UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සිරිලක අරහත් පුදබිම්:

පොල්ගහවෙල පුහුරිය ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය

නීල හරිත ගහ කොළ පිරිවරාගත්, නේක පැහැයෙන් හැඩවුණු සුගන්ධවත් මල්ගොමුවලින් වට වූ, හාත්පස මියුරු කුරුලු කූජනයන්ගෙන් සුසැදි කුඩා කඳු ගැටයක, ශාන්ත පරිසරයක විරාජමානව සිටින පුහුරිය ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය, ඇස ගැටෙන කාගේ වුව නෙත් සිත් නිවා සනහාලන ඓතිහාසික පුණ්‍ය භූමියකි. දුටු වනම ඓතිහාසික මිහින්තලා පුදබිම සිහිගන්වන දර්ශනයකි. ජනප්‍රවාදයෙහි එන ලෙස ලක්දිව අවසන් වරට වැඩ සිටියා යැයි පිළිගන්නා මලියදේව රහතන් වහන්සේට භාවනානුයෝගී වන්නට, කෙලෙස් මුල් සිඳ දමා උතුම් අරහත් බව ලබන්නට සෙවන ලබ දී ඇත්තේ මේ පින් බිම ය. ඒ පිළිබඳව ගෙතී ඇති කතා පුවත දිගු ය. අරහත් බව ලබන්නට පෙර මලියදේව හාමුදුරුවෝ වැඩ සිටියේ වට්ටාරාම ප්‍රදේශයේ ය. නිශ්කලංක වටාපිටාවක ඇසුර අගය කළ ද, එම ප්‍රදේශයේ නිරන්තරයෙන් ජනතාව ගැවසුණි. වැඳුම් පිදුම් කිරීමට බොහෝ පිරිස් පැමිණුනි. ප්‍රධාන කරත්ත මාර්ගය එහි පිහිටා තිබීම ද උන්වහන්සේගේ බණ භාවනාවන්ට බාධාකාරී විය. ඒ කලබලකාරි පරිසරයෙන් මිදී විවේකී තැනක් සොයා උන්වහන්සේ ලෙන්දරමුල්ලට වැඩම කරන්නේ ඒ අනුව ය.

ඉතිරිය»

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]