UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2017:  ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය – අභ්‍යාස අංක 03

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2017: 

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය – අභ්‍යාස අංක 03

1) තුන්සිවුරු නම් කොට සිවුරු හැඳීම හා පෙරවීම පිළිබඳව

සේඛියා ලියා දක්වන්න.

භික්ෂූන් වහන්සේ සඳහා බුදුරදුන් විසින් තුන් සිවුරක් නියම

කොට තිබේ. එනම්

1.අන්තරාවාසකය – අඳනය

2.උත්තරාසංගය – තනිපට සිවුර

3.සංඝාටිය – දෙපට සිවුර යනුයි.

භික්ෂුවක් සඳහා සිවුරු පෙරවීම හා හැඳීම පිළිබඳව සේඛියා

ශික්ෂා පද හතරක් පනවා තිබේ. එනම්

1. සිවුරු මණ්ඩලාකාරව (අඳනය) හැඳිය යුතුය

2. පෙරවන සිවුර පරිමණ්ඩලා කාරව පෙරවිය යුතුය.

3. විහාරයෙන් පිටව යන විට මනාකොට සිවුරෙන් කය

වසාගෙන ගමනෙහි යා යුතුය.

4. මනාකොට සිවුරෙන් කය වසාගෙන ගමෙහි සිටිය යුතුය

මේවා සිවුරු හැඳීම හා පෙරවීම පිළිබඳව ආශි‍්‍රත පවතින සේඛියා ධර්මයන් වේ.

2. සිවුරු පරිභෝගයට අදාළ ප්‍රත්‍යවේක්ෂා කිරීම ලියා මෙමඟින් භික්ෂු ජීවිතට සැලසෙන යහපත ගෙනහැර දක්වන්න.

සිව්පස පරිභෝගයේදී භික්ෂූන් විසින් ඒවා පරිභෝගයට පෙර

ප්‍රත්‍යවෙක්ෂා කළ යුතුය. චීවර පරිභෝජනයට අදාළ

ප්‍රත්‍යාවේක්ෂාව නම්.

‘මා මෙම සිවුරු පරිභෝග කරන්නේ ශීත නැති කරගැනීමට හා උෂ්ණය වළක්වා ගැනීමටය. අවුවෙන්, සුළඟින් ආරක්ෂා වීමට හා මැසි, මදුරු, කුරු, කුහුඹුවන් ආදි සතුන්ගෙන් වන පීඩා ආරක්ෂා කර ගැනීමටය. ලජ්ජාව ඇතිවන ශරීර අවයවයන් වසා ගනු පිණිසයි” යනාදී වශයෙන් සිහිපත් කළ යුතුය. ගිහියන්ට මෙන් ලස්සනට ඇඳීමට අවසර නැත.පොදුවේ විලිවසා ගැනීම මුල් කොටගෙන චීවර පරිභෝජනයට ඉඩ සලසා ඇත. භික්ෂු ජීවිතයකට මෙයින් සැලසෙන යහපත නම් වඩා හොඳින් ඒවා පරිභෝජනයට ඉඩ ලබාදී තිබීම, එමෙන්ම ඒවා කෙරෙහි ගිජු බවක් ඇති නොකර ගැනීම අසතුට හා කනස්සල්ල හා කලකිරීම් ආදි තත්වයන් ඇති නොවීමයි. භික්ෂුවකගේ චීවරය එකම වර්ණයෙන් යුක්තය. ගිහියන්ගේ ඇඳුම් භාවිතයේදී විවිධ වර්ණ භාවිතා කිරීමට අවසර ඇතත් භික්ෂූන්ට විවිධ වර්ණ ඇති චීවර පරිභෝජනයට ඉඩක් නැත. ප්‍රත්‍යවෙක්ෂා කිරීමෙන්ද බලාපොරොත්තු වනුයේ අල්පේච්ඡ ජීවිතයකට භික්ෂුවක් හුරුකරවීමයි. ඉන් විශාල යහපතක් සිදුවේ.

3. ගිහියන්ගේ ඇඳුම් භාවිතය හා බැඳුණු සිරිත් ගැන ඇගයීමක් කරන්න.

පැවිදි පක්ෂයෙන් ආදර්ශ ලබා ගන්නා ගිහියන් ඇඳුම් භාවිතයේදී බැඳුණු සිරිත් විරිත් ලෙස,

1.විනීත බවින් හා චාම් බවින් යුතු ඇඳුමකින් සැරසීම

2.අතීතයේ භාවිත කළ උතුරු සළුව වෙනුවට වර්තමානයට සුදුසු උඩුකය වැසෙන ඇඳුමකින් සැරසිය යුතුය.

3.ආගමික හා අවමංගල අවස්ථාවලදී සුදුවතින් සැරසී යාම

4.තම ආර්ථිකයට සරිලන ආකාරයේ ඇඳුම් භාවිත කිරීම ලෙස ඇඳුම් භාවිතය සම්බන්ධයෙන් මෙවැනි සිරිත් ගිහියනට දක්වා තිබේ.

4.ගිලානෝපස්ථානය බෞද්ධයන්ගේ උසස් චාරිත්‍ර ධර්මයක් මෙන්ම අගනා සමාජ සේවයක්ද වන ආකාරය පැහැදිලි කරන්න.

ගිලනුන් යනු රෝගීන්ය. ඔවුන්ට උපස්ථාන කිරීම ඉතා උසස් පුණ්‍ය කර්මයක් බව බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.

‘යෝ ගිලානං උපට්ඨෙති

සෝ මං උපට්ඨෙති” යනුවෙන් බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කිරීම මට උපස්ථාන කිරීම හා සමානයයි වරෙක දේශනා කළහ. ගිහි පැවිදි දෙපක්ෂයටම මෙය ඉතා ප්‍රයෝජනවත්ය.බුදුරජාණන් වහන්සේ සියතින්ම පුතිගත්තතිස්ස තෙරුන්ට උපස්ථාන කිරීමෙන් ගිලනුන්ට උපස්ථාන කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දී ඇත. බෞද්ධ ගිහි සමාජයෙහි මෙන්ම පැවිදි සමාජයේද මෙම උසස් චාරිත්‍රය සිදු විය යුතුය. ආචාර්ය උපාධ්‍යායන් තම ශිෂ්‍යයන්ට හා අන්තේවාසිකයන්ට ද රෝගී වූ අවස්ථාවන්හි දී උපස්ථාන කළ යුතු වේ. ආචාර්ය උපාධ්‍යායන් හා ශිෂ්‍යයන් අනේතේවාසිකයන් අතර පවතින්නේ දෙමාපිය දූදරු සබඳතාවයකි. උපස්ථායකයා රෝගියාට අවශ්‍ය බෙහෙත් හේත් ආදිය කරුණාවෙන් සැපයීමටත් රෝගියාගේ මළ මුත්‍රා ආදීය ඉවත් කිරීමත් සිත සනසාලීමත් කළ යුතුය. ඒ අනුව ගිලානෝපස්ථානය උසස් චාරිත්‍ර ධර්මයක් මෙන්ම සමාජ සේවයක් ද බව පෙන්වා දිය හැකිය.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]