UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අසිරිමත් ආගමනයක ආශ්චර්යවත් ප්‍රබෝධය

සුපතිඨිත රට්ඨනුරාධපුරේ -
සමදිට්ඨිත දක්ඛිණ සාඛ භවං
සුභ මේඝවනම්බර මේඝනිභං -
ජය බෝධි මහං පණමාමි වරං

අධිෂ්ඨාන බලයෙන් අනුරාධපුරයෙහි මැනවින් පිහිටියා වූ මේ බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වෙති. මේඝ වනය අහසක් නම්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහි වැහි වලාවක් මෙනි. එසේ වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මම නමස්කාර කරමි. උඳුවප් පුර පසළොස්වක සඳ උදාවෙමින් ජය ශ්‍රී මහා බෝපත් සිප සැනහි, සිසිලස දවටමින් සඳරැස් කැරලි වැලි මළුව මත අදින රූ රටා මනහරය. මනස්කාන්තය. මළුව පුරා විහිදෙන මල් සුවඳ, දුම් සුවඳ ඉමිහිරි ය. ඒ අදය. එහෙත් බුද්ධ වර්ෂ 237 වැන්නේ ඒ අසිරිය ගෙනා කතා පුවත ද අසිරිමත් සිදුවීම් දාමයක මුල පිරීමකි. උඳුවප් මාසය ලක්වැසියන්ට විශේෂිත වූ මාසයකි. කෘෂිකාර්මික ජනතාවක් වූ ඔවුන් තම ආර්ථිකය සරු කරගන්නට මුල පුරන්නේ මේ මාසයේ ය. මෝසම් වැස්සෙන් තම කෙත්වතු සරුසාර කර ගැනීමට හැකිවෙන නිසාවෙන් කැලෑ කපා එළි පෙහෙලි කරගත් නවදැලි හේන්වල නව බෝග ඉසිමින් අතමිට සරුවන ඉසුරුමත් අනාගතයකට මුල බීජ වපුරන්නේ මේ මාසයේ ය. එය සංකේතවත් කරමින් උඳු වපුරන මාසය උඳුවප් මාසය යැයි හඳුන්වන්නට ඇත යැයි සිතිය හැකි ය.

ඉතිරිය»

 

උඳුවප් පුර පසළොස්වක පෝය 


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදා පූර්ව භාග 00.57 ට ලබයි. එම දා අපර භාග 9.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 3 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 10 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]