UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කඩුවෙල කොරතොට අංක 407/2 පදිංචි ආර්.එම්.ගුණපාල මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඔහුට ඉක්මනින් ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලින්ගේ සහාය ඉල්ලා සිටිති. දුරකථක අංක 0703056658 ,071-4130492 කඩුවෙල මහජන බැංකුවේ ගිණුම් අංකය 196-2-001-4-0027139 වේ.

***

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කන්තලේ අග්බෝපුර පදිංචි එච්.පී. එම්.එම්.කේ කරුණාරත්න යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් ඉතා ඉක්මනින් ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

ඒ සඳහා පරිත්‍යාගශීලි අයෙකු සිටීනම් යුනිට් -19 අංක 16- අග්බෝපුර කන්තලේ ලිපිනයට හෝ 0714778292 යන දුරකථන අංකයට දන්වන මෙන් ඉල්ලීමක් කෙරේ.

ගම්පහ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙම්මුල්ල ග්‍රාමයෙහි පදිංචි වයස අවුරුදු 39 වන පී.ඒ.පී. රත්නගේ මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. ඇය දැනට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ පිහිට පතයි. දුරකථන අංක 077 9768494, 071 1286616 වේ.

***

හෝමාගම මාලපැල්ල, වෑකඩ පාරේ, අංක 37/12 බී, ලිපිනයේ පදිංචි ජී.වී.පී. සරල අමරසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය 12 වියැති එකම දියණිය සහ බිරිඳ බලාපොරොත්තුවේ. පරිත්‍යාගශීලීන් කරුණාකර 0771 061 590 දුරකතන අංකයට ඇමතුමක් හෝ එස්.එම්.එස්. පණිවුඩයක් යොමු කරන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

වාද්දුව, මොල්ලිගොඩ ග්‍රාමසංවර්ධන පාරේ 81/ බී දරන නිවසේ පදිංචි යූ.සජිත් මදුෂාන් සිල්වා (අවු. 26 ) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඒ සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි. ඊට විශාල මුදලක් වැයවන බැවින් ආධාර බලාපොරොත්තු වේ. ඒ පොසිටිව් ලේ වර්ගය ඇති පරිත්‍යාගශීලී පින්වතුන් සිටීනම් 078 8337757 දුරකථනයට අමතන ලෙසද ඉල්ලා සිටියි.

***

රාගම පදිංචි, අවුරුදු 22 ක් වයසැති එල්.එච්. කෞෂල්‍යා ප්‍රනාන්දු නමැති ශිෂ්‍යාව දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඒ සඳහා ඒ හෝ ඕ කාණ්ඩයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙක් වෙතොත් 071 4209096, 071 1555765 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

කාලයක පටන් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන විශ්‍රාමික ගුරුවරියක් සඳහා “ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අලුතෙන් බද්ධ කිරීමට අවශ්‍ය බව අදාළ වෛද්‍යවරයා දන්වා ඇති බව කියයි.

එවැනි වර්ගයක වකුගඩුවක් හිමි පරිත්‍යාගශීලියෙකුගෙන් දානමය පරිත්‍යාගයක් අපේක්ෂා කෙරේ. පරිත්‍යාගශීලීන් පහත දුරකථන අංකයට 0714 313839 ට හෝ 0711637463 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]