UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධපූජාව, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණී උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව වත්තේවැව ධම්මානන්ද හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි පස්වරු 12.15- 02.00 සීල භාවනා සමිතිය, 02.00 – 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී, පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය, 3.00 – 4.00 පස්වරු ධර්මදේශනාව මාදෝවිට වජිරබුද්ධි හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව වට්ටාරාම ධම්මදස්සි හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙහෙයවීමෙන් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව පෝ දා දවස පුරා පැවැත්වේ. පෝදා පෙරවරු 06.15 – 07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, පනාපිටියේ විජිතනන්ද හිමි, 7.45 – 9.45 ධර්මදේශනාව පරගස්තොට සුධම්ම හිමි, 10.00 – 11.30 ධර්ම සාකච්ඡාව මහාචාර්ය දයා රෝහණ අතුකෝරල මහතා පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය තීනියාවල ඤාණින්ද හිමි, 3.00 – 4.30 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි, 4.45 – 6.00 ධර්මදේශනය පලාතොට පඤ්ඤානන්ද හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ බෝධි පූජාව (පටිගත කළ එකකි) 07.00 – 8.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 08.10 – 10.30 චතුරාර්ය සත්‍ය දේශනය සහ සාකච්ඡාව ගල්කිස්සේ සමාහිත හිමි.


ශ්‍රී සම්බෝධි විහාරය

ශ්‍රී සම්බෝධි විහාරයේ බිනර පොහෝ දින වැඩසටහන් මාලාව මෙසේ ය. පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, 6.00 – 7.30, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි,9.30 – 10.30 ධර්ම දේශනාව සෝමපුර සිරි සුධම්ම හිමි, 11.00 – 11.30 ව්‍යංජන 1008 ක් සහිත සම්බුදු පූජාව, මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි, 11.15 – 12.30 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව (පටිගතකළ) දරණාගම කුසලධම්ම නාහිමි, දික්වැල්ලේ උපතිස්ස නාහිමි, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා, ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා, මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී මහතා, පස්වරු 12.30 – 2.00 ‘සංඟායනා සජීවි ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම නීතීඥ ප්‍රවීණ මාධ්‍යවේදී ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රදාවඩුන්නේ ඥානවිමල හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව දොඩංදූවේ සිරිකර හිමි, 5.30 – 6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි,


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනාව, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රදාවඩුන්නේ ඤාණවිමල මාහිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, 7.00 අටවිසි බුද්ධ වන්දනාව. ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් රචිත, සදහම් කැඩපත’ නම් වූ ධර්ම ග්‍රන්ථය මෙදින උපාසක උපාසිකාවනට පරිත්‍යාග කෙරේ.


ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාපුර මහාවිහාරයේ බිනර පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසා පරිදි මෙම බිනර පෝදා පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසි කුඩාඇළගමුවේ ඥානසිරි හිමියන් සංවිධානය කරති. පෙරවරු 06.00 අටසිල් සමාදන්වීම 06.30 බුද්ධපූජාව, 08.00 ධර්ම දේශනාව මැදමහනුවර ධම්මසිරිහිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 09.15 ගිහිදේශනය මහනුවර මහ රෝහලේ මනෝ රෝග විශේෂඥ වෛද්‍ය චාමින්ද වීර සිරිවර්ධන මැතිතුමා 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව, රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි.පස්වරු 01.00 ධර්ම දේශනාව, බුද්ධශාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ කථිකාචාර්ය විල්ගමුවේ පියනන්ද හිමි. 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 02.45 දම්සභා මණ්ඩපය , ගැටුම් නිවාරණය සඳහා බුදු දහමින් ඉගැන්වෙන ඉවසීමේ උපයෝගිතාවය ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා, ආචාර්ය කිරම විමලතිස්ස හිමි, විශේෂඥ වෛද්‍ය චාමින්ද වීර සිරිවර්ධන මහතා 04.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, පස්වරු 05.55 සිල් පවාරණය


බොරැල්ලේ ශ්‍රී ගෝතමී පුරාණ විහාරය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථානයේ බිනර පුර පොහෝදා සීල සමාදානය ගෝතමී විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෝදා පෙරවරු 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, කිතුල්වත්ත එෆ්.ආර්. සේනානායකරාමාධිපති ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්ද හිමි, 8.15 භාවනාව මෙහෙයවීම පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම, දායකත්වය හසිත දියබලනගේ, තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව, රාජකීය පණෟඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව, 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මඟින් පවත්වනු ලබන දේශනය, මෙහෙයවීම මනස කළමනාකරණ වැඩසටහනේ නිර්මාතෘ ජයන්ත රාජවික්‍රම මහතා, 1.30 ධර්ම දේශනාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි, 3.00 ධර්ම දේශනාව නාවල විමලවිහාරවාසී රාජකීය පණ්ඩිත දැරංගල ධම්ම විසුද්ධි හිමි, 4.30 ධර්මදේශනාව සහ අටවිසි බුද්ධ පූජාව, පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි බිනර පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහරාම ධම්මසාර, අනුරාධපුරයේ සුමනවංශ යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී බිනර පුන් පොහෝදින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 3.30 – 10.30 දහම් දෙසුම් ගංගොඩවිල පඤ්ඤෝධයරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මඩිහේ සුගතසිරි හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය විනීත හිමි, 3.00 – 5.00 භාවනා වැඩසටහන ගල්නෑවේ සුගතවිහාරි හිමි, සවස 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම බිනර පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


කතරගම කිරි වෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී බිනර පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. උදෑසන අටසිල් සමාදන් කරවීම, මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාව ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ් වර්ණ කංචුකයක් චෛත්‍යයේ පැළඳවීමද සිදුකෙරේ. උදේ ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ දී පැවැත්වේ.

මෙදින කතරගම සමථ මණ්ඩලය විසින් නෙළුම් මල් දහසක පූජාවක්ද සිදුකෙරේ. කිරිවෙහෙර චෛත්‍ය ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ දී පෝදා බත් දන්සැල පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සල ද එම ස්ථානයේ දී පැවැත්වේ. සවස කිරිවෙහෙර රජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් අනතුරුව බෝධී පුජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ. සවස ධර්මදේශනාව කිරිවෙහෙර විහාරස්ථ අටවිසි බෝමළුවේ දී පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ. කතරගම බෞද්ධ සංගමය, මහාසේන සිල් සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ බිනර පුරපසළොස්වක පොහෝ දා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක්, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධපූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශ්‍රී ජයශේඛාරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය කොළඹ 09, මහාවිසුද්ධාරාමයේ දිඹුලන පඤ්ඤාසිද්ධි හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව හා දෙතිස් වෑංජන පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත් පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේ විසින් 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනය තලල්ලේ ධම්මදේව හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍රදේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්මදේශනය සෙවනගල අජිතහිමි, 6.00 සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45- 7.45 හවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 පටිගත කරන ලද ධර්ම දේශනය.


තෙලවල – විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරුපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි පොහෝ දින වැඩසටහන සිදුකරනු ලැබේ. පෙරවරු 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 – 7.30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව ධර්මායතනාධිපති, දම්පහළ ඤාණරතන නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 10.15 – 10.45 භාවනාව ධර්මායතනාධිපති, දම්පහළ ඤාණරතන නාහිමි, 11.00 දහවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ, 2.00 – 3.00 ධර්ම දේශනය ක/ ශ්‍රී විමලකීර්ති පරිවේනාධිපති ශාස්ත්‍රපති කෝන්ගල තිලකසෝම හිමි, 3.15 – 4.00 ජාතක කතා දේශනාව දම්පහළ ඤාණසුධීර හිමි, 4.00 – 5.00 පිරිත් දේශනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 සිල්පවාරණය 6.30 – 7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නා හිමි. බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදා දීම දායකත්වය, බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සිමිතිය විසිනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 08.00-09.00 භාවනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව, වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 ධර්ම දේශනාව – බෙල්ලන්විල රජමහා විහාරවාසී ආචාර්ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි, 11.00-11.15 බුද්ධ පූජාව ඇරැව්වල උදිත හිමි, බුත්තල ධම්මවිජය හිමි,

පස්වරු 12.30-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි,තලහගම බුද්ධසිරි හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00-03.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත නෙලුවාකන්දේ ඤාණානන්ද හිමි, 03.00-03.45 ධර්ම දේශනාව, උඩහමුල්ල පඤ්ඤෝදයාරාමවාසී ගෞරව ශාස්ත්‍රවේදී වල්ගම සුමන හිමි, 04.00-05.00 ධර්ම දේශනාව කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය අතපත්තුකන්දේ ආනන්ද හිමි, 05.00-06.00 ධම්මපදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම ,මෙහෙයවීම –රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව, 6.00 – 7.00 සීල සමාදානය හා අනුශාසනාව, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 -10.30 ධර්ම දේශනාව ගලිගමුවේ ඥානදීප හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ පින් අනුමෝදනාව, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව මහකෙළියේ නාහිමියන් සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව නාමල්ගමුවේ විජයශිල හිමි, 4.30 – 5.00 කරණීය මෙත්ත සූත්‍රය සහ සිල් පවාරණය, 6.00 – 7.00 ඖෂධ 108 න් යුක්ත සම්බුද්ධ පූජාව.


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ බිනර පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ. පෙහෙවස් සමාදන් වන පින්වතුනට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙන බව කියයි. පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් ද පසුදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 දක්වා භාවනා වැඩසටහනක් පැවැත්වේ. එම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි. වැඩසටහන්වලට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා සහ දහම් පොත් බෙදා දෙනු ලැබේ.


දහම් දෙසුමක්

බොරැල්ල ධර්මාශ්‍රම විහාරය අසලදී බිනර පෝදා රාත්‍රී 7.30 ට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වලස්මුල්ලේ භද්දිය හිමියන් ගේ මෙහෙයවීමෙන් ‘ආලවක දමනය’ නට්‍යානුසාරයෙන් දහම් දෙසුමක් පැවැත්වේ. සුදු ගැරේජ්හි මල් සිතු මෙත්මල් පුතනුවන්ගේ උපන් දිනය නිමිත්තෙන් එම දහම් දෙසුම පැවැත්වේ. බන්දුල කීර්තිරත්න, රක්ෂණ සුපුන් කළුආරච්චි, සම්පත් ශ්‍රී චන්ද්‍රසේන රංගනයෙන් දායක වේ.


වල්පොල පින්කම්

රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සීමා මාලකයේ දී ඉකුත් මස 5 වන දා ආරම්භ කරන ලද සීවලී පිරිත් දේශනය මෙම බිනර පෝදා දක්වා පැවැත්වේ.


කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බිනර මස පුර පසළොස්වක පෝ දා දවස පුරා පින්කම් මාලාවක් කොබවක ශ්‍රී සුමනාරාමයේ දී පැවැත්වේ. පෙරවරු 8.00 ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී මෝල්කාවේ යසස්සි හිමි, 9.30 ධර්ම දේශනාව ආඳළුවේ සුබෝධණී මෙහෙණින් වහන්සේ විසිනි. පස්වරු 1.30 කාව්‍යමය ධර්ම දේශනාව විහාරවාසී වීරියගම අනුරුද්ධ හිමියන් විසිනි. සවස 4.00 ට විශේෂ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ හොරණ ඕවිටියාගල ශ්‍රී සුමේධා භික්ෂුණී ආරාමයේ වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ විසිනි


බම්බලපිටියේ සිරිවජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානා හිමි 8.00 – 9.30 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති රත්ගම උපනන්ද හිමි, 9.30 – 11.00 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති කුරුණෑගල චරණ ධම්ම හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත්, ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 2.30 ධර්ම සාකච්ඡාව ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 5.00 ගිහි දේශනය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, 8.00-.9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00-10.00 ධර්ම දේශනාව කුප්පියාවත්තේ බෝධානන්ද හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25-12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනා 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඕපනායක ධම්මවිරාග හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව , ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 ගිහි දේශනය, මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා 3.00-4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති බලබෝවේ ධම්මකිත්ති හිමි 4.15-5.00 ධම්මපදය වතුරුගම ධම්මජීව හිමි, 5.00-6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධිපූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


බියගම පුණ්‍යවර්ධනාරාමයේ පින්කම්

බියගම පුණ්‍යවර්ධනාරාමයේ දී වස් කාලයේ පින්කම් රැසක් සිදු කෙරේ. බිනර පොහෝ දින( 05) දවස පුරා පින්කම් පැවැත්වේ.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]