UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 05.25 – 06.00 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.00 – 7.00 උදෑසන බුද්ධ පූජාව, 08.00 – 09.00 ගුවන්විදුලි ධර්මදේශනාව කොලොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද හිමි, 09.00 – 10.00 ගුවන් විදුලි ධර්ම සාකච්ඡාව, 10.00 – 11.00 දිවා බුද්ධ පුජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී විචිත්‍රභාණක ගොඩපල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 02.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 – 04.00 පිරිත් දේශනය මහ සඟරුවන සමග පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 04.00 – 05.00 ගුවන් විදුලි ධර්ම දේශනාව කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 5.00 – 06.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 06.30 – 07.00 ගුවන් විදුලි ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ඇටම්පිටියේ හේමවංශ හිමි, 07.00 – 08.00 සන්ධ්‍යා ධර්මදේශනාව අරංගල ශෛලාරාමාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි, 09.30 සිට පසුදා පහන් වනතුරු සර්ව රාත්‍රික ගුවන් විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, වතුලිද්දේ රතනසීහ හිමි, 08.00 – 09.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 09.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත බ්‍රාහ්මණගම මුදිත හිමි, 11.00 -11.15 බුද්ධ පූජාව නාවලපිටියේ උදිත හිමි, වල්ගම වජිරධම්ම හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 12.45 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, අතුරුගිරියේ සුධීර හිමි, 12.45 – 01.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 01.45 – 02.45 ධර්ම දේශනාව දර්ශනපති පණ්ඩිත වටගෙදර විමලබුද්ධි අනු නා හිමි, 02.45 – 03.45 ධර්ම දේශනාව, 4.00 – 05.00 ධර්ම දේශනාව ලුම්බිණි විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත දිවිතුරේ සමන්ත හිමි, 05.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.


බොරැල්ලේ ගෝතමී පුරාණ විහාරස්ථානය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථානයේ නවම් පුර පොහෝදා සීල සමාදාන පින්කම විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෙරවරු 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනා වැඩසටහන මෙහෙයවීම පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම, හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව පෙරවරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මිය, 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි, 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩුමුල්ලේ සරණපාල හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය.


හුණුපිටිය ශි‍්‍ර විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි නවම් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, ලෝලුගස්වැවැ සුමනවංස යන හිමිවරුන් ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාව ද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.


ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ නවම් පුන් පොහොදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 31 දින පෙරවරු 6.00 සිට පස්වරු. 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මෙම මස පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කුඩාපැලගමුවේ ඥානසිරි හිමියන් විසින් සංවිධානය කරනු ලබති. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 06.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශාධිපති කඩවත්ගම පියරතන නාහිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය ප්‍රවීණ දේශක ආචාර්ය රවීන්ද්‍ර මුදලිගේ මහතා 10.30 බුද්ධ පූජාව, දහවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි. පස්වරු 01.00 ධර්ම දේශනාව මහාවිහාර පරිවේනාධිපති ආචාර්ය වැල්ලගිරියේ සීලසුමන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය ආචාර්ය වැල්ලගිරියේ සීලසුමන හිමි, ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 04.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.


කළුතර බෝධිය

කළුතර බෝධිභාරකාර මණ්ඩලය විසින් කළුතර බෝධි පරිශ්‍රයේ දී පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය. පෝදා පෙරවරු 06.15 – 07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම. පනාපිටියේ විජිතනන්ද හිමි, 07.30 – 09.45 ධර්ම දේශනාව තපෝවනයේ සුමේධ හිමි, 10.00 – 11.30 ධර්ම දේශනාව, කිතලගම නන්දසාර හිමි, පස්වරු 01.00 – 02.45 ධර්ම දේශනාව පරෙයිගම චන්ද්‍රාලෝක හිමි, 03.00 – 04.15 ධර්ම දේශනාව තීනියාවල ඤාණින්ද හිමි, 04.30 – 06.00 ධර්ම දේශනාව කොබවක ධම්මසීවලි හිමි.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පුජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 8.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, 8.30 – 09.30 ධර්මානුශාසනාව සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 9.30 - - 11.00 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් වජිරාරාමාධිකාරී හා සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්ෂ කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව සූරියවැව සෝමානන්ද හිමි, 4.00 – 5.00 ගිහි දේශනය, ආචාර්ය එඩ්වින් ආරියදාස සූරීහු, 05.00 – 06.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 06.00 – 06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 -.7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 08.15 – 10.00 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනය පරපාමල්ලේ සිරිවිමල හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ලේල්වල මංගල හිමි, 4.00 – 5.00 ධර්මදේශනය ශාස්ත්‍රපති සූරියගොඩ සිරිධම්ම නාහිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී පෝදා දවස පුරා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන් ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ . එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල්පහන් , ගිලන්පස, කිරිආහාර, පූජාවන්ද ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ්වර්ණ ශාටකයක් කිරිවෙහෙර චෛත්‍යයට පැළඳවීමේ කංචුක පූජාවක් ද පැවැත්වේ. උදේ ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේදී, පැවැත්වෙන අතර භාවනා වැඩසටහන් චෛත්‍ය මළුවේ දී පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සල ද එම ස්ථානයේදී පැවැත්වේ. සවස මහාසේන සිල්සමිතියේ මල් පෙරහර කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ බෝධින් වහන්සේට මල්,පහන්, ගිලන්පස පුජාකර බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකෙරේ. සවස ධර්මදේශනාව විහාරස්ථ අටවිසි බෝමළුවේ දී සිදුකරනු ලබන අතර පහන් 5000 ක ආලෝක පූජාව කිරිවෙහෙර තුන්වැනි මළුව සමීපයේ දී පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 06.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව මතුගම සන්තසිරි හිමි, 08.00 – 09.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ බෝධිධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය මහාචාර්ය අසංග තිලකරත්න මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව සියඹලාපිටියේ බුද්ධරක්ඛිත තිස්ස හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 06.00 – 06.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධම්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක ‘ශාසන කීර්ති ශ්‍රී’ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන සිදු කෙරේ. අලුයම 05.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර ද, 06.30 - 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.00 – 8.30 ධර්ම දේශනය වැලිමඩ ඤාණරතන හිමි, 8.45 – 09.15 ධර්ම දේශනය ඌරුබොක්කේ ඤාණසුබෝධ හිමි, 9.45 – 10.45 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.30 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.30 – 3.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 3.15 – 4.00 ජාතක කතා දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 4.00 – 5.00 ‘මහාසමය සූත්‍ර දේශනය’ සහිත පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 – 7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාවසහ පුණ්‍යානුමෝදනාව, දම්පහළ ඤාණරතන නාහිමි. බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය, ඔක්කම්පිටිය, බුරුතගොල්ල, පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.


කඩවත සමාධි මැදුරේ පෝදා පින්කම්

පෙරවරු 06.30 – 7.30 සීල සමාදානය හා වන්දනා, 8.00 – 11.00 භාවනා වැඩසටහන පයාගල නන්ද හිමි, 12.30 – 1.00 දායක සභා රැස්වීම, 1.00 – 4.00 ධර්ම සාකච්ඡාව (නිකපොත සුමිත්ත හිමි) මජ්ක්‍ධිම නිකාය ඇසුරෙනි. 4.15 – 05.15 ධර්ම දේශනාව ශාන්තිදේව හිමි, 05.15 – 6.00 බුද්ධ පූජා බෝධි පූජා හා සෙත් පිරිත් පුණ්‍යානුමෝදනාව, සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 09.00 – 11.30 භාවනා වැඩසටහන මාසයේ අන්තිම ඉරුදින පස්වරු 6.30 – 8.00 විශේෂ භාවනා පුහුණුව


අනුරාධපුර සදහම් සෙවණ පෝදා පින්කම්

අනුරාධපුර සදහම් සෙවණ නවම් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ. ඊට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා සහ දහම් පොත් බෙදා දෙනු ලැබේ.

නවම් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 දක්වා පැවැත්වේ. වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]