UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මහනුවර කුණ්ඩසාලේ අංක 19 ටෙරස් ගාඩ්න්හි පදිංචි එච්.එච්. චන්ද්‍රරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පවසති. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු වෙතොත් 081 – 2420980, 0770256255 දුරකථන අංක වලට ද දැනුම් දෙන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.

තිලක් පුෂ්ප කුමාර


අසාධ්‍ය තත්වයෙන් පෙළෙන අවුරුදු දහය ( 10) පිරිමි දරුවෙකුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙතොත් පහත දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

සාන්ත ප්‍රැන්සිස්

077-8646222,0777-606284,0766-922725


ගාල්ලේ හපුගල පදිංචි රත්නා ගුරුසිංහ නමැත්තිය නව දෙනෙකුගෙන් යුත් පවුලක අටවෙනියා බවත්, මව්පියන් ජීවතුන් අතර නැති බවත් අවුරුදු 20 ක් පමණ වන විට ඇස් පෙනීම අඩු වු බව කියයි. ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ උසස් පෙළ දක්වා ඉගෙන ගත් බව ද වම් ඇස තෙවරක් බද්ධ කිරිමට සිදුවූ බව ද ඇය කියයි. ඇස් දෙක පෙනීම දුර්වල බවත් දැනට සොයුරු සොයුරියන් හත් දෙනෙක්ම ජීවතුන් අතර නැති බවත් කියයි.

දැනට පදිංචිව සිටින්නේ කළුතර ප්‍රදේශයේ පදිංචි සොයුරිය ළඟ බැවින් ඇයට ද ස්ථිර රැකියාවක් නැති බවත් කියයි.

076-880411විස්තර දැනගත හැකිවේ.

ගිණුම් අංකය –511-30-120409-2
(ජාතික ඉතිරිකිරීමේ බැංකුව)


නොම්මර 112, වෑබඩ නැගෙනහිර, වෑබඩ පදිංචි විවාහක එක් දරු පියෙකු වන ජී. ඩබ්. බී. යටිවැල්ල මහතා වකුගඩු ආබාධයක් නිසා දැඩි රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටියි. ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඕ හෝ බී වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව තිබේ. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කර අපරිමිත කුසල් හිමිවන මේ මහා පුණ්‍ය කර්මයට දායක වන ලෙස පින් කැමති ඔබට ආරාධනා කෙරේ. වැඩි විස්තර 0788695510 දුරකතන අංකයෙන් විමසිය හැකි අතර ලංකා බැංකුවේ දෙල්ගොඩ ශාඛාවේ ඇති 5614027 ගිණුම් අංකයට මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකළ හැකි බව ද කියයි.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]