UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුහුණු පොසොන් පෙරහර මංගල්‍යය තිස්සමහාරාමය මහ සෑය

රුහුණු පොසොන් පෙරහර මංගල්‍යය තිස්සමහාරාමය මහ සෑය

බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තුන්වන ලංකාගමනයත් සමඟ ඒකාලෝක වූ තිස්සමහාරාම පුදබිම පන්සියයක් රහතන් වහන්සේලා සමඟ බුදුරදුන්ට සමවත් සුවයෙන් වැඩසිටීමට ඉඩ හසර සැලසිණි. දකුණු ලක බුදුරදුන් වැඩ සිටිය සොළොස්මස්ථානයක් වන තිස්සමහාරාම පුදබිම වත්මන දක්වාම ශී‍්‍ර ලාංකේය බෞද්ධ සමාජයට නිවැරදි හා ඍජු නායකත්වයක් සපයයි.

කාලයාගේ ඇවෑමෙන් පෙර රජ දවසින් පසුව ජරාවාස වූ තිස්සමහාරාම පුදබිම වසර 1835 දී ශාසන මාමක වේපතඉර සුමන සාමණේරයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යෙන් කටුකොහොල් හැර පිළිසකර කොට කොත් පැළඳවීම සිදුවූයේ මහත් අභිමානයෙනි. අනතුරුව 1873 දී ගර්භ නිධානෝත්සවය හා වසර 1900 දී වල්පිට මේධංකර මාහිමියන් විහාර කාර්යය සාධක සමිතිය ගොඩනැගුවේ තිස්ස මහා සෑ රදුන් ජීවමානත්වයට පත් කර ලීමේ දෘඪ අධිෂ්ඨානයකිනි. එදවසින් ආරම්භ වූයේ පළමු පෙරහරයි. පන්දම් ආලෝකය මගින් පන්දම් පෙරහර සිදු කොට මෑත ඉතිහාසයේ ප්‍රථම පෙරහරට මුල පිරිණි. අනතුරුව තත්කාලීන යතිවරයන් වහන්සේලා මේ උතුම් ආමිස පූජාව වසරින් වසර සංවර්ධනය කර වූයේ වර්තමානයේ ශ්‍රී ලාංකේය පෙරහර සංස්කෘතිය තුළ අභිමානවත් සකලවිධ වූ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත උතුම් පෙරහර මංගල්‍යයක් ලෙසිනි.

වර්තමාන විහාරාධිපති මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක තිස්සමහාරාම සඳගිරි උභය රාජ මහා විහාරාධිපති ශ්‍රී කාවන්තිස්ස මහ පිරිවෙනෙහි අධ්‍යක්ෂ ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ “ශී‍්‍ර ධර්මකීර්ති ශ්‍රී ධම්මදින්න පඤ්ඤාලෝක”ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අප්‍රතිහත සංවිධානාත්මක ශක්තිය ශාසනමාමකත්වය තුළ රුහුණු පොසොන් මහා පෙරහර මංගල්‍යය 117 වරටත් මෙම වර්ෂය තුළදී සංවිධානය කරනු ලබන්නේ මහත් අභිමානයෙනි. වසර 117 ක් පුරාවට විවිධ වූ හැලහැප්පිලි මත වුවද බුදුරජාණන් වහන්සේ උදෙසා මෙම උතුම් ආමිස පූජාව සිදු කිරීමට ලැබීම මහත් භාග්‍යයකි.

පන්දම් පෙරහර, මල් පෙරහර යන විරුදාවලි නාමයන් ඉසිලූ තිස්සමහාරාම මහ පෙරහර වත්මනෙහි ලෝ වැස්සන්ගේ ගෞරව බහුමානයට ලක් වන්නේ ‘රුහුණු පොසොන් මහ පෙරහර’ ලෙසිනි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ මහින්දාගමනයෙන් ශෝභමාන වන පොසොන් පොහොයට සමගාමීව තිස්සමහාරාම මහා විහාර පොසොන් පෙරහර සංවිධානාගත වූහ. වත්මනෙහි රුහුණු පොසොන් මහ පෙරහර මංගල්‍යය. මහ පෙරහරට පමණක් සීමා නොවී මහා පුණ්‍යෙීත්සවයක් බවට පත් කිරීමට උත්සුක වූයේ වත්මන් විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංවිධානාත්මක ශක්තිය හා ධෛර්ය නිසා යැයි පැවසීම යුක්තියුක්තය.

2017 වසරේ තිස්සමහාරාම පොසොන් මහා පුණ්‍යෙීත්සවය සහ රුහුණු පොසොන් මහ පෙරහර මංගල්‍යය සංවිධාන ගත වූයේ විහාරධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනා පරිදි විහාරස්ථ මහා සංඝරත්නය සමඟ පෙරහර සංවිධාන කමිටුව හා දායක සභාව මෙන්ම නිළමේ වරුන්ගේ සහභාගිත්වයෙනි.

මෙවර පොසොන් පුණ්‍යෙීත්සවය තිස්සමහාරාම මහා විහාරය තුළින් ඒකාලෝක වන්නේ මෙලෙසිනි.

මැයි මස 13 සිට ජුනි මස 05 දින දක්වා මහා බෝධි පූජා පින්කම් හා ධර්මදේශනාද මැයි මස 24 දින සිට ජුනි මස 05 දින දක්වා අටවිසි බුද්ධ පූජාව හා මැයි මස 30 දින සිට ජුනි මස 05 දින දක්වා සති පිරිත් දේශනාවද, ජුනි මස 03 වන දින තිස්ස මහ සෑ රදුන් වන්දනා නෙළුම් මල් පූජාව 05 වන දින දේවදූත පෙරහර හා දොරකොඩ අස්න අනුශාසනාවද 06 වන දින මහා සංඝගත දක්ෂිණාව ද පැවැත්වේ. 06 වන දින තෙසැත්තෑ ඤාණ පූජාව 06 වන දින මළුවේ පෙරහර ද

07 වන දින වීථි සංචාර පෙරහර ද. 08 වන පෙසොන් පුන් පොහෝ දින රුහුණු පොසොන් මහ පෙරහරද

09 වන දින පුණ්‍යානුමෝදනා බෝධිපූජාද

17 වන දින දෙවොල් මඩු ශාන්තිකර්මය ජුනි මස 18 වන දින මහා දේව දානය ද පැවැත්වේ.

මෙම පුණ්‍ය ධර්මයන් සංවිධාන කටයුතු කළ හැකි වූයේ යශෝධා සමූහ ව්‍යපාරය මෙන්ම ශාසනාභිවෘද්ධි සැදැහැවතුන් නිසාවෙනි.

සෑම වර්ෂයකදීම රාජ්‍ය අනුග්‍රහය ලබන්නා වූ රුහුණු පොසොන් පෙරහර මංගල්‍ය මෙවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අනුශාසකත්වයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබන අතර නිළමේවරුන් හා විහාරස්ථ දායක සභාව ලබාදෙන්නේ නිරන්තර දායකත්වයකි.

ජුනි මස 08 වන පොසොන් පුන් පොහෝ දින තිස්සමහාරාම පොසොන් මහා පෙරහර 2017 වසරේදීත් 117 වරට වීථි සංචාරය කිරීම තුළින් ඒකායන අපේක්ෂාව වන්නේ ලක්වැසි මෙන්ම ලෝවැසි දනන් හට උතුම් මහා සෑ රදුන්ගේ ආශිර්වාදය ලැබේවා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වේවා යන්නයි.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]