UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ලෝ සත සසරින් එතෙර කළ සේක

වෙසක් පොහෝදා ධර්ම දේශනය “දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්දිමා සන්නද්ධො ඛත්තියො තපති ඣායි තපති බ්‍රාහ්මණො අථ සබ්බ මහොරත්තිං බුද්ධො තපති තෙජසා” “සූර්යයා දහවල් කාලයේ දිලිසෙයි. සඳ රාත්‍රියේ දිලිසෙයි. රජ තෙමේ සිවුරඟ සේනාවෙන් හා ආභරණයන්ගෙන් සමන්විතව දිලිසෙයි. පව් බැහැර කළ බමුණු තෙමේ (රහතන් වහන්සේ) ධ්‍යානයට සමවැදීමෙන් දිළිසෙයි. නැවත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දිවා රාත්‍රි දෙකේ දී ම බුද්ධ තේජසින් දිළිසෙයි. ” ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ බ්‍රාහ්මණ වර්ගයට අයත් ඉහත ගාථා ධර්මයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ තේජස මෙන්ම බුදුරජාණන් වහන්සේගේ තේජස පිළිබඳ ආනන්ද හිමියන්ට බුදුරදුන් දේශනා කළ ධර්මයෙහි අඩංගු වී ඇත. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් මුළුල්ලේ දස පාරමිතාවන් සමතිස් ආකාරයෙන් පූරණය කොට ලුම්බිනි සල් උයනේ දී සිද්ධාර්ථ ගෞතම වශයෙන් උප්පත්තිය ලැබීමත්, ගිහිගෙයි ඇති දුක් කරදර බාධක සියල්ල අවබෝධකොට මහාභිණිෂ්ක්‍රමණය කොට සය අවුරුද්දක් මුළුල්ලේ අපරිමිත දුෂ්කර ක්‍රියා කොට තණ්හා රතී, රගා යන මාර දූවරුන් හා දස මාර සේනාව පරාජය කරමින් ඇසතු බෝ රුක් මුල දී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේත්, පන්සාළිස් වසක් මුළුල්ලේ සකල ලෝක සත්ත්වයා සංසාරයේ භයංකර බවින් මිඳවීම සඳහා අසූහාරදහසක් වූ ධර්මස්ඛන්ධයන් දේශනා කොට කුසිනාරා නුවර උපවත්තන නම් වූ සල් උයනේ දී පිරිනිවන් පා වදාළේත් අද වැනි උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනක දී ය.

ඉතිරිය»

 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]