UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ මෙවර සහල් පිරිනැමීමක්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ මෙවර සහල් පිරිනැමීමක්

අනුග්‍රහය සීමාසහිත සිසිල් පාන සහ ආහාරදාන සමිතිය අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවෙන්

මිහින්තලා පුද බිම දියුණු කිරීමට ලේක්හවුස් ආයතනය හැම විට බොදු ජනතාව ඒකරාශී කරගෙන කටයුතු කිරීම පින්දෙමින් පැසසිය යුතු කරුණක් බව මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ ඒ බව සඳහන් කළේ මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව ඉකුත් බක්පුර පසළොස්වක පෝදා මිහින්තලා පුදබිමේ දී සිදුකළ අවස්ථාවේ දී ය.

මෙවර කප්රුක් පූජාවේ දායකත්වය සීමාසහිත සිසිල්පාන හා ආහාර දාන සමිතිය අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාව මඟින් දැක්වූහ. එම අවස්ථාවට සීමාසහිත සිසිල්පාන සහ ආහාර දාන සමිතියේ සභාපති එච්.සී.එල්. වික්‍රමසිංහ මහතා ප්‍රධාන, ලේකම් දසනායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම සමිතියේ විශාල පිරිසක් සහභාගි වූහ.

මිහින්තලා ජනපවුර තරුණ බෞද්ධ සමිතියේ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක්ද ඊට සහභාගි වූහ.

එම පින්කම අවසානයේ දී සීමාසහිත සිසිල්පාන සහ ආහාරදාන සමිතියේ අනුග්‍රහයෙන් සහල් පාර්සලයක් බැගින්ද පරිත්‍යාග කෙරිණි.

එකොළොස්වන වරට කප්රුක් වස්ත්‍ර පූජාව අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාව සීමා සහිත සිසිල් පාන සහ ආහාරදාන සමිතිය එහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුග්‍රහයෙන් මිහින්තලා ජනපවුර තරුණ බෞද්ධ සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේද සහභාගීත්වයෙන් බක් මස පුර පසළොස්වක පොහොය දින (10) පැවැත්විණි.

එහිදී මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්වහන්සේ මෙසේ ද පැවසූහ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව වාර්ෂිකව පවත්වන අතර මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මාසිකව පැවැත්වෙනවා. අද මේ කප් රුක් වස්ත්‍ර පූජාව සමඟ තව ටික දිනෙකින් උදාවෙන හෙළය එකලු කළ සිංහල අලුත් අවුරුද්ද සඳහා, නියඟයෙන් අසීරුවට පත් රජරට ගොවි ජනතාවට වියළි ආහාර පාර්සල් ලබා දීමද සිදු කළා. පැවැති තද නියඟය නිසා ගොවි ජනතාවට කුඹුරු වැඩ කර ගන්න බැරි වුණා. මේ පිළිබඳව මම කී ප්‍රකාශය අපේ ලේක්හවුස් ප්‍රාදේශීය වාර්තාකාර මහතා දිනමිණ පුවත් පතට යැව්වාම එය දිනමිණ පුවත් පතේ පළ වුණා. අද වන විට වියළි ආහාර සලාක ලබා දීමට බොහෝ අය ඉදිරිපත්ව තිබෙනවා. මාධ්‍ය මඟින් විශාල නිහඬ සේවාවක් සිදු කළ හැකි බව පෙනෙනවා.

මේ මාසයේ 08 වන දින මම මේ පුද බිමේ සිට පවුල් දහසකට වියළි ආහාර පාර්සල් ලබා දුන්නා. අද පාර්සල් බොහොමයක් ලබා දුන්නා. 13 වන දින තවත් කොටසකට වියළි ආහාර පාර්සල් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. මේ කප්රුක් පූජාව සමඟ වස්ත්‍ර, වියළි ආහාර, ඇස් කණ්ණාඩි, රෝද පුටු, අසරණ අයට මුදල් ආධාර ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරමු. අද මේ කටයුතු එහි ආරම්භයක්. ඒ ගෞරවය ලේක්හවුස් ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයටද හිමි වනවා. අප කවුරුත් එකතු වුණොත් ඕනෑම වැඩක් කළ හැකි වනවා. ඉදිරියේදීත් මේ ප්‍රවෘත්ති බලා අපට මේ ජනතාවට දෙන්න වියළි ආහාර ද්‍රව්‍ය තව තවත් ලබා දෙන්න කියලා මම නැවතත් ඉල්ලා සිටිනවා. එහෙම දෙන්න පුළුවන්නම් මේ දුරකතන අංකයට කතා කරන්න. 071 4601774

බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ අද වැනි බක් පුර පසළොස්වක පොහොය දිනකයි. එවැනි උතුම් පොහොය දිනක පවත්වනු ලබන මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මුරායුධ, සේසත්, කොඩි, පංචතූර්ය නාද, සහිතව පැවැත්වීමට අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාව මඟින් කටයුතු කළා. සිංහල අවුරුද්ද සමරන්න ජනතාවට වියළි ආහාර ද එම විශ්‍රාම ශාලාව මඟින් ලබා දුන්නා. මිහින්තලා මහ සෑ මළුවේ බිමට අතුරන කළුගල් ප්‍රමාණයක් මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් ආයතනයේ අධිපති එච්.සී.එල්. වික්‍රමසිංහ මහතා අපට ලබා දුන්නා. හැම විටම ලේක්හවුස් ආයතනය, බුදුසරණ පුවත් පත රටට ලෝකයට ආදර්ශ ගෙන දෙන වැඩ කටයුතු කරනවා. මිහින්තලා ලේක්හවුස් කප් රුක් පූජාව 12 වැනි වරට පවත්වනු ලබන පින්කම ගාම්භීර අයුරින් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදමු යැයි ද උන්වහන්සේ එහිදී පැවසූහ.

ලේක්හවුස් කාර්ය මණ්ඩලයටත්, මිහින්තලා ජනපවුර තරුණ බෞද්ධ සමිතියේ සියලුම සාමාජිකයින්ටත්, ජනපවුර සංවිධානයේ ජාතික සංවිධායක සෝමරත්න මහතාටත්, අද මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාටමත් ආශීර්වාද කරනවා. මෙහිදී ආගමික වතාවත් පවත්වා කප්රුක් පූජා කිරීම මිහින්තලා රජ මහා විහාරවාසී වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් විසින් සිදු කරන ලදී.

එම අවස්ථාවට මිහින්තලා රජමහා විහාරවාසී වෙරුප්පන්කුලම විදුහලේ ආචාර්ය සුරුක්කුලමේ ඉන්දරතන හිමියන් සමඟ මහා සංඝරත්නය ද බුදුසරණ පුවත් පත උපදේශක සීසර් සුදුසිංහ, ලේක්හවුස් ආයතනයේ අලෙවි කළමණාකාර ශාන්ත ජයමහ, අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාවේ සීමා සහිත සිසිල් පාන සහ ආහාරදාන සමිතියේ සභාපති හා මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් ආයතනයේ අධිපති, එච්.සී.එල්. වික්‍රමසිංහ මහතා සහ එම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජික පිරිස්, මිහින්තලා ජනපවුර තරුණ බෞද්ධ සමිතියේ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


සේසත්, මුරායුධ පූජා කළ අවස්ථාව.


ආගමික වතාවත් සිදු කරමින්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් වස්ත්‍ර පූජා පෙරහර 11 වැනි වරට පෙරහරින් වැඩම වූ අයුරු



 


සීමා සහිත සිසිල් පාන සහ ආහාරදාන සමිතියේ සභාපති එච්.සී.එල්. වික්‍රමසිංහ මහතා අලුත් අවුරුද්ද සඳහා වියළි ආහාර පාර්සල් බෙදා දුන් අයුරු.

 

බක් අව අටවක පෝය

 

බක් අව අටවක පෝය අප්‍රේල් 19 වන දා බදාදා පූර්ව භාග 02.37 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා බදාදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]