UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

වනිතා ලොවට ආදර්ශවත් වූ යශෝධරාවෝ

ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨ මහා සම්බුදුවරයෙකුගේ සම්බුද්ධත්වය අධ්‍යාත්මිකව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් පුරා කරන ලද මහඟු පරිත්‍යාගවල , පුහුණු කිරීම්වල , අත්දැකීම්වල, දැනුම් සම්භාරයක මහා ප්‍රතිඵලය යි. එවැනි උතුම් බුද්ධත්වයක් ලබන උතුමෙකුට සංසාරය පුරාම ඒ වෙනුවෙන් දිරිය දෙමින්, වෙහෙස වෙමින්,කැප වෙමින්, ළඟින් සිට දුකසැප බෙදාගනිමින් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සිටියා නම්, ඒ එකම කාන්තාරත්නය යශෝධරාවයි. යශෝධරාවෝ සංසාරය පුරාම උප උපන් හැම භවයකදීම ඒ උතුම් කාර්යභාරය වෙනුවෙන් ගැහැනියක ලෙස ඇප කැපවූ කාන්තාවයි. . බුදුබව පතනා සිදුහත් බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි නියත විවරණ ලබාගත් දවසේ සිටම එම ස්ථානයේ සිටි යමිකිසි කාන්තාවක් විසින් බුදු බව පතනා උතුමන් වෙනුවෙන් සසර පුරා කැපවන බවට කළ අධිෂ්ඨානය ආරම්භය ලෙස සදහන් කළ හැකියි. බුදුවන්නට පාරමී දම් පුරණ උතුªමන්ගේ බිරිඳවන්නට, ඒ වෙනුවෙන් සසරපුරා කැපවන්නට යශෝධරාවන්ද, පාරමී දම් පුරා තිබෙන ආකාරය ජාතක කතා තුළින් පැහැදිලි කරගත හැකියි.

ඉතිරිය»

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]