සංකල්ප විහාරයේ දී සතියක් පුරා පින්කම්
			
			 
			 
			 
			 
පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ දී වෙසක් පින්කම් මාලාවක් මැයි 10 සිට 17 
දක්වා පැවැත්වේ. එම පින්කම් මාලාව වෙසක් පෝදින පෙරවරු 5 ට සිල් භාවනා වැඩසටහනින් 
ආරම්භ වේ.  
පෝදා 5.00 කිරි ආහාර බුද්ධ පූජාව සහ සිල්වැඩසටහන සඳහා කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, 
මිරිස්වත්තේ ඉන්දසිරි හිමි දැල්තර ඤාණානන්ද හිමි මහ මඩිත්තේ ශාන්තසිරි හිමි, 
පිළියන්දල සරණ හිමි යන හිමිවරුන්ගේ ධර්මදේශනා ඇතුළත් වේ. වෙසක් පෝදින පෙරවරු 10 
ව්‍යාඤ්ජන 100 ක බුද්ධ පූජාව පැවැත්වේ. සවස 6 ට අෂ්ඨපාන චතුමධුර ගිලන්පස පූජාව. 
සිල් සමාදන් වන පිරිසට බුදුසරණ පුවත්පත බෙදාදීම සුභාෂ් කරුණාරත්න මහතාගේ 
දායකත්වයෙන් පැවැත්වේ.  
ශ්‍රී පාද ලාංඡණ වන්දනාව, වෙසක් පහන් කූඩු, ප්‍රදර්ශනය, දන්සල් පැවැත්වීම, වෙසක් 
භක්තිගීත ඇතුළත් වැඩසටහන් රාශියක් විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා 
පරිදි සංකල්ප දායක සභාව හා වෙසක් පූජෝත්සව කමිටුව මගින් සංවිධානය කර ඇත.  |