UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක්

ජනපති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක්

එක්සත් ඡාතීන්ගේ සංවිධානයේ 72 වන සම්මේලනයට සහභාගීවීමෙන් අනතුරුව,ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවක් (23) ඉකුත්දා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දුගීභාවයෙන් රට නිදහස් කරගැනීම, පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීම, උසුලන්නට බැරි අධික ණය බරින් රට නිදහස් කර ගැනීම, ජාතික සංහිඳියාව ගොඩනැගීම යන කාර්යයන් සඳහා පසුගිය වසර දෙක හමාර තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ ය. නිව්යෝක්නුවර කුවින්ස් බෞද්ධ විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා එය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව එම හමුවට එක් විය.

කුවින්ස් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නා හිමිපාණන් වහන්සේ සිදුකරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත ශ්‍රී ලංකා රජය විසින් පිරිනමන ලද උපහාර සන්නස් පත්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ධර්මධර විනයධර මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වන කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ බෞද්ධ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිදුකරන මහඟු මෙහෙවර එහි දී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා උන්වහන්සේ බෞද්ධ සමාජයේ පමණක් නොව බෞද්ධ නොවන සමාජයේ ද ගෞරවයට ලක් වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් බවද ප්‍රකාශ කළේ ය. මහා සංඝරත්නය ප්‍රමුඛ හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් පූජකතුමන්ලාද ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප :– චන්දන පෙරේරා – ජනාධිපති මාධ්‍ය අංශය

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]