UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

උසස් අධ්‍යාපනය හදාරන තරුණ ශිෂ්‍යයෙකුගේ ජීවිතය රැක ගැනීම සඳහා ඉතා ඉක්මනින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. ඉගෙනුමෙහි අති දක්ෂයෙකු වන එම තරුණයා වෙත වයස අවුරුදු 35 ට අඩු අයෙකුගෙන් වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාග ශීලියෙකු වේ නම් රෝගී තරුණයාගේ පියා වෙත අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. 077 66 65 365 / 071 40 92 300

***

ගලේවෙල පදිංචි එන්.ආරියරත්න මහතා පාසල් ගුරුවරයකු වූ අතර ඒ මහතාට වැළඳුණු හෘද රෝගයක් නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කුලරත්න මහතා හෘද සැත්කමක් කිරීමට නියම කළ අතර පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර මුණසිංහ මහතා වෙත යොමු කර ඇති බව ආරියරත්න මහතා කියයි. කොළඹ පෞද්ගලික රෝහලක් මගින් එම සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බව දන්වා ඇති බවත් කියයි පරිත්‍යාගශීලීන්ගේ ආධාරය ගලේවෙල මහජන බැංකුවේ ගිණුම් අංක 115 – 2 – 001 – 3 – 5485796 ට ලබා දෙන මෙන් ද ඉල්ලීමක් කෙරේ. දු.අං. – 076 5497403 න් වැඩි විස්තර දැන ගත හැකි ය.

***

දෙවලපොල බලබෝවේ මීගමු පාරේ අංක 51 බී පදිංචි කේ.එච්.එම්.එස්.සී. අබේවික්‍රම මහතා කාලයක සිට මුහුණේ දකුණ පස අස්ථිය ඉදිමීමේ රෝගී තත්ත්වයෙන් පසුවන බව කියයි. මෙයට පෙර ශල්‍යකර්මයක් කළ නමුත් නැවත එය මතුව පවතින බවද කියයි. දැනට හෘද රෝගී තත්ත්වය උඩ ශල්‍යකර්මය කිරීම පමා වන බවද ඒ මහතා කියයි. වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන අතර මේ සඳහා මුදල් වැය කිරීමට අසීරු තත්ත්වයක් පවතින බවද කියයි. ඒ නිසා පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරයි. ආධාර නාරම්මල කොමර්ෂල් බැංකුවේ අංක 8600000331 දරණ ඉතිරි කිරීමේ ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කෙරේ.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]