UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූර්ණ මානසික සුවයක්වි ඳීමට නම්

පූර්ණ මානසික සුවයක්වි ඳීමට නම්

" භෞතික සංවර්ධනයේදී , භෞතික රැස් කිරීම හා පරිභෝජනය තුළ , මානසික සුවය , මානසික නිරවද්‍යතාවය ඒ සමඟ ගැට ගැසී නොමැති නම්, එම සාර්ථකත්වය සාර්ථකත්වයක් ලෙස තථාගත ධර්මයට අනුව හඳුනාගත නොහැකියි."

භෞතිකව පුද්ගලයෙක් , පළාතක් , රටක් සංවර්ධනය වීම අත්‍යවශ්‍ය වෙයි. මේ ලෝකය දැකීමට දියුණු පරිසරයක් ගොඩනැඟුන විට ඔවුන්ගේ අධ්‍යාත්මික අංශය දියුණු කිරීම පහසුයි. පුද්ගලයෙකුගේ ගුණ ධර්ම වර්ධනය වීමට ඔහුගේ භෞතික සංවර්ධනය අතිශයින් වැදගත් වෙයි. උට්ඨාන විර්යෙන් , බාහු බලයෙන් ,දහ ඩිය මහන්සියෙන් ධනය රැස් කළ යුතු ය. ධනය උපයන ආකාරය යහපත් නැතිනම්,එම ධනයෙන් සතුටු නොවිය හැකි බවට බුදු දහම අවධාරණය කරයි. ඔහුට ධනය පැවතුන ද සතුටක් නැත.

මල නොතලා රොන් ගන්නා බඹරෙකු සේ ධනය උපයා ගත යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මලට හානියක් නොවී පැණි උරා ගන්නේ යම්සේ ද, ධනය රැස්කිරීෙමි පදනම එයම විය යුතුය. වේයන් ප්‍රවේසමෙන් හුඹස් බඳින්නා සේ ධනය රැස් කළ යුතු ය. මහපොළොව, සතා සිවුපාවා, ගහ කොළ, විනාශ කරමින් සියලු සත්ත්වයා නැති කරමින් ඔබගේ පැවැත්මට යායුතු බව තථාගත දේශනාව නොවන බව අවධාරණය කළ යුතු ය. වර්තමානයෙහි තථාගත දේශනාවන් බැහැර කරමින් වස විෂ සමඟ යන ගමනේ දී මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වී සිටිනවා ද? උතුරු පළාතෙහි වකුගඩු රෝගය ඇතුළු බොහෝ රෝගවලට මිනිසුන්ගේ ජීවිත අකාලයේ විනාශ වී යාමට ප්‍රධාන සාධකය අධාර්මික භවභෝග පරිහරණයයි. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ වස විෂ වෙළෙදාම හා වස විෂ පරිභෝජනය කරමින් පරිහරණය කරන නිෂ්පාදනයන්ය. සියලුම වැව් පත්ලෙහි විශාල විෂ තට්ටුවක් තැන්පත් ව ඇති බව ප්‍රකාශ වෙයි. පාලකයන් මෙන්ම, ගොවි ජනතාව තුළින්ම වසවිෂ නැතිව කෘෂිකාර්මික කටයුතු දියුණු කළ යුතුය යනුවෙන් ඇතිව තිබෙන උද්‍යෝගය සතුට උපදවන කාරණාවක් වෙයි. බියකින් තොරව ආහාරයට ගත හැකි පලාකොළයක් නැති තරම් ය. මේ අධාර්මික ක්‍රමවේදය විශාල අසහනයක්, මානසික අතෘප්තියක් ළඟා කර ඇත. අප විසින් වපුරන බීජ අප ම නෙළාගත යුතු ය. අපගේ සමාජය මහා දුක් ගින්දරක වෙළී සිටිනවා නම්, කායික ව , මානසිකව මහා අසහනයක වෙළී සිටීමට හේතුව , දැහැමිව ධනය නො ඉපයීම සහ දැහැමිව ධනය පරිභෝජනය නොකිරීමයි.

අවශ්‍යතා හා අත්‍යවශ්‍යතා තෝරා බේරා ගැනීමට නොහැකි කමෙන් විශාල ණය කන්දරාවක සිරවී සිටින සමාජයක් නිර්මාණය වෙමින් පවතී. පිරිමින්ට වඩා කාන්තාවන් විශාල වශයෙන් ණය ගැනීමට පුරුදු වී සිටී.ණය වෙනවා නම්, අඩුම වශයෙන් ස්වාමිපුරුෂයා දැනුවත් කර හෝ ණය විය යුතුය. ණයකාරයන් ගෙදර පැමිණෙන විට මගේ නෝනා මේ තරම් ණය වෙලා ද? යනුවෙන් ස්වාමිපුරුෂයා විශ්මයට පත් වෙන අවස්ථා නැතිවාම නොවෙ යි. තමන් හොඳ කළමනාකාරිණියක් බවට සිතන ඇතැම් කාන්තාවන් ගෙදර කිසිවෙකුටත් නොකියා ණය ගැනීමට පෙළඹෙයි. හතර අතේ ණය වී ණයකාරකමින් පීඩා විඳින නිසා දරුවෙක් සමඟ කතා කිරීමට හෝ සිනාසීමට මානසික සුවයක් නැතිව යයි. මානසික සුවය ගොඩනඟා ගැනීමට නම්, දැහැමිව උපයා ගත යුතු ය.

තම පරිභෝජන ක්‍රියාවලිය ධාර්මික විය යුතු ය. අනෙකාට හිංසාවක් ,පීඩාවක් නොවී ,තමාට සතුටක් දැනෙන ආකාරයට පරිභෝජන කළ යුතු ය. සමාජ සම්ප්‍රදායන් රීතීන් උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුයි.ඒ සඳහා සියලු දෙනා වගකිව යුතුය.

නිවැරැදි කාය කර්ම සහ නිවැරැදි වාග් කර්ම නිවැරැදි මනෝ කර්ම තිබිය යුතුයි. ප්‍රාණඝාත කරමින් , කේළාම් කියමින්, බොරු කියමින්, පරුෂ වචන කියමින් , අනෙකාගේ දේට ආසා කරමින් , අනෙකා නැසේවායි සිතමින් , කර්මයක් කර්මඵලයක් නැති බවට විශ්වාස කරමින් සිටිනවා නම්, දස අකුසල කර්මයන්ගෙන් යුක්ත අපට කුමන අනවජ්ජ සුඛයක් ද? මිල මුදල් කෙතරම් තිබුණ ද , සිත ඇතුළතින් විඳවයි. කෙතරම් අසහනයෙන් අතෘප්තියෙන් සිටිනවා ද? පූර්ණ මානසික සුවයක් භුක්ති විඳීමට නම්, පුර්ණ ලෙස යහපත් විය යුතුය. සැනසිල්ල උපරිමයෙන් ලබා ගැනීමට නම්,තවදුරටත් බොහෝ නිවැරැදි විය යුතුය.

භෞතික සංවර්ධනයේදී , භෞතික රැස් කිරීම හා පරිභෝජනය තුළ , මානසික සුවය , මානසික නිරවද්‍යතාවය ඒ සමඟ ගැට ගැසී නොමැති නම්, එම සාර්ථකත්වය සාර්ථකත්වයක් ලෙස තථාගත ධර්මයට අනුව හඳුනාගත නොහැකියි.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]