UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බොදු සමුළුව මෙරට දී

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බොදු සමුළුව මෙරට දී

2017 නොවැම්බර් 2 වන දින සිට 7 වනදින දක්වා අරලියහග මන්දිරයේ දී පැවැත්වේ

බෞද්ධ දර්ශනය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර ලෝක බෞද්ධ මහා සම්මේලනය හත්වන වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇත.

බෞද්ධ දර්ශනය සහ දහම ප්‍රචාරය කිරීමේ අරමුණ පෙරදැරි ව මෙම ලෝක බෞද්ධ සමුළුව සියලු බෞද්ධ නිකායන්හි ආගමික මහා නා හිමිවරුන්, ශාස්ත්‍රපති ක්යුෂේ එන්ෂින් ජෝ, තායිලන්තයේ අතිපූජනීය නිකාය ප්‍රධාන මා හිමිපාණන් වහන්සේලාගෙන් හා ශ්‍රී ලංකාවේ අතිපූජනීය මහානායක මා හිමිපාණන් වහන්සේලා සහ ලෝක ප්‍රසිද්ධ උත්තරීතර බෞද්ධ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් 1998 දී ජාත්‍යන්තර ලෝක බෞද්ධ සංගමය ආරම්භ කරන ලදී.

එතැන් සිට අද දක්වා බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා වූ සෑම උත්සාහයක්ම එකී සාමාජීක රටවල බෞද්ධ නායකයන් විසින් සිදු කර ඇත. එහි ප්‍රථිපලයක් ලෙස ආරම්භයේ දී බෞද්ධ මහා සම්මේලනය සඳහා සහභාගි වූ එක් කලාපයකට පමණක් රටවල් දහතුනක් අයත් වූ අතර, හත්වන ලෝක බෞද්ධ මහා සම්මේලනය පැවැත්වීමට කටයුතු කරන අද වනවිට සාමාජික රටවල් සංඛ්‍යාව ලෝකයේ මහාද්වීප පහක් පුරා රටවල් හතලිස් හතක් දක්වා ව්‍යාප්ත වී ඇත. ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බංග්ලාදේශය, බෙල්ජියම, භූතානය, බ්‍රසීලය, කාම්බෝජය, කැනඩාව, චිලී, කොංගෝ, ක්‍රෝ ඒෂියාව, චෙක්, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, කෙන්යාව, කොරියාව, ලාඕසය, නවසීලන්තය, නෙදර්ලන්තය, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු අපි‍්‍රකාව, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, ස්වීඩනය, ස්වීට්සර්ලන්තය, ටැන්සානියාව, තායිලන්තය, උගන්ඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, වෙනිසියුලාව, වියට්නාමය ආදී රටවල් වෙයි.

2014 දී පවත්වනු ලැබූ හයවැනි බෞද්ධ මහා සමුළුවේ දී ඒකමතික ව එකඟ වූ පරිදි අපේ‍්‍රල් 08 වනදින අන්තර්ජාතික බෞද්ධ දිනය ලෙස නම් කෙරුණි බුදු දහම ලොවට බෙදා හැරීම සඳහා සහ සියලු තරුණ කණ්ඩායම් බුදුදහම ඔස්සේ ඒකරාශී කරවමින් බෞද්ධ ප්‍රතිපත්ති හා චර්යාවන්ට හුරුපුරුදු කරවීමට කටයුතු කරන විවිධ ක්‍රම මෙවරත්, හත්වන බෞද්ධ සම්මේලනයේ දී යෝජනා වනු ඇත. එවැනි යෝජනා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කිරීමට දායක වන අතර, සියලු මිනිසුන් සමාජ ඛේදවාචකයන්ගෙන් ගලවා ගැනීම සඳහා මහෝපකාරි වනු ඇත.

බුදුදහමින් පෝෂණය වූ ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත රටක් වන ශ්‍රී ලංකාව හත්වැනි බෞද්ධ මහා සමුළුව ජාතික උත්සවයක් ලෙසට නම්කර පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර, ලෝක සාමය හා සාරධර්ම ඇතිකරලීම උදෙසා සහ ලෝකයේ පුරා බුදුදහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් වූ ප්‍රකාශනයක් එහි දී එළිදැක්වීමට නියමිත ය.

2017 නොවැම්බර් මස 2 -7 දක්වා පැවැත්වීමට නියමිත හත්වැනි බෞද්ධ සමුළුව වෙත සිය සුබ පැතුම් ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය වෙත ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයින්, ජාතික නායකයින්, බුද්ධිමතුන් විසින් එවා ඇති අතර, ශ්‍රී ලංකාවේ දීර්ඝ බෞද්ධ සම්ප්‍රදායට සහ බුද්ධාගමට ලැබූ එකී අගය කිරීම පිළිබඳට රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළින් ආඩම්බරයට පත්වෙන බව පසුගිය දා ජයික් හිල්ටන් හෝටලයේ පැවැති මීට අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.

එම අවස්ථාවට සහභාගි වූ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවසුවේ ලංකාවේ පවත්වන මෙම ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ අරමුණ වී ඇත්තේ වර්තමානයේ බුදුදහම සහ බුදුදහමේ අනාගතය ආරක්ෂා කිරීම වන බව යි. බුදුදහම තුළින් ලෝකයට කළ හැකි සේවය විමසා බැලීමට කතිකාවක් ගොඩ නැගීම යි. එදිනට සහභාගිවන තුන්සියයක් පමණ වන සියලුම බෞද්ධ නායකයන් සමඟ ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමට නියමිත අතර, ඉන්පසු ඒ සියලු නායකයන්, සම්භාවනීය අමුත්තන් අනුරාධපුරයේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ නුවර දළදා මාළිගාවේ වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව ඇත.

වසර 2500 ක බෞද්ධ ඉතිහාසය තුළ ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන ප්‍රමුඛ රටක් වන ශ්‍රී ලංකාව විසින් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ දායකත්වය පෙරදැරිව පවත්වනු ලබන මෙම මහ සමුළුව ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් බවට පත්වන අතර, එම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, සම්භාවනීය දෙස් විදෙස් බොහෝ පිරිසක් ද සහාභාගි වීමට නියමිත ව ඇති බව ඒ මහතා පැවසී ය.

වේරගොඩ සාරද හිමි, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා ද එම සාකච්ඡාවට සහභාගි විය.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]