UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

97. ඩබ්.එච්. දුලනා රංදෝලි
7 ශ්‍රේණිය ,
පන්නල ජාතික පාසල – පන්නල

98. එම්.චමෝද්‍යා වසීනා
7 ශ්‍රේණිය,
සුමනතිස්ස දහම් පාසල – වැලිකිඳ

99. කේ.ඩබ්.කෂ්මිලා තරංගනී
12 ශ්‍රේණිය
සංඝමිත්තා බාලිකා විදුහල – ගාල්ල

100. එස්.එම්.ඊ.ආර්.බී. සංගක්කාර
11 ශ්‍රේණිය,
ශ්‍රී ස්වර්ණ ජෝති ජාතික පාසල
කිරිබත්කුඹුර

101. සාවින්දි නිලීකා ජයලත්
6 ශ්‍රේණිය,
මැදිමහා විදුහල – මතුගම

102. ආර්.ඒ.බුද්ධි චරිත රණවීර
8 ශ්‍රේණිය,
ශී‍්‍ර සුමන පිරිවෙන් විද්‍යායතනය –ඇහැලියගොඩ

103. සත්මිණි සඳුන්හාරි බණ්ඩාර
05 ශ්‍රේණිය
ගලිගමුව ප්‍රාථමික විදුහල – කෑගල්ල

104. බී.වයි. එස්. දිනාරා බණ්ඩාර
08 ශ්‍රේණිය
බාලිකා මහා විදුහල – කෑගල්ල

105. ජී.ජී.දිමුදු තීක්ෂණ
3 ශ්‍රේණිය,
විද්‍යාලෝක මහ විදුහල – පරගස්තොට

106. එස්.එච්. චන්න මිගාර
8 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්.කන්නංගර ම.වි. – කුරුණෑගල -


ලොකු සාදු !

පුංචි අපට දහම් කතා
කියලා දුන්න සාදු
හැමදාමත් වෙහෙර මළුව
ඇමදුවාලු සාදු

අපේ ගමේ විහාරයේ
පෑයූ සඳ සාදු
බණ මඩුවේ කතා නැතිව
සැතපීලා සාදු

නිවන් පුරට වැඩියාලු
පුංචි අපේ සාදු
පුංචි මටත් හරිම දුකයි
සිහිවෙන කොට සාදු


වෙහෙර බිමක අසිරිය

හොරණ බුලත්සිංහල පාරේ කළුගඟට නුදුුරුව කුඩා කඳු ගැටයක් මත පිහිටා ඇති අපේ පන්සල කඳන ශ්‍රී සංඝිකාරාම පුරාණ විහාරය යි. විහාරාංග අතින් අංග සම්පූර්ණ පන්සලකි. ඇතුළුවන දොරටුව අභියස තනවා ඇති බුදු මැදුර හා සමන් දේවාලය නිසා පන්සල අලංකාර වී ඇත.

වැඩ නිමවා ඇති නව දෙමහල් ධර්ම ශාලාව පන්සලේ වටිනාකම තවත් වැඩි කරයි. අප පන්සලේ නායක ස්වාමීන් වහන්සේ කොස්වානේ නන්දසාර හිමියෝ ය. තවත් ස්වාමීන් වහන්සේ කීප නමක් එහි වැඩ සිටිති.

බොදු දරුවන්ට දහම් දැනුම මෙන් ම සාරධර්ම කියාදෙන අගනා දහම් පාසලක් ද මෙහි පවත්වාගෙන යයි. කඳාන සහ වෙහෙරවත්ත අපේ පන්සලේ දායක ගම් වේ.


ගමට සෙත සදන අපේ පන්සල

මාතර, තංගල්ල පාරට නුදුරුව කුඩා ගම්මානයක රමණීය වෙල්යායක් මැදින් වැටී ඇති තැනිතලා බිමක අපේ පන්සල ඉදිකර ඇත. තලල්ල දකුණ පවරසිරි නිවේසාරාමය එම විහාරස්ථානයේ නාමය යි. විහාරධිපති වහන්සේ ඇතුළු සාමණේර ස්වාමීන් වහන්සේ කීප නමක් එහි වැඩ සිටිති.

මේ පින්බිමේ නිරාමිස සතුට ගෙන දෙන සිත් සතන් පිනවන බුදු මැදුරක් හා ඒ අභියස බෝධින් වහන්සේ නමක් සහ වෙහෙර වහන්සේ වැඩ සිටිති. අපේ පන්සලේ සෑම ඉරු දිනකම බොහෝ සිසු දරු දැරියන්ට අධ්‍යාපනය ලබාදෙන දහම් පාසලක් පවත්වාගෙන යන අතර, පෙර පාසලක් ද පවත්වාගෙන යයි. අපේ පන්සලේ සෑම පසළොස්වක පෝය දිනක ම සීල සමාදාන කටයුතු මෙන් ම බෝධි පූජා වන්දනා ද සිදු කෙරේ. ගම්වාසී සියලු දෙනාගේ ම සහයෝගය මේ සඳහා නො අඩුව ලැබේ. අපේ පන්සල දියුණුවෙන් දියුණුවට පත්වී දැහමි බොදු දරුවන් පිරිසක් බිහි කිරීමට ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.


ගමේ පන්සලයි ලොව බබළන්නේ

හිමිදිරි උදයේ ඝන්ඨා නාදේ ඇසෙන්නේ
නායක හිමියෝ මළු අමදින්නේ
උවැසි උවැසියන් දානේ පුදන්නේ
බෝ පත් සිලි සිලි හඬ පතුරන්නේ

සෑය මුදුනේ කොත් කැරැලි දිලෙන්නේ
සුවඳ දුමින් බුදු සමිඳු පුදන්නේ
සුපිපි පියුම් හිමි නමට පිදෙන්නේ
ගමේ පන්සලයි ලොව බබළන්නේ


සැම දෙන එක්වී රැකගමු

ගම්මානේ මිනිසුන්ගේ ශ්‍රමයෙන් ඉදිවූ අපේ පන්සල
වෙල්යායක අසිරි මැදින් පිහිටා ඇති අපේ පන්සල
මල්යායෙන් තුරු ගොමුවෙන් වට වී ඇති අපේ පන්සල
දුටුවන්ගේ සිත සනසයි නෙත සනසයි අපේ පන්සල

සුදු පැහැයෙන් බබළන වෙහෙර පිවිතුරුයි
හිරු එළියට දිදුලන කොත් කැරැල්ල හරිම සුන්දරයි
පෝය දිනයේ ජනයාගෙන් බුදුමැදුර පිරී යයි
පාර දෙපස ළෙලදෙන කොඩි වැල් හරිම අගෙයි

තෙරුවන් ගුණ කියලා දෙන අපේ පන්සල
මහ සඟගණ වැඩ වසනා අපේ පන්සල
දිනපතාම බෝධි පුජා පවත්වන අපේ පන්සල
සැමදෙන එක්වී රැකගමු අපේ පන්සල


සුන්දර පින්බිම

අපේ පන්සල

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]