UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමලු විහාරය

ගොතටුව, අයි.ඩී.එච් පාර පාරමිතා ශ්‍රී මහා බෝධිමලු විහාරයේ . කඨින පින්කම මෙම මස 27,28,29 දිනයන්හිදී ශාස්ත්‍රපති පණ්ඩිත අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන්ගේ අනුශාසනයෙන් මෙම මස 27 වන දින පස්වරු 6.30 ට මහ පිරිත් දේශනයක් ද 28 වන දින පස්වරු 6.30 ට අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාවක්ද 29 වන ඉරු දින අලුයම ගොතටුව නව නගරයේ ජයසූරිය පෙදෙසේ සාම විනිසුරු චූලසේන කොළඹආරච්චි මහතා සහ එම මහත්මියගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර ආරම්භ වේ.

කිරුළපන ශ්‍රී පූර්වාරාමය

කිරුළපණ නුගේගොඩ දෙගම්වාසීන්ගේ සහ ශ්‍රී පූර්වාරාම දායක මහාසභාවේ මූලිකත්වයෙන් විහාරස්ථ සෙසු සමිති හා ශ්‍රී සද්ධර්මෝදය රවිදින දහම් පාසලේ සහභාගිත්වයෙන්, කිරුළපණ ශී‍්‍ර පූර්වාරාමය ඇතුළු විහාර ගණයෙහි අධිපති පත්බේරියේ ශ්‍රී විමලඤාණ නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 29 වැනිදා කඨින පින්කම සිදුකෙරේ.

මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරණ පූර්වාරාම පාරේ ටී.බන්ධුල පෙරේරා , පුෂ්පා පෙරේරා දම්පතීන්ගේ නිවසින් 29 දා අලුයම 4.00 ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර පිටත්වේ.

රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනු නා හිමියන් සහ තලාවිටියේ ශ්‍රී පේමාලෝක නා හිමියන් ඇතුළු අපවත්වී වදාළ විහාර ගණයේ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා පරලොව සැපත් සියලු දායක කාරකාදීන්ට පින් අනුමෝදන් කිරීම ද එහිදී සිදු කෙරේ.

උතුරු හෝකන්දර පුරාණ විහාරස්ථානය

උතුරු හෝකන්දර පුරාණ විහාරස්ථානයේ කඨින චීවර මහා පින්කම මෙම මස 28 සහ 29 දෙදින තුළ සිදුකෙරේ. 28 වනදා පිරිත් දෙසුමද, මෙවර දායකත්ව දරණ දසනායකගොඩ පදිංචි මියුලින් උපාසිකා මහත්මියගේ නිවසින් කඨින චීවර පෙරහර පිටත් වේ.

මහා සඟරුවන වෙත කෙරෙන උදේ සහ දහවල් දන් පූජාවන් ද කඨිනානිසංස දේශනාවද පොළොම්මාරුවේ හේමාලෝක හිමියන් ගේ සහ කැකිල්ලපිටියේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම සිදු කෙරේ.

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාමයේ කඨින පූජා පින්කම මෙම මස 27, 28,29 දිනවලදී පැවැත්වේ.

ඔක්තෝබර් මස 28 වන දින සවස 5.00 ට සාමණේර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පොත්පත් පූජා කිරීමක් සිදු කෙරේ.

සවස 06.00 ට හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආඳළුවේ සුභෝධනී මෙහෙණින් වහන්සේ විසින් පවත්වනු ලබන ගිලන්පස බුද්ධ පූජා බෝධි පූජා පින්කමකි.

දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එදින රාත්‍රී කොබවක ජනපද පාරේ පදිංචි උපුල් චන්දන කුමාර ගමගේ මහතාගේ නිවසින් කඨින වස්ත්‍රය රැගත් පෙරහර ආරම්භ කෙරේ.

29 වන දින දවල් කඨින වස්ත්‍රය සඟසතු කොට පූජා කිරීම සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.

කරඳගොඩ ඛෙත්තාරාමය

බේරුවල කරඳගොඩ ශ්‍රී ඛෙත්තාරාමයේ කඨින පින්කම මාලේවන සෝභිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි කුරුවිට ඤාණවිසුද්ධි හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමය

වැල්ලවත්තේ ෆ්‍රෙඩ්රිකා පාරේ ශ්‍රී විජයාරාමයේ කඨින පින්කම විහාරාධිපති අහංගම ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 28,29 යන දිනයන්හි කොහුවල දුටුගැමුණු වීදියේ කල්දේරා මාවතේ පදිංචි ලාල් අල්විස් මහතාගේ සහ මාලා අල්විස් මහත්මියගේ දායකත්වයෙන් සිදු කෙරේ. 28 වැනිදා රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවද 29 වැනිදා අලුයම 5.00 ට කඨින චීවරය රැගත් පෙරහරද උදෑසන 6.30 ට තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඨින චීවරය සඟ සතුකොට පූජා කිරීමද 29 වැනිදා සවස 5.00 ට කඨිනානිසංස දේශනය රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් විසින්ද පවත්වනු ලැබේ.

කලවානේ විජිතසිරි හිමියන්ගේ දහම් දෙසුමක් තඹුත්තේගම දී

තඹුත්තේගම සැදැහැසිතැත්තෝ සංගමය මගින් පළමුවරට සංවිධානය කරනු ලබන කලවානේ විජිතසිරි හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් මෙම මස 29 සවස 7.00 ට තඹුත්ගේම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරේ.

සේරුවිල

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ කඨින මහා පින්කම මෙම මස 28-29 යන දිනයන්හි පැවැත්වේ. සේරුවිල මංගල රජමහා විහාරාධිපති , කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන එම පින්කමේ දී දෙසැම්බර් මස 09 වෙනි දිනට යෙදෙන දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමියන්ගේ 125 වෙනි ජන්ම දින ගුණ සැමරුම සේරුවිල සරණකිත්ති අනුනාහිමියන් දෙවන ගුණ සැමරුම කඨින පූජෝත්සවය හා සමගාමීව සිදු කෙරේ.

පෙරගිරිගම

කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමයේ කඨින පින්කම රූමස්සල නා හිමියන්ගේ අනුශාසනා පරිදි කෑගල්ලේ උදිත හිමියන් ඇතුලු මහා සංඝරත්නය උදෙසා සිදුකරන කඨින චීවර පූජාව මෙම 29 දින උදේ කතරගම මාධ්‍යවේදී කේ.ඩී. දේශපි‍්‍රය මහතා සහ එම්.ඕ.සන්ධ්‍යා මහත්මිය ඇතුලු දායක පිරිසකගේ දායකත්වයෙන් සිදුකෙරෙයි.

අම්පාර සිව්මුණි සෑ වෙහෙර

අම්පාර සිව් මුණි සෑ වෙහෙර විහාරස්ථානයේ කඨින පින්කම 30,31 දෙදින පුරා පැවැත්වේ. 31 වන දින කුලදරුවන් දෙදෙනෙකු පැවිදි බිමට පත් කිරීමද උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පූජා කිරීමද සිදු කෙරේ. දවල් අර්ධශතාධික සංඝ ගත දක්ෂිණාවද පැවැත්වේ.

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

ඇතුල්කෝට්ටේ කොටුබැම්ම පාර සිරිපැරකුම්බා පිරිවෙන් ධර්මාශ්‍රම විහාරස්ථානයේ කඨින පූජා පින්කම මෙම මස 29 වෙනි දින විහාරාධිපති දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව හා කුළඟන සමිතිය මෙහෙයවීමෙන් පැවැත්වේ. ධර්ම දේශනා මාලාවක් මේ මස 25 වෙනිදා ආරම්භ වූ අතර 26 වෙනි දින ත්‍රිපිටකාචාර්ය නුගේගොඩ පුණ්‍ය හිමි, 27 දා කටුදොර සුමන හිමි, 28 දා ආටිගල පුඤ්ඤරතන හිමි ධර්මදේශනා පවත්වති. 29 වෙනි දින දවල් කඨින චීවරය පූජා කිරීම හා සඟසතු දානමය පින්කමද සවස 6.30 ට බුද්ධ පූජාව හා සෙත්පිරිත් දේශනාවෙන් පසු රාත්‍රී 7.30 ට පද්බේරියේ විමලඥාන නාහිමියන් විසින් කඨිනානිශංස ධර්ම දේශනාවද පවත්වනු ලැබේ. කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය ඩේසි සිරිවර්ධන මහත්මිය හා ලාල් සිරිවර්ධන මහතා ඇතුලු පිරිස විසින් දරණු ලැබේ.

මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය

මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ කඨින පින්කම මෙම මස 30,31 දිනවල අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික චන්දානන්ද බෞද්ධ විද්‍යාලයාධිපති,රංගිරි දඹුළු රාජමහ විහාරාධිපති,ආචාර්ය ගොඩගම මංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 30 වැනිදා සවස ධර්ම දේශනාවකි. 31 වෙනිදා දවල් අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමි, අනුනා හිමිවරු ප්‍රධාන හතලිස් නමක්,මහ සඟරුවන විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවරය සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

ගල්මඩුව රාජමහා විහාරය

කුණ්ඩසාලේ නත්තරන්පොත ගල්මඩුව රාජමහ විහාරයේ කඨින පින්කම විහාරාධිපති කර්මාචාර්ය ගම්මුල්ලේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාවේ සභාපති පඩිවත්තේ එච්.එම්.කේ. බණ්ඩාර මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් මෙම 27,28 දිනවලදී සිදුකෙරේ.

ගන්නෝරුව උඩබෝමලුව පුරාණ විහාරය

පේරාදෙණිය , ගන්නෝරුව, උඩ බෝමලුව පුරාණ විහාරයේ කඨින පින්කම මෙම 27,28 දිනවල විහාරාධිපති යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක කර්මාචාර්ය අඹන්පොල සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසි කලගත්වත්තේ සුගතධම්ම හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]