UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරදේව අසපුවට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

අමරදේව අසපුවට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදිකෙරෙන “අමරදේව අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඉකුත්දා (28) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී සිදුවිය. මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමාගේ සුරතින් අමරදේව අසපුවට මුල්ගල තැබීමෙන් අනතුරුව මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා විසින් විශාරද නන්දා මාලනී මහත්මිය වෙතද ඇරයුම් කිරීම සුවිශේෂී සිදුවීමක් වු අතර අදාළ සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120 කට අධික භූමියක් පුරා ඉදිකෙරෙන අමරදේව සංගීත අසපුව පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක් හා සංරක්ෂණාගාරයකින් යුක්තවන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250 කි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍යවරුන් වන එස්.බී.නාවින්න, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, ගාමිණී ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, කරුණාරත්න පරණවිතාන, රන්ජන් රාමනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුද විමලා අමරදේව මහත්මිය, රන්ජන අමරදේව මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ කලාකරුවන්, විද්වතුන්, රසික රසිකාවියන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමන් අතින් මුල්ගල තැබුණු අවස්ථාවට සහභාගිවු මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ඇමැති දයා ගමගේ, විශාරද නන්දා මාලනී යන මහත්ම මහත්මීහුද එක්ව සිටි අයුරු සේයාරුවේ දැක්වේ.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙසින් සැලකෙන රමෝන් මැග්සසේ සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර එම සුවිශේෂි සම්මානය විමලා අමරදේවයන් විසින් ජනාධිපතිතුමන්ට භාරදුන් අතර එම සම්මානය සහ සහතික පත් අදාළ සංරක්ෂණ කටයුතු සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරියේ දී කෞතුකාගාර අධ්‍යක්ෂ සනූජා කස්තුරිආරච්චි මහත්මිය වෙත භාර දෙනු ලැබූ අයුරු.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]