UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංකල්ප විහාරයේ දී සතියක් පුරා පින්කම්

සංකල්ප විහාරයේ දී සතියක් පුරා පින්කම්

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ දී වෙසක් පින්කම් මාලාවක් මැයි 10 සිට 17 දක්වා පැවැත්වේ. එම පින්කම් මාලාව වෙසක් පෝදින පෙරවරු 5 ට සිල් භාවනා වැඩසටහනින් ආරම්භ වේ.

පෝදා 5.00 කිරි ආහාර බුද්ධ පූජාව සහ සිල්වැඩසටහන සඳහා කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, මිරිස්වත්තේ ඉන්දසිරි හිමි දැල්තර ඤාණානන්ද හිමි මහ මඩිත්තේ ශාන්තසිරි හිමි, පිළියන්දල සරණ හිමි යන හිමිවරුන්ගේ ධර්මදේශනා ඇතුළත් වේ. වෙසක් පෝදින පෙරවරු 10 ව්‍යාඤ්ජන 100 ක බුද්ධ පූජාව පැවැත්වේ. සවස 6 ට අෂ්ඨපාන චතුමධුර ගිලන්පස පූජාව. සිල් සමාදන් වන පිරිසට බුදුසරණ පුවත්පත බෙදාදීම සුභාෂ් කරුණාරත්න මහතාගේ දායකත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී පාද ලාංඡණ වන්දනාව, වෙසක් පහන් කූඩු, ප්‍රදර්ශනය, දන්සල් පැවැත්වීම, වෙසක් භක්තිගීත ඇතුළත් වැඩසටහන් රාශියක් විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව හා වෙසක් පූජෝත්සව කමිටුව මගින් සංවිධානය කර ඇත.

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]