UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ


දුවේ පුතේ, ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය හැකි ය.


බුදු සමිඳු දැක ගනිමු

ුදුරුවෝ මුළු ලෝකයේ ම සියලු දෙනා උදෙසා දුෂ්කරක්‍රියා කොට සියල්ල අවබෝධ කර ගෙන නිවනට යන මඟ කියා දුන්හ. උන්වහන්සේගේ තෙමඟුල සිදු වූ දවස ලෙස වෙසක් පෝය දිනය සමරමු. කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේ ඉපිද, බුද්ධගයාවේ ජය සිරිමා බෝ සෙවණේ උතුම් බුද්ධත්වයට පත්ව මල්ලරජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පිරිණිවුණි. බුදුහිමි දෙසූ මඟ අපි ගමන් කරමු.


තෙමඟුල සමරමු

කාලය දීපය දේශය කුලය සොයා
මෑණියන් සොයා පස්මහ බැලුම් බලා
සම්බුදුවන්නට මේ ලොව ජනිත වෙමි කියා
ලුම්බිණි සල් උයනේ දී කුමරු ඉපදුණා

ගිහි ගෙයි කුමරු දිනක් උයන් කෙළි ගියා
සතර පෙර නිමිති දැක සිත දැවී ගියා
සම්බුදුවන්නට පෙරමඟ තබමි යැයි කියා
දස මරසෙන් පරදා බුද්ධත්වයට පත් වුණා

දම් දෙසමින් ලෝ සතවෙත පා කරුණා
දමනය කළ නො හැකි යකුන් දමනය කළා
බුදු දහමේ හරය අපට පෙන්වමින් එදා
සම්බුදු හිමි උපවර්තන සල් උයනෙ දී පිරි නිවුුණා


වස්තුව එපා මොක් සුව ඇති පියාණෙනි

මගෙ බුදු පියාණෙනි ඔබෙ රුව සිතෙහි දරා
නරසිහ ගාථා විලසින් තුන් ලොව පතුරා
ගී පද ඇමිණුවා අම්මා යසෝදරා
මුමුණනවා ඇසුනි ගී පද හඬ පතුරා

වෙසතුරු සිරිතෙ ජාලිය මම පියාණෙ නි
සිදුහත් සිරිතෙ රාහුල ම ය පියාණෙ නි
පාරමිතා සඵලයි ඔබෙ පියාණෙ නි
වස්තුව එපා මොක්සුව ඇති පියාණෙ නි


මහා කාරුණිකයාණෝ

ලොවේ සැමට කරුණා හද පෙන්වාලා
දසු සේක දහම් සතුනට අනුකම්පා කරලා
ඒ දහමින් ලොව ජයගෙන පහන් වෙලා
සසරින් මිදුණේය බොහෝ දෙන රහත් වෙලා

බුදු සමිඳුගේ කරුණා ගුණ සිතන විට
මා සිත මැවෙන්නේ බුදු සමිඳුගේ රුවය
මුළු ලොව පුබුදුවා ඒ අම රස බෙදමින්න
බුදු කෘත නිම කළේ අප මහා මුනිදුන්ය


අපේ පන්සල

අපේ පන්සල කතරගම රජමාවතේ කඳසුරිඳුගම ශ්‍රී බෝධිරාජ විහාරය යි. එය ඉදිවුණේ 1997 වර්ෂයේ කිරින්දේ රතනාලංකාර හිමිපාණන්ගේ දැඩි කැපවීමෙනි. රජමාවතට නැගෙනහිරින් ‘දෙටගමුව වැව‘ සුන්දර ජලාශය ද, බටහිරින් ඇති ඉතා පැරණි බෝධි වෘක්ෂයක් කේන්ද්‍ර කොට ගනිමින් ද වන්දනාමාන කිරීමට සුදුසු පරිසරයක් සකස් කර එම පූජනීය ස්ථානයේ ආරම්භය සිදු විය. අද වන විට සියලු විහාරාංගයන්ගෙන් සමන්විත වූ, ඉතා දැකුම්කළු පූජනීය ස්ථානයක් බවට පත්ව තිබේ. කතරගම පූජා භූමියට නුදුරින් පිහිටා ඇති අපේ පන්සලේ නොමිලේ පවත්වාගෙන යන සුරිඳු අධ්‍යාපන හා සංස්කෘතික පදනම නමින් හා මලලසේකර ළමා සම්පත් මධ්‍යස්ථානය නමින් ස්වේච්ඡා සංවිධාන දෙකක් ද ඇත. මේ සියලු කටයුතු විහාරාධිපති කිරින්දේ රතනාලංකාර හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් හා අධීක්ෂණයෙන් පවත්වාගෙන යති. උන්වහන්සේට නමස්කාර පූර්වකව අපගේ ගෞරවාදර ප්‍රණාමය පුදකර සිටිමු.

අපේ පන්සල දිනෙන් දින දිනේවා!


වඳිමු බුදුහිමි

සිදුහත් බෝසතාණෝ මෙලොවට බිහි වුණා
කෙලෙස් නසා වෙසෙඟේ බුදු බව ලැබුවා
සැමට යහපත සදන්නට නිති කැප වූවා
බුදු සමිඳුන් පිරිනිවෙන දින උදා වුණා

ඉඳුරන් දමනය කළ හැකි බව දෙසුව රදුන්
කරුණා දහම් ගුණයෙන් සිත නිවන උතුම්
තෙල් මල් රැගෙන බුදු හිමියන් නැමද උදෙන්
යහගුණ පුරමු මෙත් කරුණා පිරිණු සිතින්

දුක් විඳිනුන්ට දුක නසනා මග පෙන් වා
සැමදා දහම් එළියෙන් ලොව එළිය කළා
බුදුහිමි සිහිකර වෙසඟේ මල් පහන් පුදා
සිරිපතුල නමදිමු වෙසඟේ මේ පොහෝදා


වෙසක් අසිරිය

වෙසක් සඳේ සඳ කිරණින් එළිය විහිදුණා
පින්බර වෙසඟේ සිදුහත් කුමරු ඉපදුණා
මුළු දෙරණේ වෙසක් සිරිය දසත පැතිරුණා
සැම දෙනාගේ සිත් මෙත් කරුණාව පැතිරුණා

ගෞතම බුදු සමිඳාණෝ නිතර සිහි කරන්
අකාලිකය ඒ දම් ගොස වඳිමු හද බැතින්
දස අත විහිදුන බුදු කරුණා අමා සුවෙන්
සරණ ලැබ ගනිමු අප මෙත් සිත පෙරටු කරන්


පැන විසඳුම්

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු කෙටියෙන් ලියා බුදුසරණ වෙත එවන්න. නිවැරැදිව එවන පිළිතුරු තෝරා ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය ද නිවැරැදිව ලියා එවන්න. ජයග්‍රාහකයන්ගේ නම් මැයි මස පුර අටවක පෝදා පත්‍රයෙහි පළ වේ.

1.) බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සැදැහැවතුන් විසින් සියැසින් දැක වැඳ පුදා පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතර නම් කරන්න?

2.) දෙ වදෑරුම් බුද්ධ පූජාව කුමක් ද?

3.) අනුරපුරයේ උඩමළුවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳව කෙටි සටහනක් කරන්න?


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]