UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 84:  කුසිනාරාවේ අතීතය සහ මල්ල රජදරුවන් මහා සංවේගයට පත්වීම
බුදුපිළිමයේ උපත - 84: 

කුසිනාරාවේ අතීතය සහ මල්ල රජදරුවන් මහා සංවේගයට පත්වීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ආනන්ද තෙරුන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණය සඳහා චම්පා, ශ්‍රාවස්ති, කොසඹෑ, රාජගෘහ, සාකේත,බරණැස් ආදී ඉතා ප්‍රකට නගර තිබියදී කුඩා නුවරක් තෝරා නොගෙන ඉහත සඳහන් නගරයක පිරිනිවන්පානා සේක්වායි ආයාචනා කළ සේක. ඉන්පසුව ආනන්ද හිමියන්ට දික් සඟියෙහි සඳහන් වන “මහා සුදස්සන සූත්‍රය” බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එම විස්තරය මහාපරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ.

ගන්ධාර සම්ප්‍රදායට අයත් නිර්මාණයකි

මෙසේ වදාළ කල ආනන්ද හාමුදුරුවෝ, හිමියනි භාග්‍යවතුන් වහන්ස, මේ කුඩා දුෂ්කර ශාඛා නගරයේ පිරිනිවන් නොපාන සේක්වා. චම්පා, රජගහ, සාවත්ථි, සාකේත, කෝසම්බි, බාරාණාසී බඳු වෙනත් මහා නගර ඇත. එබඳු නගරයක පිරිනිවන් පානු මැනවි. එහි සිටිනා බොහෝ සුප්‍රකට, ධනවත්, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති පිරිස තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණු අය වෙති. ඒ අය තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පූජා පවත්වනු ඇතැයි කීහ.

'ආනන්ද, පෙර කලෙක සතර දිසා ජයගත් සියලු ජනපද ස්ථාවර කළ ‘මහා සුදස්සන” නම් ධාර්මික, ධර්මානුකූලව රාජ්‍යය කළ සක්විතිරජ කෙනෙක් විය. මේ කුසිනාරාව ඒ සුදස්සන රජුගේ කුසාවතී නම් රාජධානියයි. එම රාජධානිය දිගින් නැගෙනහිරින් හා බටහිරින් දොළොස් යොදුනකි. පළලින්, උතුරින් හා දකුණෙන් සත් යොදුනකි. සමෘද්ධිමත් සශ්‍රීක ජනාකීර්ණ සුභික්ෂ එකක් විය. එම රාජධානිය දිවා රාත්‍රී දෙක්හිම ඇත්, අස්, රථ, බෙර, මෘදංග, වීණා, ගීත සක් තාලම් වෙති. අනුභව කරන්න. බොන්න, කන්න ආදී දසාකාර ශබ්දයන්ගෙන් තොර නොවී ය. ආනන්ද, යන්න ගිහින් කුසිනාරාවේ මල්ලයන්ට මෙසේ දන්වන්න. වාසෙට්ඨයිනි! අද රෑ අවසන් යාමයේ දී තථාගතයාණන් ගේ පිරිනිවීම සිදුවන්නේ ය. ඉක්මන් කර යන්න. ඉක්මන් කර යන්න. අපේම ගමේ තථාගතයාණන්ගේ පිරිනිවීම සිදුවිය. එහෙත් අවසන් මොහොතෙහි උන්වහන්සේ දැක බලාගන්නට අපට නො ලැබිණැයි පසුව කනස්සල්ලට පත් නොවන්න.”

“එහෙමයි හිමියනි,“ යැයි පිළිතුරු දුන් ආනන්ද හාමුදුරුවෝ පෙරව හැඳ, පාත්‍ර සිවුරු ගෙන තනියම කුසිනාරාවට පිවිසියෝ ය. එසේ පිවිසියේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව මල්ල රජ දරුවන්ට දැනුම් දීමටය.

මල්ලයන් තථාගතයාණන් වහන්සේට ගෞරව දැක්වීම

“එම අවස්ථාවේදී කුසිනාරාවේ මල්ලයෝ කිසියම් කටයුත්තක් සඳහා රැස්වීම් ශාලාවෙහි රැස්වී සිටියහ. රැස්වීම් ශාලාව වෙත පැමිණී ආනන්ද හාමුදුරුවෝ මල්ලවරුන්ට මෙසේ දැන්වූහ.

“වාසෙට්ඨයිනි! අද රාත්‍රියේ අවසන් යාමයේ දී තථාගතයාණන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේය. ඉක්මන් කර යන්න. ඉක්මන් කර යන්න. අපගේ ම ගමේ තථාගතයාණන් වහන්සේගේ පිරිනිවීම සිදුවිය. එහෙත් අවසන් මොහොතේ දී උන්වහන්සේ දැක බලා ගන්නට අපට නොලැබෙන්නේ යැයි පසුව කනස්සල්ලට පත් නොවන්න.”

ආනන්ද හාමුදුරුවන්ගේ මේ වචන ඇසූ මල්ලයෝ ද මල්ල තරුණ යෝද, මල්ල තරුණියෝ ද මල්ලයන්ගේ භාර්යාවෝද ආනන්ද හිමියන් වෙත පැමිණියෝ ය. එවිට ආනන්ද හිමියන්ටද මෙසේ සිතිණි. මා එක් එක් මල්ල වැසියා ලවා භාග්‍යවතුන් වහන්සේට වැන්දවීමට සැලැස්වුව හොත් කුසිනාරාවෙහි මල්ලයන්ට උන්වහන්සේ වැඳීමට ලැබෙන්නේ නැත. එවිට රැය ගෙවී යාවි. යම් හෙයකින් මල්ලයන් ඔවුන්ගේ කුලපරම්පරාව අනුව සිටුවා හිමියනි මේ නම ඇති මල්ල තෙමේ දරුවන්, භාර්යාව ස්වකීය පිරිස හා ඇමතියන් බුදුරජාණන් වහන්සේ පිරිවන් පානා බව ඇසූ මල්ල යෝ හැසිරුණු ඒ ශෝකජනක අවස්ථාව මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

“ආනන්ද හිමියන්ගේ මේ වචන ඇසූ මල්ලයෝද මල්ලතරුණියෝද, මල්ලයන්ගේ භාර්යාවෝද, දුකට දොම්නසට පත්ව දුකින් පිරි සිත් ඇතිව ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. ඉතා ඉක්මනින් ලෝකයේ ඇස අතුරුදන් වන්නේ ය. යැයි කියමින් සමහරු කෙස් ඇද කඩා ගෙන විළාප නැගූහ. සමහරු පණ නැතිව බිම ඇද වැටුණහ. සමහරු කැරකී පෙරළී ගියහ.

ඉක්බිති සොවට දොම්නසට පත්වු දුක්බර සිත් ඇති මල්ලයෝද මල්ල තරුණයෝද, තරුණියෝද , භාර්යාවෝද ආනන්ද හිමියන් වෙත පැමිණියෝය. (මහා පරිනිබ්බාන සූත්‍රය)

බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ සල් උයනෙහි පිරිනිවන් මංචකයේ වැඩ සිටිය අවස්ථාව ඉතාමත් සංවේගජනක වන්නේ ය. මෙම අවස්ථාව නිරූපණය කෙරෙන බුදුපිළිමයක් (පිරිනිවන් මංචකයේ බුදුරජාණන් වහන්සේ) කුසිනාරාවේ දක්නට ලැබේ. එය දකින සෑම කෙනෙකුගේම නෙතට කඳුළක් මතු වන්නේ ය.


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 83: බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ වදාළ සේක

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]