UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා පුද බිම

සිරිපා පුද බිම

සාළොස් මහ පුද බිමින් දිදුලන ලක් මවගෙ රූ සිරි මනා
මුහුල විලසින් නමින් සමනළ සිරස නිති එහි බැබළෙනා
සමන් සුරිඳුන් වෙතින් ඇරයුම් ලදින් අප මුණි වඩිමිනා
බඹ සුරන් පුද උතුම් සිරිපා කමල එහි තබමිනා

පා කමල් තැබු තැන් පටන් සිරිලක් දනන් එහි පැමිණෙනා
නෙක් පිදුම් කරමින් තමන් හිස් බැති සිතින් එහි තබමිනා
හිරු රදුන් නිතැතින් ම උදැහැන සිඳු තුළින් විත් නමදිනා
සමන් දෙවිඳුන් බැතින් අදරින් උතුම් පුදබිම රකිමිනා

නෙක් දනන් බැතියෙන් රැගෙන යන මලින් සුවඳින් පුද දෙනා
තමන් පැතුමන් ඉටුවෙමින් සැප සතුට ලැබුමට පතමිනා
මුල් ගමන් යන කෝඩුකරුවන් නවමු පිළිවෙත් කරමිනා
මෙවන් පුදබිම් ලොවෙහි දුලබය ගිරි මුදුන්වල වැජඹෙනා

නන් සමය ගත් නමුදු මෙහි එන බැතිමතුන් උන් අදහනා
දෙවිවරුන් පුද ලැබූ බිම් යැයි නෙක මතයන් පවතිනා
මෙකරුනින් මෙය හැම දනන්ගෙ ම පුද බිමක් ලෙස පවතිනා
ලකෙහි පමණක් නොවේ මුළු ලොව මෙවැනි පුද බිම් හිඟවෙනා

 

උඳුවප් පුර පසළොස්වක පෝය 


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදා පූර්ව භාග 00.57 ට ලබයි. එම දා අපර භාග 9.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 3 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 10 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]