UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂූන් වහන්සේ දහස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් අරලියගහ මන්දිරයේ දී

භික්ෂූන් වහන්සේ දහස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් අරලියගහ මන්දිරයේ දී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රටවැසියන්ට සෙත්පැතීම සහ දශක තුනක් පුරා පැවැති යුද්ධයේ දී රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින් භික්ෂූන් වහන්සේලා දහස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඉකුත්දා (27) සිදු කෙරිණි. කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරිඅනුනාහිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහානාහිමි ඇතුළු නා හිමිවරු ද, පල්ලේගම හේමරතන නාහිමි, කිරින්දේ අස්සජි, පැල්පිට ජිනරතන, කොළොන්නාවේ සුමංගල, යන හිමිවරු ද ඇතුළු මහා සංඝරත්නය එම දානමය පින්කම සඳහා වැඩම කළහ. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස මහා සංඝරත්නයට දානය පිළිගැන් වුහ.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]