UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැවිදි දිවිය සමරා භික්ෂු වාට්ටුවක් තැනූ හාමුදුරුවෝ

පැවිදි දිවිය සමරා භික්ෂු වාට්ටුවක් තැනූ හාමුදුරුවෝ

බුද්ධියාගම ධම්මසේන හිමියන්ගේ පැවිදි දිවියට ජූලි 23 දින විසිපස් වසරක් සපිරිණි, මේ කෙටි සටහන ඒ නිමිත්තෙනි.

මාතර, කෝට්ටේගොඩ, බෙලිවත්ත ශ්‍රී සුධර්මාශ්‍රමයාධිපති රාජකීය පණ්ඩිත, ගෞරව ශස්ත්‍රවේදී, ශාස්ත්‍රපති බුද්ධියාගම ධම්මසේන හිමියන් බුද්ධියාගම ගම් පියසේ උපත ලබා 14 වැනි වියේදී බෙලිවත්ත ශ්‍රී සුධර්මාශ්‍රම විහාරස්ථානයේදී ශාසන දායාදය ලබා ගත් හිමි නමකි. ඒ සුනාමි විපතින් අකල්හි දැයට අහිමිව ගිය කහඳාමෝදර පඤ්ඤාසේන මහා ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙනි.

ධම්මසේන සාමණේර හිමියන් කෝට්ටේගොඩ සෞගතෝදය මූලික පිරිවෙන් විද්‍යායතනයෙන් පැවිදි දිවියට අදාළ මුලික වත්පිළිවෙත් හදාරන ලදී. අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ප්‍රාචීන පණ්ඩිත උපාධිය දිනා ජීවිතය ගුණ නුවණින් පෝෂණය කරගත්හ. 2001 වසරේ දී කැලණිය සරසවි වරම් ලද ධම්මසේන හිමියන් ඉන් සංස්කෘත ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් 2006 දී ශාස්ත්‍රපති උපාධියත් හදාරා උසස් අධ්‍යාපනය නිම කරන්නේ කීර්තිමත් ශිෂ්‍යයකු ලෙසිනි.

කුඩා කල සිටම ශ්‍රද්ධා ගුණය දියුණු කරගත් ධම්මසේන හිමියෝ ධර්මදේශනා කුසලතා ප්‍රකට කොට මධූර ස්වරයෙන් සැදැහැවතුන් සතුටට පත් කිරීමටත්, ගිහි පැවිදි කාගේත් සිත් දිනාගැනීමටත් සමත් වූහ. ඒ දේශනා කෞශල්‍ය බොදු හදවත් සනසාලන්නට හේතු විය. මිහිරි හඬ ශ්‍රද්ධාව ජනනය කරන සුලු විය. උන්වහන්සේ ආශිර්වාද බෝධිපුජා, අටවිසි බුද්ධ පුජා, අටවිසි බෝධි වන්දනා ,තෙසැත්තෑඥාන පුජා ආදියෙහි ද දක්ෂයෙකි.

විශේෂයෙන් ක්‍රියාශීලි තරුණ භික්ෂූන් වහන්සේ නමක ලෙස මව්පිය ගුණ සම්භාවනා වැඩසටහන් රට පුරා නොමිලයේ පවත්වමින් මව්පිය දූදරු දෙපිරිස අතර සම්බන්ධතා ශක්තිමත් කරන්නට උන්වහන්සේ ලබාදෙන දායකත්වය සමාජයේ මහත් පිළිගැනීමට ලක්ව ඇත. ඒ සඳහා මේ වන විට ඌව පළාත් සභාවේ ද සාදර අනුග්‍රහය ලැබී තිබේ.

2004 දී සුනාමි ව්‍යසනයෙන් බෙලිවත්ත ශී‍්‍ර සුධර්මාශ්‍රමය විනාශයට පත් වූයේ නිකම්ම නොවේ. නා හිමියන්ද උවැසි උවැසියන් පිරිසක්ද ගමට, රටට අහිමි කරමිනි. එදා සියලු දෑ සමඟින් මුහුදුුබත් වූ පුදබිම අද සකලවිධ විහාරාංගවලින් පරිපූර්ණය. ඒ පුනර්ජීවනයේ නියමුවාණෝද ධම්මසේන හිමියෝ ය.

සසුනෙහි මතු පැවැත්ම වෙනුවෙන් ඒ හිමියන්ගේ කැපවීම අති උදාරය. උන්වහන්සේ ධර්ම දූත මෙහෙවර වෙනුවෙන් වැඩම කොට ඇති රටවල් ගණන රැසකි. පැවිදි කොට සිටින ශිෂ්‍ය පිරිස 10 නමකට ආසන්නය. සසුනට සේම පොදුවේ සමාජයටත් උන්වහන්සේ වෙතින් ඉටුවන සේවය සුළුපටු නොවේ. තමන් වහන්සේට පින්කම් පොළවලින් ලැබෙන දහම් පඬුරු රැස් කොට ධම්මසේන හිමියන් මේ වන විට දුප්පත් පවුල් තුනකට අංග සම්පූර්ණ නිවාස තනා දී තිබේ. මව්පියන් අහිමි සරසවි සිසුන් පහ කට ශිෂ්‍යත්ව පිරිනමති. ගැබිනි මවුවරුන්ට අතහිත දෙති. උන්වහන්සේගේ නවතම සේවාව සිය පැවිදි දිවියේ 25 වැනි සමරුව නිමිත්තෙන් බිබිල මැදගම ආයුර්වේද රෝහලට අංගසම්පූර්ණ භික්ෂු වාට්ටුවක් තනා නිම කොට දීමයි.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 14 වන දා සඳුදා අපර භාග 07.45 ට ලබයි. 15 වන දා අපරභාග 05.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 21 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]