UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දානය පතා බුදුසරණ

ධර්ම දානය පතා බුදුසරණ

බිංගිරියේදී බුදුසරණ 5000 ක් ධර්මදානයට

මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ඓතිහාසික බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී වෙසක් පොහොය දින සිල් සමාදන් වන උවසු උවැසියන් 5000 ක් සඳහා ධර්ම දානය පිණිස බුදුසරණ පිටපත් 5000 ක් පූජා කිරීමේ පින්කමක් සිදු කිරීමට ලේක්හවුස් ආයතනය බිංගිරිය අලෙවි නියෝජිත මිල්ටන් දොඩන්ගොඩ ආරච්චි මහතා කටයුතු යොදා ඇත.


කැකිරාව ලේක්හවුස් අලෙවි නියෝජිතගෙන් පිටපත් 1000 ක්

කැකිරාව පුවත්පත් අලෙවි නියෝජිත, සංජීව ෆාමසි සහ පොත්හල අධිපති සාම විනිසුරු, දේශබන්දු කේ.එච්.වීරසිංහ මහතා සහ එම මහත්මිය විසින් කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන රාශියක දී බුදුසරණ පත්‍ර 1000 ක් ධර්ම දානය පිණිස එම විහාරස්ථානවල පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් වෙත පිරිනමනු ලැබේ. 34 වන වරටත්, මෙම ධර්ම දානමය පින්කම වෙසක් පුර පසළොස්වක පොහෝ දින මලව, ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරය, කැකිරාව ශ්‍රී බෝධිරාජාරාමය, කිනිහිරිකන්ද, රජමහා විහාරය, මල්දෙණිපුර මෙත්තාරාමය, මල්දෙණිපුර විසුද්ධාරාමය , මහකැකිරාව ශ්‍රී බෝධිමළු විහාරය, තිබ්බටුවැව බෝධිරුක්ඛාරාම විහාරය, කොටාගල පියංගලු රජමහා විහාරය, නාමල්පුර විසුද්ධාරාම ටැම්පිට විහාරය සේනපුර අලුවිහාරේගම ශී‍්‍ර වන සිංහාරාමය ශ්‍රී සුමංගලාරාමය සූරියගම යන විහාරස්ථානයන්හි දී සිදු කෙරේ.


හොරේතුඩුවේ දී ධර්ම දානයට ‘බුදුසරණ’

වෙසක් පුන් පොහෝ දින කෙසෙල්වත්ත, හොරේතුඩුවේ ශ්‍රී විමල කීර්තියාරාමයේ පෙහෙවස් සමාදන් වී සිටින උපාසක උපාසිකාවන් වෙත 5 වෙනි වරටත් ‘බුදුසරණ’ පත්‍ර බෙදාදීමක් එදින පෙරවරුවේ දී සිදු කෙරේ. ධර්ම දානය පිණිස මෙම ‘බුදුසරණ’ පත්‍ර බෙදාදෙනු ලබන්නේ හොරේතුඩුවේ සිරිමතිය පාරේ පදිංචි දීපිකා වික්‍රමසිංහ මහත්මිය විසිනි.


යසිඳු ශ්‍රී කවීෂ් මශින්තට පින් පතා බුදුසරණ පිරිනැමීමක්

ගොනාමුල්ල, හියාරේ දෙහිගහහේන පදිංචිව සිටි යසිඳු ශි‍්‍ර කවීෂ් මශින්ත වයස (අවුරුදු 17) 2017 නොවැම්බර් 30 වනදා පරලොව සැපත්වීම නිමිත්තෙන් කිසිදා අකල් මරණයකට පත්නොවේවා යි පතමින් දයාබර මව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් විසින් මෙම වෙසක් පෝදා ධර්ම දානය පතා බුදුසරණ පිටපත් 500 බෙදා දෙනු ලැබේ


බුදුසරණ පත්‍ර බෙදාදීම ඇල්පිටියේ දී

බුදුසරණ පත්‍ර 500 ක් බෙදාදීමේ පින්කමක් ඇල්පිටිය ඉඹුලපිටිය සමූහ ව්‍යාපාරයේ අධිපති පි‍්‍රයන්ත හොරවලවිතාන මහතා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ප්‍රධානත්වයෙන් තම නැසීගිය පියාණන් වන ජිනදාස හොරවලවිතාන මහතා හා මිය ගිය ඤාතීන්ට පින් පතා පුරා 30 වසරක් කරගෙන යනු ලබන බුදුසරණ ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවලදී උවසු උවැසියන් හට බෙදාදීම මෙවර ද සිදුකෙරේ.


බඹරවත්ත

ගාල්ල, බඹරවාන, 2 කණුව පදිංචි සමරසිංහ ලියනගමගේ එච්.ජී.නිරෝෂා ඉඳුනිල් ඇතුලු පවුලේ සියලු දෙනා විසින් මෙම වෙසක් පොහොය දින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් සඳහා ධර්මදානය පිණිස බුදුසරණ පුවත්පතේ පිටපත් පිරිනමනු ලැබේ.

තම මියගිය එච්.ජී.බන්දුවතී මෑණියන් හා චන්ද්‍රා ලියනගමගේ සහෝදරිය හා පියාද ඇතුලු සියලු ඥාතීන්ට පින් පිණිසත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත්, පවුලේ දියුණුව සඳහාත්, ලෝවැසියාට පින් පිණිසත් මෙවරත් බුදුසරණ පුවත්පත බෙදා දීම මෙම වෙසක් පොහොය දින 27 වන වසරටත් සිදු කෙරේ.


සීනිගොඩ දී සහ කතරගම කිරිවෙහෙර අසල දී බුදුසරණ 1000 ක් ධර්ම දානයට

සීනිගොඩ මව්පිය පූජා උපහාර –අටවිසි බුදු මැදුර වැඳ පුදා ගැනීම පිණිස වෙසක් සතිය තුළ පැමිණෙන සෑම දෙනාට ම බුදුසරණ වෙසක් පත්‍රය බැගින් පුජා කිරීමට සහ කතරගම කිරිවෙහෙර්දී සිල්වතුන් වෙත වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජාකිරීමට වතුගෙදර, සීනිගොඩ අංක 10 ශ්‍රී ශාන්ති සුවසරණි පදිංචි මව්පිය පුජා උපහාර අටවිසි බදු මැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා කටයුතු සලසා ඇති අතර මෙවර පවත්වනුයේ 30 වැනි වර්ෂ පූර්ණ බුදුසරණ පත්‍ර පූජාවයි. ඉන් අත්වන සියලු පින් 1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී මිය ගිය මෑණියන් වන ඇස්.කේ.රැන්සි නෝනාට සහ පියාණන් වන 1964.12.14 මිය ගිය පී.ජී.චාර්ලිස් ද සිල්වා සහ 1992.04.19 මිය ගිය විදුහල්පති පී.ජී.ද සිල්වා ලොකු අයියා සහ කුරුණෑගල ගොකරැල්ලේ කදුලව පාර, පදිංචි කේ.ඒ.ඒ. තුෂාර සම්පත් ජයපාල, මහතාගේ පියාණන්ටත් ( ගුරුතුමා) ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදනා කෙරේ.


කුරුඳුගහහැතැප්ම

කුරුඳුගහහැතැප්ම පතිරාජ සෙවනගම ශ්‍රී සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානයේ දි පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන්ට වෙසක් පොහෝදින ‘බුදුසරණ’ පුවත්පත් ධර්ම දානය වශයෙන් බෙදාදීමට කටයුතු යොදා ඇත.

කුරුඳුගහහැතැප්ම සෝමදාස නානායක්කාර මහතා විසින් පරලොවසැපත් දෙමව්පියන් වන එන්.එන්. ඩබ්.ජී පියසේන මහතා සහ එම්.එම්. විතානාච්චි මහත්මියට පින් පිණිස විසිවන වරටත් එම පින්කම සිදුකරනු ලබයි.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]