UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු වර්ණනා කථා : පින් ඇති දෙව්දුව (උත්තරා විමානය)

විමාන වත්ථු වර්ණනා කථා

පින් ඇති දෙව්දුව (උත්තරා විමානය)

මුගලන් මහරහතන් වහන්සේ දිනක් දෙව්ලොව චාරිකාවේ වැඩි සේක. ඉතාමත් සුරූපි දෙව්දුවක් දුටු උන්වහන්සේ මෙසේ විමසූහ.

” පින්වත් දෙව්දුව, මනා රූපයෙන් යුතු ඔබ සියලු දිසා බබළුවන්නී ය. ඕසධී තරුව සේ සිටින්නී ය. කවර හේතුවකින් ඔබගේ පුණ්‍ය සම්පත් සමෘද්ධ වෙමින් මේ මන වඩන (සිතන සිතන) සම්පත් ඔබට ලැබුණේ ද? මිනිස් ලොව සිටිය දී කවර නම් පිනක් ඔබ විසින් කරනු ලැබුවා ද? මුගලන් තෙරුන් වහන්සේ කළ විමසීමට සතුටු සිත් ඇති වූ ඒ දෙව්දුවමේ දිව්‍ය සම්පත් කවර කුසල කර්මයක අනුසස් දැයි මෙසේ ප්‍රකාශ කළා ය.

දේවතාවිය – පින්වත් ස්වාමීන් වහන්ස, පෙර දා, මම මනුලොව ගිහිගෙයි වාසය කළෙමි. නිති පඤ්ච ශීලය රකිමින් පොහෝ දිනයන් හි අෂ්ඨාංග උපෝසථය සමාදන් වීමි. මසුරු බවක්, ඊර්ෂ්‍යාවක්, එකට එක කිරීමක් හෝ කිසිවකුට ක්‍රෝධ නො කරන්නියක් වීමි. කයින්, වචනයෙන් හා ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සැමියාගේ අදහස් අනුව ජීවත් වෙමින් මාගේ ගෙයි වාසය කළෙමි.

ආර්යය සත්‍ය දැන ගැනීමෙහි සිත් ඇත්තී ව පසැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක් වීමි.

මහත් අනුභාව ඇති ස්වාමීන් වහන්ස, මෙසේ සමෘද්ධි – මන වඩන සම්පත් ලැබීමට මිනිස් දුවක් ව සිටිය දී යම් පිනක් කළෙම් ද එය ඔබට මෙසේ කියමි.

තව ද ස්වාමීන් වහන්ස, එදා උත්තරා නම් වූ ඒ උපාසිකාව වන මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද දැනුදු වඳිමි. මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද (මනුලොවට ආපසු ගියවිට) වැන්ද බව කියනු මැන ස්වාමීනි, එහි දී බුදුරජාණන් වහන්සේ මට යම් මාර්ග ඵලයක් ලැබුණේ යයි ප්‍රකාශ කරන සේක් නම් එය පුදුමයක් නො වේ. මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මා සකෘදාගාමි ඵලයෙහි (සසර නැවැත එක් වරක් පමණක් උපදින සහතිකය) ලා ප්‍රකාශ කළ සේක.

සෘද්ධියෙන් අග්‍ර මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොව කළ සංචාරයේ දී මන වඩන සම්පත් ලබන සියලු දිගින් බබළන සිරුර ඇති එක් විශේෂ දෙව්දුවක් දැක අසන ලද ප්‍රශ්නයකට පිළිතුර ඉහත දැක්වුණි.

එම දේවතාවිය දේවාත්මයට පෙර මනුලොව සිටියදී කළ පුණ්‍ය කර්මයන් දැක්වෙන අට්ඨ කතාව අටවක පෝදා 07 පත්‍රයෙහි පළ වේ.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]