"බෞද්ධ පත්‍ර කලා විශාරද" ගෞරව නාම ලබයි

බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක සීසර් සුදුසිංහ වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා
නිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන්
වහන්සේ ප්‍රමුඛ අනුනාහිමිවරුන් ඇතුළු විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් “බෞද්ධ
පත්‍ර කලා විශාරද” ගෞරව නාමය පිරිනමා ඇත.
ඊට අදාළ සන්නස් පත්‍රය ඉකුත්දා මල්වතු මහා විහාරයීය රාජ පූජිත මංගල උපෝසථාගාරයේදී
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන්ගේ සුරතින් ලබා ගත් අවස්ථාව.
එහිදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි හා වැඩබලන ලේඛකාධිකාරි
පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි, හේනේගම නන්දසිරි නාහිමි සහ අත්තනගල්ල රජමහා
විහාරාධිපති ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද යන නා හිමිවරු අනුශාසනා පැවැත්වූහ.
ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා,
සාමාන්‍යාධිකාරි අභය අමරදාස, රද්දොළුගම බෞද්ධ සංගමයේ සභාපති රේණුක අබේසිංහ මහත්වරුද
එහිදී අදහස් දැක්වූහ. |