ද හිමියන් විසින් විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ 10.00 ට පමණ කිරිපිඬු බුද්ධ පූජා පෙරහර ශබ්ද පූජා මධ්‍යයේ වැඩමකර චෛත්‍යයට පූජා කිරීමේ පින්කම පැවැත්වේ.

පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සල ද එම ස්ථානයේ පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර මළුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ බෝධීන් වහන්සේට මල්, පහන්, ගිලන්පස හා අටපිරිකර පූජාකිරීමෙන් පසු බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ. සවස ධර්මදේශනාව කිරිවෙහෙර අටවිසි බෝමළුවේදී ද, පහන් 5000 ක ආලෝක පූජාව කිරිවෙහෙර තුන්වැනි මලුවේ සමීපයේ පැවැත්වේ. කතරගම සමථමණ්ඩලයේ ඔසුපැන් දන්සල රාත්‍රී පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය මහාසේන, සිල් සමිතිය, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයෙහි මෙම වෙසක් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් , බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 - 9.00 දහම් දෙසුම ගනේලන්ද රජමහා විහාරාධිකාරි ගැමුණුපුර සෝමවංශ හිමි. 9.30-10.30 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසි හිමි 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00-පස්වරු 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානාවාසී මෙත්තාවාසි හිමි.2.15-3.00 ධම්මපදය 3.00-4.00 භාවනා වැඩසටහන පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී ගල්නෑවේ සුගතවිහාරි හිමි.4.00-5.00 දහම් දෙසුම කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත හිමි. 6.00 මල්,පහන් ,ගිලන්පස,අටවිසි බුද්ධ පූජාවක්. බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම වෙසක්පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී’රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන පැවැත්වේ. අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර ,6.30-7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30-9.30 ධර්මදේශනය දම්පහළ ;ඤාණසුධීර හිමි, 10.00-10.45 ජාතක කථා දේශනය හපුතලේ ඤාණවිසුද්දී හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30-2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.15-3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි.3.15-4.00 භාවනාව දම්පහළ ඤාණරතන නා හිමි, 4.00-5.00 ‘මහාසමය සූත්‍රය’ සහිතව පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30-7.30 අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි, බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය :– මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.


සංකල්ප විහාරයේදී වෙසක් සතිය පුරා පින්කම්

පිළියන්දල, මාකන්දන, වැලිතොටුවවත්ත සංකල්ප විහාරයේ දී වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

පොහොයදා පෙරවරු 5.00 ට කිරි ආහාර සම්බුද්ධ පූජාව 6.00 සීල භාවනා වැඩසටහන ආරම්භ කෙරේ. එම සීල භාවනා වැඩසටහනට පිළියන්දල සරණ හිමි, ගලබඩ සුනීත හිමි, තපෝවනයේ අරියධජ හිමි, චන්දවිමල හිමි, මිරිස්වත්තේ ඉන්දසිරි හිමි, පන්නිපිටියේ සමිතානන්ද යන හිමිවරුන්ගේ ධර්ම දේශනා ඇතුළත් වේ. මෙදින දහවල ව්‍යාංඤජන 32 ක බුද්ධ පූජාව සවස 6.30 අෂ්ඨපාන චතුමධුර ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වේ. අනතුරුව ධාතු ප්‍රදර්ශනය ආරම්භ වේ.

30 වන දින සිට 5.00 ට කිරිආහාර බුද්ධ පූජාව සවස චතුමධුර ගිලන්පස පූජාව අනතුරුව ධාතු ප්‍රදර්ශනය ද මෙයට සමගාමීව සංකල්ප දහම්පාසල සංවිධානය කරන වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයද සතිය පුරා පැවැත්වේ. සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල ඇතුළු සංකල්ප විහාරස්ථ සංවිධාන ජාලය එම පින්කම සංවිධානය කරයි.


සීදුව සුගතාරාමයේ වෙසක් තොරණ පුරා සතියක්

සීදුව සිරි සුගතාරාම විහාරස්ථ සිරි සුගතාරාම දහම් පාසලේ දූ, පුතුන් හයවන වරටත් දෙමාපියන්ගේ හා විහාරස්ථ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් නිර්මාණය කරන මහා වෙසක් තොරණ වෙසක් පොහෝ දා රාත්‍රීයේ සිට මැයි මස 5 වන දින දක්වා සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා ප්‍රදර්ශනය කෙරේ. සිරි සුගතාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය මඩුගස්තලාවේ විමලබුද්ධි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම තොරණ ඉදිකරනු ලැබේ.


ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය

ශ්‍රී සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස යන තේමාව මුල්කර ගනිමින් වෙසක් ශ්‍රී සම්බුද්ධ තෙමඟුල නිමිත්තෙන් දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව සුපින්වතුන්ගේ දායකත්වයෙන් දුර්ලභ සුවඳවත් දැවයෙන් නිමවූ සඳුන් මාලිගාවේ වැඩ සිටින්නා වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දැක වැඳ පුදා ගැනීමට හා ස්වර්ණමය සත් බුදුරජාණන් වහන්සේලා සියැසින් දැක වැඳ පුදා ගැනීමට අප්‍රේල් මස 29 වැනි දා වෙසක් පුර පසළොස්වක පොහෝදින සිට මැයි මස 02වන දා දක්වා සවස 03.00 සිට රාත්‍රී 11.00 දක්වා අවස්ථාව සලසා ඇත.


ශ්‍රී සම්බෝධි විහාරයේ වෙසක් පොහෝ දින වැඩසටහන් මාලාවක්

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පුජාව, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ හිමි, 5000ට අධික සුපින්වතුන් සිල් සමාදන් කරවීම හා හිමිදිරි උදෑසන 05.00 ට පෙරහරකින් කිරි ආහාර පාත්‍ර 1008 කින් සමන්විත සම්බුද්ධ පූජාව විහාරස්ථානයට වැඩම කරවීම. 6.00 – 7.00 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, බොරලන්දේ වජිරඤාණ හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 9.30 – 10.30 දහම් දෙසුම, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 11.00 – 11.30 ව්‍යාංජන 1008 කින් සමන්විත දහවල් සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, 12.30 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, සහන් වනිගරත්න මහතා. 2.00 – 3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, කහගොල්ලේ සෝමවංශ හිමි 3.30 – 4.30 ධර්ම දේශනාව මැදගොඩ අභයතිස්ස හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව දියසෙන්පුර විමල හිමි, 5.30 – 6.00 ලැබුවාවූ නව වසරේ ලෝකවාසී සියලු ජනතාවට නිරෝගී සුවය පතා සිදු කෙරෙන ඉපැරණි දේශීය ඖෂධ වර්ග 1008 කින් සමන්විත මහා ඖෂධ පූජාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය. හාපිටිගම විජිත හිමි.


කහල්ල පුරාණ විහාරයේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව හා දහම් දෙසුම් මාලාවක්

ජාතික වෙසක් දිනය සැමරීම වෙනුවෙන් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්වනු ලබන විශේෂ ආගමික වැඩසටහන ලෙසින් ඉකුත් 24 වන දින සිට මැයි 06 දින දක්වා සතිපට්ඨාන සූත්‍ර දේශනය හා ඒ ඇසුරෙන් පවත්වන දම් දෙසුම් මාලාව සහිත පින්කම් මාලාව කටුගස්තොට කහල්ල පුරාණ විහාරස්ථානයේ දී වටපාත ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


ධම්මවිචය විහාරයේ ගර්භ නිධාන පින්කම පෝදා

ඓතිහාසික රුහුණු - කතරගම, කාවන්තිස්සපුර ධම්මවිචය විහාරයේ ඉදිවෙමින් පවතින මුචලින්ද නාගදරණ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ගර්භ නිධානය වෙසක් පුන් පොහෝ දින උදේ 06.30 ට සිදු කරනු ලැබේ. එදින බත් දන්සැල සහ බෝධි පූජා පින්කමද පැවැත්වේ. බෝධිපූජා පින්කම සවස 6.30 ට මෙහෙයවීම, ධම්මවිචය විහාරාධිපති බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසිනි.


ගිජ්ඣකූට පර්වතයේ ආකෘතියක් උඩහිඟුල්වලදී

බුදුරජාණන් වහන්සේ ආටානාටිය සූත්‍රය දේශනා කළාවුද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩසිටියා වූ ද, දේවදත්තතෙර බුදු හිමිට ගල් පෙරළු ගිජ්ඣකූට පර්වතයේ ආකෘතියක් පූජාපිටිය, උඩහේන උඩ හිඟුල්වල විපස්සනා භාවනා මධ්‍යස්ථාන කඳු මුදුනේ දී පැවැත්වේ. මෙම මස 29, 30 සහ මැයි මස 01, 02, 03 යන දිනවලදී සවස 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව පවතී. එම දින පහ පුරා දන්සැල් පැවැත්වෙන බවද සංවිධායකයෝ පවසති.


බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී විහාරස්ථානය

බොරැල්ලේ ඵෙතිහාසික පුරාණ ගෝතමී විහාරස්ථානයේ වාර්ෂිකව 118 වන වරටත් පවත්වනු ලබන වෙසක් පුර පොහෝදා සීල සමාදානය පෝදා දවස පුරා ගෝතමී විහාරාධිපති, තෙල්වත්තේ නාගිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

පෙරවරු 5.30 සම්බුද්ධ පූජාව සකස් කිරීම 5.45 උපෝසථ ශීලයෙහි පිහිටු වීම මෙහෙයවීම ගතාරේ ප්‍රඥාසාර හිමි . සම්බුද්ධ පූජාව /අටවිසි බුද්ධ පූජාව .මෙහෙයවීම ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි,

8.15 භාවනාව මෙහෙයවීම ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම දායකත්වය හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව හා පිරිකර පූජාව රාජකීය පණ්ඩිත මුරුතුවෙල සීවලි හිමි

පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් සිදුකරනු ලබන දේශනය දායකත්වය අමාත්‍යාංශ හිටපු ලේකම් සීතා රාජපක්ෂ මහත්මිය, 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත දෙනියායේ සිරිනන්ද හිමි,

3.00 ධර්ම දේශනාව ශාසනවංසාලංකාර හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පින්කන්දේ සිරිධම්ම හිමි. පස්වරු 6.00 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය


දෙමටගොඩ

කොළඹ 09 දෙමටගොඩ ගුවන්පාලම අභියස බේස්ලයින් පටුම ගේ ශ්‍රී බෝධි විහාරස්ථානයේදී වාර්ෂිකව සිදුකරනු ලබන තෙමගුල් සිහිකිරීමේ පින්කම් මාලාව කොළඹ සද්ධාරතන හිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පෝදා සිදු කෙරේ.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ උපදෙස් පරිදි වෙසක් පුර පසළොස්වක පෝයදා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේදී පින්කම් මාලාවක් පැවැත්වේ.

පෙරවරු 08.30 ධර්ම දේශනාව ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත කෙසෙල්හේනාවේ වාචිස්සර නාහිමි 09.30 විශේෂ භාවනා වැඩසටහන මෙහෙයවීම ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ සවස 2.00 ට පේමරතන ගමගේ මහතා විසින් මෙහෙයවන උපදේශන වැඩසටහනක්ද සවස 4.00 ට ධර්ම දේශනාව මොරපිටියේ ධම්මතිලක නාහිමියන් විසින් ද පවත්වනු ලැබේ.


රදම්පොල

වෙසක් පොහොය නිමිත්තෙන් 08 වන වරටත් මාතර, රදම්පොල, ශ්‍රී නාගවනාරාමය විහාරස්ථානය, මාතර රත්මලේ කුරුඹුරේ පුරාණ රජමහා විහාරස්ථානය, දෙද්දුවාවල විහාරස්ථානය, උණන විහාරස්ථානය, කොළඹ කුප්පියාවත්ත ජයසේකරාරාමය සහ ශ්‍රී ආනන්දාරාමය සහ විහාරස්ථානයන්හි දී පෙහෙවස් සමාදන් වන උවසු උවැසියන් වෙත ධර්ම දානයක් ලෙස බුදුසරණ පුවත්පත බෙදාදෙනු ලබන අතර, මෙම 30 වන දා 06 වන වරටත් වන්දනාමාන සඳහා යන බැතිමතුන් උදෙසා කඩල දන්සල මාතර, රත්මලේ හන්දිය අසල දී පැවැත්වීමට කොළඹ පදිංචිව සිටින ජයසේන ගුණවර්ධන ඇතුළු පවුලේ සැම විසින් කටයුතු යොදා ඇත.


කලල්පිටිය

පස්යාල කලල්පිටිය මෙහෙණී ආරාමයේදී සිව්දින විදර්ශනා භාවනා වැඩමුළුව අපේ්‍්‍රල් 26,27,28 සහ 29 යන දිනවල උදේ 8.00 සිට 5.00 දක්වා පැවැත්වේ. කම්මට්ඨානාචාර්ය වලල්ගොඩ චන්ද්‍රරතන හිමියන් එම වැඩ සටහන මෙහෙයවනු ලැබේ.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

අපේ‍්‍රල් 28 සෙනසුරාදා අෂ්ටපාන ගිලන්පස නෙළුම්මල් සහිත සුවිසි පට්ඨාන පූජාව සවස 6 ට පවත්වනු ලබයි. පෝදා පෙරවරු 5.45 ක්ෂීරපායාස බුද්ධ පූජාව 6.00 සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 8.00-9.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 9.00-10.00 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි 10.00-10.30 භාවනාව, 10.30-11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව

පස්වරු 12.15 පුණ්‍යානුමෝදනාව සහ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව 1.00-2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00-3.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 3.30-4.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකු ස්වාමින් වහන්සේ සහ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 5.00 කරණීයමෙත්ත සූත්‍රය සහ සිල් පවාරණය, 6.00 සර්වඥ ධාතුවන්දනාව සහ ප්‍රදර්ශනය පැවැත්වේ. -


අනුරාධපුර දහම් සෙවණ

අනුරාධපුර සදහම් දෙවණ වෙසක් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී 29,30 දෙදින පුරා පැවැත්වේ.

පොහොය වැඩසටහන් සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


දහම් දෙසුමක් හා ආශීර්වාද පූජාවක් 30 දා

හොරණ ශීල සුව අරණ පුණ්‍ය භූමියේ ඉදිවන බක්කුල මහ සෑ මළුවේ දී වෙසක් ධර්ම දේශනාව සහ ආශීර්වාද පහන් පූජාව අප්‍රේල් 30 වන දා සවස 5 ට ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ දහම් දෙසුමක් හා සවස 7 ට ආශීර්වාද පහන් පූජාවක් ගනේකන්දේ චන්දරතන හිමියන් මෙහෙයවනු ලැබේ.


සීදුව සුගතාරාමයේ පින්කම්

සීදුව සිරි සුගතාරාම විහාරස්ථානයේ පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. තරුණ හා වැඩිමහල් උවැසු උවැසියන් දහසකට වැඩි ප්‍රමාණයක් සිල් සමාදන් කරවන සීල සමාදාන වැඩසටහන වෙසක් පුර පසළොස්වක් පොහෝ දින පැවැත්වේ. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පුජා, සත්බුදු වන්දනා, භාවනා, එකසිය අටක් ඖෂධ පූජා, ඇතුළු පින්කම් රාශියක් සිරි සුගතාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය බදුල්ල රඹුක්පොත රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව පින්කම් මාලාව සංවිධානය කර ඇත.


මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මායතනය

මාතර මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මායතනයේදී, වෙසක් සති පින්කම් මාලාවක්, ධර්මායතනාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑණේ සුවිනීත හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට සී/ ස සාසන සේවක සේවිකා සමිතිය කටයුතු යොදා ඇත.

අපේ‍්‍රල් 22 ඉරු දින සිට 29 දින දක්වා ‘වෙසක් සති’ පින්කම් මාලාව පැවැත්වේ. 30 දින සිරි වජිරඤාණ ධර්මවිජය දහම්පාසල මෙහෙයවන ධර්මවිජය වෙසක් සීල සමාදානය පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වේ.

සති පින්කම් දිනවල පස්වරු 4.30 ට මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව පවත්වා පස්වරු 5.00-6.00 දක්වා ධර්මදේශනා පැවැත්වේ.


වෙසක් සති ධර්මදේශනා

22 මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි,

23 හක්මන මධුරධම්ම හිමි,24 යටිගල සෝමතිලක හිමි, 25 විල්පිට සුධර්මාලංකාර 26, කපුගම සුගතසාර හිමි, 27 පණ්ඩිත දිද්දෙණිපොත සුමේධ හිමි, 28– ශාස්ත්‍රපති දේවාලේගම සුමනරතන හිමි,


පන්නල ශ්‍රී දේවරාජාරාමය

වෙසක් පුන් පොහොය නිමිතිකරගෙන පන්නල ශ්‍රී දේවරාජා රාම විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර උදෑසන සිල් සමාදන් කරවීම ඇතුළු දාන ,සීල, භාවනා වැඩසටහන් දවස පුරා පැවැත්වේ. මෙදින පෙහෙවස් සමාදන්වන උවැසි උවැසියන් සඳහා ‘බුදුසරණ’ පුවත්පත නොමිලයේ බෙදාදීම සිදු කෙරේ.

විහාරාධිපති මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව ශ්‍රී සීලානන්ද දහම්පාසල විශාඛා කුළඟන සමිතිය මෙම පොහොය වැඩසටහන් සංවිධානය කර ඇත.


තලම්මැහැර සුනන්දාරාමය

පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වෙසක් පොහොය වැඩසටහන මැයි 29-30 දිනවල පැවැත්වේ. සීල සමාදානය බුද්ධ පුජා, ධර්මදේශනා, භාවනා , ධර්ම සාකච්ඡා සහ අටවිසි බෝධි පූජාවක් ඊට ඇතුළත් වේ.

සවස 7.00 ට පමණ ශ්‍රී සුනන්දාරාම දහම්පාසල් දරුදැරියන් ඉදිරිපත්කරන භක්තිගීත සංදර්ශනයක් පැවැත්වේ. දහම්පාසල් දරු දැරියන්ගේ පහන්කූඩු ප්‍රදර්ශනයක්ද ප්‍රදර්ශනය කෙරෙන අතර විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන ,විහාරාධිකාරි ගල්නැවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව ශී‍්‍ර සුනන්දාරාම දහම් පාසල එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


මරදානේ මහින්දාරාමය

කොළඹ මරදාන මහින්දාරාමයේ දී විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාපලානේ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පොහොය නිමිත්තෙන් මෙම මස 28, 29, 30 යන දිනවල දී පින්කම් මාලාවක් සිදු කෙරේ.

වෙසක් පෝදා දවස පුරා මහින්දාරාම දහම් පාසලේ සිසු දරුවන්ගේ සීල සමාදානයද ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්චා සහ අභයදාන පින්කමක් ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වේ. 28 සහ 30 වන දා විශේෂ බුද්ධ වන්දනා පින්කම් සිදු කෙරේ.


පලමුරේදී දහම් දෙසුමක්

පලමුරේ ශ්‍රී බෝධිමාලකා රාමයේදී මැයි 03 වන දා සවස 6.30 ට කාගම සිරිනන්ද හිමියන්ගේ විශේෂ ධර්ම දේශනයක් පැවැත්වේ. මායින්තොලුවේ ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාවේ සහ මෛත්‍රී පුෂ්ප කුමාර ඇතුළු පලමුරේ තරුණ කැලගේ සංවිධානයෙන් එම පින්කම පැවැත්වේ.


මාස්මුල්ල

කඹුරුපිටිය උල්ලල මාස්මුල්ල ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමයේ වෙසක් පොහොය නිමිති කරගෙන මේ මස 23 වැනි දින සිට වෙසක් සතිය පුරා සවස 6.00 ට සත් බුදු වන්දනාමය පින්කම් මාලාවක් පැවැත්වේ.

විහාරාධිපති, විශ්‍රාමලත් පරිවෙනාධිපති පණ්ඩිත මාපලානේ ඤාණධජ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාව පැවැත්වේ.


නවකෙළගමුව පුරාණ විහාරයේදී පින්කම්

වැව්ඩත්ත නවකෙළගමුව පුරාණ විහාරස්ථානයේදී 127 වන වරටත් වෙසක් පුණ්‍ය මහෝත්සවය ඉකුත් 22 වනදා ආරම්භ කළ අතර මැයි මස 01 වනදා දක්වා එම පින්කම් මාලාව සිදු කෙරේ. තමාඩුවේ සරණතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන සම්බුද්ධ පූජා, ආලෝක පූජා ,ආශිර්වාදා පූජා, පිරිත්දේශනා, සඟ සතු දානමය පින්කම් , ධර්ම දේශනා, සීල භාවනා පින්කම්, ධාතු ප්‍රදර්ශන මල්පෙරහර ආදිය ඊට ඇතුළත් වන අතර 30 වනදා රාත්‍රී මහ පෙරහර සිදු කෙරේ.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]