UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාමළුව සිංහගිරි රජ මහා විහාරස්ථ සම්බෝධි උයන සටහන සහ ඡායාරූප චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ

නාමළුව සිංහගිරි රජ මහා විහාරස්ථ සම්බෝධි උයන

බෝධීන් වහන්සේලා රෝපණයකර ඇති අයුරු

පොතුවිල සරණතිස්ස හිමි

අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කර අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරමින් නිමාවෙන ලොව පළමු සම්බෝධි උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෑගම කන්දේගම අංක 459 ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි නාමළුව සිංහගිරි රජ මහා විහාරයේදී ඉදිවෙමින් පවතී. මෙම රජ මහා විහාරය දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිට පැවත එන විහාරස්ථානයක් බව කියයි.

ඈත අතීතයේ මෙහි පිරිවෙනක් පැවැති බව කියැවේ. විහාරස්ථ භූමියේ අක්කර දෙකක පමණ වපසරියක අටවිසි බෝධීන් වහන්සේලා මේ වන විට රෝපණය කර ඇත. මේ සඳහා වැයවන මුලු වියදම ආවරණය කර ගැනීම අපහසු බවත් ඉදිරි කටයුතු සඳහා රුපියල් ලක්ෂ 40ක් පමණ වැය වෙතැ’යි නාමළුව රජමහා විහාරාධිකාරී පොතුවිල සරණතිස්ස හිමියෝ පවසති.

බුදුරජාණන් වහන්සේලා පිටදුන් බෝධීන් වහන්සේලා මේ වන විට රෝපණය කර ඇත. කහළුකන්දේ ඇති උල්පත් ජලය ලැබෙන පරිදි බෝධීන් වහන්සේලාට ජලය ලබා දීම සඳහා ජල පද්ධතියක් සවිකර ඇත.

මේ වනවිටත් සෑම පුර පසළොස්වක පොහොය දිනකම අටවිසි බුද්ධ පූජාව සහ අටවිසි බෝධි වන්දනාව සිදු කරනු ලබයි.

බෝධීන් වහන්සේලා වටා බෝධිඝර ඉදිකිරීම, මල් ආසන ඉදිකිරීම, මීටර් 600ක් දිග මීටර් 01ක් පළල මාර්ගය දෙපස ටයිල් ඇතිරීම, උයන් බිමට විදුලිය ලබාදීම, වඳවී යන පලතුරු පැළ සහ ඖෂධ පැළ රෝපණය කිරීම, බෝධීන් වහන්සේ පිළිබදව විස්තර ඇතුළත් ඵලක ඉදිකිරීම , ඇසතු බෝධිය වටා රන් වැටක් ඉදිකිරීම ඉදිරියට අවසන් කිරීමට බලාපොරොත්තු වන පින්බර කාර්යන් අතර වේ. කැමැති පින්වතුන්ට මෙම පුණ්‍ය කර්මයට සහභාගී වීමට අවස්ථාව ඇත. මෙම වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කර ගැනීමෙන් පසුව අටවිසි බුද්ධ වන්දනාව සහ අටවිසි බෝධි වන්දනාව සමඟ භාවනාමය වැඩසටහන් ද සංවිධානය කිරීමට විහාරාධිපති හිමියෝ බලාපොරොත්තු වෙති.

කැකිරාවට පැමිණ තලාව පාරේ ඉහළගම හන්දියෙන් වමට හැරී කලාවැව වැව් බැම්ම උඩ පාරෙන් පලාගල හන්දියට පැමිණ දකුණට ඇති නෑගම් පාරේ කිලෝ මීටර් හතරක් පමණ පැමිණ නාන්වත්තේගම හන්දියෙන් වමට හැරී මීටර් 800ක් දුරින් පිහිටා ඇත්තේ මෙම සම්බෝධි උයනයි.

මෙම සම්බෝධි උයන වන්දනාමාන කිරීමට පැමිණෙන පින්වත් සැමට කැකිරාව විජිතපුර, පන්සල, අවුකන බුදු පිළිමය ,රැස්වෙහෙර, වන්දනා කර ගැනීමට ද හැකි වන බවත් අවුකන බුදු පිළිමය අසල සිට කිලෝ මීටර් 6–10 ත් අතර දුරින් සම්බෝධි උයන පිහිටා ඇති බව ද පවසති.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]