UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සසර කතරෙන් එතෙර වීමට ...

අලුයම ලොව බලා මහා කරුණාවෙන් ලෝකවාසීනට පිහිටවීම සෑම බුදුවරයෙකුටම සුවිශේෂී වූ ලක්ෂණයකි. දිනක් හිමිදිරියේ බුදු කරුණාවට හසුවූයේ උදය බමුණා ය. පා සිවුරු ගෙන පෙරවරුවේ බුදුරදුන් උදය බමුණාගේ නිවසට පිඬු සිඟා වැඩි සේක. හේ කඩවසම් ය. යෞවන වයසේ පසුවන්නේ ය. මහත් භෝග සම්පත් ගෙනේ ය. එදින ද උදය බමුණාගේ නිවසේ රසවත් බොජුන් පිළියෙළ වී තිබුණි. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත තථාගත බුදුරජාණන් වහන්සේ නිවසෙහි ඉදිරිපිට පිණ්ඩපාතයේ වැඩ සිටිනු ,දුටු උදය බමුණා කිසිවක් කථා නොකර තමන් වෙනුවෙන් නිවසේ පිළියෙළ වී තිබුණු රසමුසු ආහාර ටික බුද්ධ පාත්‍රයට පූජා කළේ ය. බුදුරදහු ආපසු දෙව්රමට වැඩම කරති. දෙවන දින ද පළමු දිනයේ මෙන් ම බුදු හිමියෝ උදය බමුණාගේ නිවසට ම පිණ්ඩපාතයට වැඩම කළහ. එදින ද බමුණු තෙම කිසිවක් කථා නොකර ම තමන්ට පිළියෙළ වී තිබුණු ආහාරය බුදුරදුන්ට පූජා කළේ ය. බුදුරජාණන් වහන්සේ ද කිසිවක් කථා නොකර විහාරයට වැඩම කළ සේක. තුන්වන දිනයේ ද පළමු හා දෙවන දින දෙකේ පරිදි ම උන්වහන්සේ හිමිදිරියේ පිණ්ඩපාතය සඳහා උදය බමුණාගේ නිවසට ම වඩිති. එදින ද භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ආහාරයෙන් පුරවන උදය බමුණා බුදුරදුන්ගේ මුහුණ දෙස බලමින් මෙසේ කියයි.

ඉතිරිය»

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]