UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙහිදෙණියේ රතනසාර නාහිමි වර්ෂ පූර්ණ සමරුවට පින්කම්

දෙහිදෙණියේ රතනසාර නාහිමි වර්ෂ පූර්ණ සමරුවට පින්කම්


වල්ගම්පාය පුරාණ විහාරයේ දෙහිදෙණියේ රතනසාර නාහිමි ගුණානුස්මරණ ධර්මශාලා මන්දිරය මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ විමලධම්ම අනු නාහිමියන් විසින් විවෘත කළ අවස්ථාව භාරකාර ඇකිරියේ සද්ධානන්ද හිමියෝද මෙහි වෙති.

අපවත්වී වදාළ මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, මැණික්දිවෙල ගනේමළුව පුරාණ විහාරය, ඓතිහාසික වල්ගම්පාය පුරාණ විහාරයන්හි විහාරාධිපති දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර නාහිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම නිමිත්තෙන්. වල්ගම්පාය, රජමහ විහාරයේ දී නිම කරන ලද නව ධර්ම ශාලා මන්දිරය මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ඓතිහාසික වල්ගම්පාය රජමහා විහාරාධිපති දිඹුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියන් විසින් නොබෝදා විවෘත කරන ලදී. ඊට සමගාමීව දින හතක් ධර්මදේශනා මාලාවක් ද පැවැත්විණි.

මේ අතර, මෙම පොසොන් පෝය දින රතනසාර නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය වන කර්මාචාර්ය ඇකිරියේ, සද්ධානන්ද හිමියන් ප්‍රධාන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ විහාර සංවර්ධන කමිටුව මගින් වල්ගම්පාය රජමහ විහාරස්ථ අභිනව ධර්මශාලාවේදී ගරුතරමහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමා රතනසාර නාහිමියන් වෙත පින් අනුමෝදන් කරන අතර උපාලි සහ ප්‍රසන්න යන මහත්වරුන් විසින් පොසොන් පෝදා ධර්මදානයක් වශයෙන් ‘බුදුසරණ’ පත්‍ර දෙසීයක් පුජා කිරීමට කටයුතු යොදා ඇති බව වල්ගම්පාය රජමහා විහාරයේ භාරකාර කර්මාචාර්ය ඇකිරියේ සද්ධානන්ද හිමියෝ පැවසූහ.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]