UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරිත්‍යාගශීලින්ගේ සහාය පතයි

පරිත්‍යාගශීලින්ගේ සහාය පතයි

ගොතටුව, ඇල්හේන පාර, නො. 696/2 පදිංචි ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ දැනට වසර 38 සේවා කාලයක් තාක්ෂණ නිලධාරිවරයෙකු ලෙස විශාල කාර්යභාරයක් ඉටු කළ චූලනී පාලිත වීරරත්න මහතා දරුණු අක්මා රෝගයකින් පෙළෙන බැවින්, හැකි ඉක්මනින් (මාස තුනක් ඇතුළත) ඔහුට අක්මා කොටසක් බද්ධ කළ යුතු බවට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මධුනිල් නිරිඇල්ල වෛද්‍යතුමා නිර්දේශ කර ඇති බව කියයි. ඉන්දියාවේ චෙන්නායි නුවර ග්ලෝබල් රෝහලේ දී සිදු කළ යුතු මෙම සැත්කම සඳහා රු. ලක්ෂ 130 ක මුදලක් වැය වන බව කියයි. එවැනි අති විශාල මුදලක් ඉතා ඉක්මනින් සොයා ගැනීම අසරණ එම පවුලට මහත් අපහසුවක් වී ඇති බැවින්, තව දුරටත් ඔහු ජීවත් කර වීමට සැමගේ ආධාර බලාපොරොත්තු වේ. පාලිත වීරරත්න මහතාගේ බිරිඳ වන ජී.ඒ.එස්. ගලප්පත්ති මහත්මිය නමින් බොරැල්ල ලංකා බැංකු අධි ශ්‍රේණි ශාඛාවේ 80592697 ගිණුමට ආධාර මුදල් බැර කළ හැකි අතර වැඩිදුර විස්තර 071 4452930 දුරකථන අංකයෙන් ලබාගත හැකි බවද කියයි.


ගම්පහ මාදෙල්ගමුව 157 එස්.ඩී. රම්‍යකාන්ති මහත්මිය (වයස අවුරුදු 58) වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇය සුවපත් කිරීමට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනමන ලෙස ඉල්ලීමක් කෙරේ. 033 2248021 – 071 9862213 දුරකථන වෙතින් වැඩි විස්තර දැනගත හැකිවේ.

 

බක් අව අටවක පෝය

 

බක් අව අටවක පෝය අප්‍රේල් 19 වන දා බදාදා පූර්ව භාග 02.37 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා බදාදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]