UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

බක් අව අටවක 2017-04-19

දිවිය පුරා - උතුම් පැතුම්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගෙවී ගොස් ගත වූයේ දින කිහිපයකි. සිහිකළ යුතු දිනයන් අනුස්මරණීය දිනයන් බවට පත්කර ගන්නේ කෙසේදැයි සිතා බැලීම කාලෝචිතය. එසේ සිදුකළ යුත්තේ ගෙවී ගිය අවුරුද්දේ දැන හෝ නොදැන කළ අයහපත් දෑ අද පටන් ජීවන ගමනෙන් ඈත් කිරීම සඳහාය.

මවට, පියාට නොසලකන දරුවන් කලාතුරකින් හෝ සිටින බව අසන්නට ලැබීම පවා කනගාටුවට කරුණකි. මවට, පියාට නොසලකන දරුවා සමාජයේ වෙනත් කවර කෙනෙකුට හෝ සලකා දැයි සිතා බැලිය යුතුය. මවගෙන් බිවූ කිරි කඳුළක ණයෙන් නිදහස්විමට ජීවිතාන්තය දක්වා දෙවුරේ තබාගෙන සැලකුවා ද ඉන් නිදහස්වීමක් සිදු නොවේ. පියාට කෙසේ සැලකුවද පියාගෙන් ලද ශක්තියට ණයෙන් නිදහස් වීමට නොහැකිය. මවට, පියාට දක්වන සැලකිල්ල, ගෞරවය කෙතරම් වටින්නේදැයි ඉන් අවබෝධයක් ලබාගත හැකිය. මවට පියාට මෙලොව වටිනාතම වස්තුව වනුයේ ස්වකීය දරුවන්ය. දරුවන්ට මෙලොව වටිනාතම වස්තුව වනුයේ ද ස්වකීය මවුපියවරුය. අවුරුද්දකට වරක් නොව අවුරුද්ද පුරාම සැලකිය යුතු දෙපළකි මව්පිය දෙපළ. මවුපියවරුන්ට දරුවන් නෙත් වැනිය.

සැමියා බිරිඳට, බිරිඳ සැමියාටද, ගුරුවරයා ශිෂ්‍යයාටද, ශිෂ්‍යයා ගුරුවරයාටද, සේව්‍යයා සේවකයාටද, සේවකයා සේව්‍යයාටද ආදී ලෙස බලන විට සමාජයේ වෙසෙන සෑම තරාතිරමකම ලොකු කුඩා ගිහි පැවිදි සියලු දෙනා ඔවුනොවුන් වෙත කළ යුතු යුතුකම් අප්‍රමාණය. ඔවුනොවුන් විසින් ඉටු කළ යුතු යුතුකම්, වගකීම් ඉටුකළ තරමට සමාජය යහපත් වනු ඇත.

මිනිස් සමාජය තුළ ඔවුනොවුන් ඉටු කරන යුතුකම් හා වගකීම් අනුවම සමාජය ගුණ දහමෙන් පෝෂණය වනු ඇත. මනුෂ්‍යයා වෙත යම් වටිනාකමක් ලැබෙනුයේ එබැවිනි. යුතුකම් හා වගකීම් පැහැර හරිනවිට ඔවුනොවුන් තුළ අසමගිය පැතිරීම නොවැළැක්විය හැකිය. තම යුතුකම හා වගකීම නිසි අයුරෙන් ඉටු කළ තරමට ඒ තුළින් සහනය සැනසීම නොඅඩුව උදාවේ. වගකීම, යුතුකම පැහැර හැරිවිට හිරි ඔතප් පවා නැතිවී යයි. තමා තමාටම අවංකව ක්‍රියා කිරීමට පළමුව කටයුතු කරන විට සිදුවන අකටයුතු අවම කර ගත හැකිය. ජීවන ගමන තුළ තමන් කරන හොඳ නරක දෙක තමන් පසු පසම එන බව නිතර සිහිකළ යුතුය. තමා තමන්ට අවංකව කටයුතු කිරීම සාමාජික මෙහෙවරක්ද වෙයි. අනුන්ගේ දොස් දැකීමට පෙර තමා නිවැරැදිව විසීම සමාජයට කරන උපකාරයක්ද වේ.

අවුරුද්දකට වරක් උදාවන අලුත් අවුරුද්දේ මුලසිට ඇති කරගත යුතු අවුරුදු උදානය නම් හැකිතාක් නිවැරැදිව ජීවත්වීමට ඉටා ගැනීමය. ජාති, ආගම් ආදි වශයෙන් පටු වාද භේද කරපින්නා ගැනීමෙන් තමාට හෝ අනුන්ට සිදුවන යහපතක් ඇත්දැයි කල්පනාකළ යුතුය. අන්‍යයන්ට කළයුතු, කළහැකි හොඳම උපකාරය තමා ගතින්, සිතින් වදනින් සංවර වීමයි. සිදුවන සෑම අයහපතකටම මූලික හේතුව තිදොරෙහි අසංවරයයි. ගත, සිත වාරු නැති කල නොව සවිශක්තිය ඇතිකල ජීවිතය ජීවත් කළයුත්තේ කවර හේතුවක් නිසාදැයි මොහොතක් විමසිලිමත් විය යුතුය.

අස්ථිර ලොවක ජීවත්වන මොහොතක් පාසා ස්ථිරයැයි කිසිවක් තිබේදැයි සිතා බැලිය යුතුය. මිනිස් ලොව නමැති තාවකාලික වේදිකාවක රැඟුම් දක්වන මනුෂ්‍යයා මොහොතක් පාසා ජීවිතයට ඒකරාශි කරගනු ලබන්නේ හොඳ, නරක දෙක පමණි. යහපත තමා පසුපස එන සෙවනැල්ල මෙනි. අයහපත ගොනු පසුපස යන රියසක වැනිය. භෞතික සැප සම්පත් භුක්ති විඳිමින් තම අධ්‍යාත්මික සුවය සඳහාද ජීවිතයට වටිනා යමක් ඒකරාශි කරගත යුතුය.

පරණ නරක පුරුදු අතහැර අලුත් අවුරුද්දේ අලුතෙන් ජීවිතය ගැන සිතිය යුත්තේ ජීවිතය අර්ථාන්විතව ගත කිරීම සඳහාය. නරක පරණ පුරුදු ගෙවී ගිය අවුරුද්දේ මෙන් අලුත් අවුරුද්දට ද එක්කර ගතහොත් අලුත් අවුරුද්දේ සිතුම් පැතුම් අලුත් නොවේ. යහපත් සිතුම් පැතුම් අවුරුද්දකට නොව ජීවිත කාලයමට වර්ධනය කර ගත හැකි වුවහොත් ජීවිත කාලය පුරාම සතුටෙන් ජීවිතය ගතකළ හැකිය.

එබඳු ජීවිතය මෙලොව මෙන්ම සසර පුරාවටද සැනසිල්ලේ ගත කරනු ඇත. එබඳු යහපත් ජීවිතයකට අවුරුදු උදානයක් ඇතිකර ගනිමු.

 

බක් අව අටවක පෝය

 

බක් අව අටවක පෝය අප්‍රේල් 19 වන දා බදාදා පූර්ව භාග 02.37 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා බදාදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]