UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

යටපත් කළ යුතු පාපී සිතිවිලි

“තමා විසින් තමාට ම චෝදනා කරගත යුතු ය. විමසිය යුතු ය. ඒ තැනැත්තා සුවසේ වාසය කරයි” “තමාට පිහිට පිළිසරණ තමා ම ය. එහෙයින් තමන් රැකගත යුතුය”.මෙම වටිනා, උපදේශය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නංගුලක නම් තෙරුන් අරමුණු කර ගෙන ය. සැවැත් නුවර එක් අහිංසක මිනිසෙක්. ඉණකඩක් ඇඳ නඟුලක් කර තබාගෙන බැළමෙහෙකම් කර ජීවත් වෙයි. දවසක් මේ අහිංසක මිනිසා කුඹුරක් සීසෑමට කුඹුර දෙසට යන විට පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට මුණ ගැසුණි. කිසියම් ගුණයක් ගැන සලකා මෙම අසරණ මිනිසාට පිහිට වීමට කරුණා ගුණයෙන් යුතුව “පින්වත, දුකසේ ජීවත් වනවාට වඩා මහණදම් පුරා ගැනීම නරක ද?” උන්වහන්සේ ඇසූහ. “අප වැනි දුප්පත් අය මහණ කරන කෙනෙක් ඇද්ද” ඔහුගේ පිළිතුර විය .මහණකම සපුරා ගැනීමට දුප්පත් පොහොසත්කම නොව අවශ්‍ය වන්නේ සැදැහැ ගුණය බව පෙන්වා දෙමින් උන්වහන්සේ ඒ මිනිසාට පැවිදිවීමට මග පාදා දුන්හ. සැවැත් නුවර දෙව්රම් වෙහෙරට කැඳවා ගෙන ගොස් තමන්ගේ අතින් ම හිස රැවුල් ඉවත්කර පැවිදි බවට පත්කළහ. ගිහි ජීවිතයේ දී තමා සතුව තිබුණු ඉණකඩ හා නඟුල දෙව්රම් වෙහෙර සමීපයේ ගසක එල්ලා තැබිණි. “නංගලකුල” තෙරුන් යනුවෙන් උන්වහන්සේ හැඳින්වුණි. පැවිදි ජීවිතයේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරමින් පිළිවෙත් පුරා කටයුතු කළ ද, නංගල කුල තෙරුන්ට කල්යාමේ දී පැවිදි ජීවිතයේ යම් කළකිරීමක් ඇතිවුණි. හැම මොහොතේ ම සිතට එන්නේ සිවුරු හැර නිදහස්වීමත්, සුපුරුදු රැකියාවම කර ජීවත්වීමත්,හොඳ බවයි.

ඉතිරිය»

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28 වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]