UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාමණේර භික්ෂු ආකල්ප වැඩමුළුවෙන්...

සාමණේර භික්ෂු ආකල්ප වැඩමුළුවෙන්...

ගම්පහ දිස්ත්‍රික්කයේ සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා පිණ්ඩපාත චාරිකාවක් ඇතුළු ආකල්ප සහ භාවනා වැඩමුළුවක් පෙබරවාරි 15 වන දා සිට එම 17 වන දා දක්වා කටුනායක බෝධිරතනාරාමයේ දී පැවැත්විණි. එම වැඩසටහනට සාමණේර භික්ෂූන් වහන්සේලා 152 නමක් සහභාගි වූහ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ගුණගරුක නායකත්වයකින් හෙබි භික්ෂු පරපුරක් ඇතිකිරීම එහි අරමුණ වුණි.

එම දිනයන්හි පෙරවරු 6.30 සිට 8.00 දක්වාත් පෙරවරු 11.00 සිට 12.00 දක්වාත් දිනපතා පිණ්ඩපාත චාරිකාව පැවැත්වුණි. දිනපතා භාවනා සහ ආකල්ප පුහුණුව මෙහෙයවන ලද්දේ මාරඹ චන්දවිමල සහ කටුගම්පල නන්දරතන හිමිවරුන් විසිනි. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන සහ අක්මීමන ධම්මපාල හිමිවරුන් විශේෂ දේශන පවත්වන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂක මහාචාර්ය නාපිරිත්තන්කඩවල ඤාණරතන නාහිමියෝ විශේෂ දේශනයක් පවත්වමින් භික්ෂුවකගේ අධ්‍යාපනය පමණක් නොසෑහෙන බවත් ගුණ ගරුක ජීවිතයක ඇති වැදගත්කමත් පැහැදිලි කළහ. අක්මීමන ධම්මපාල හිමියෝ භික්ෂුවකගේ උරුමය වන්නේ ව්‍යක්තව විශාරදව කටයුතු කිරීමට උත්සාහවත් වීම බව පැහැදිලි කළහ.

කටුනායක බෝධිරතනාරාමයේ විහාරාධිපති පණ්ඩිත අමන්දොරුවේ ධම්මරතන නාහිමියෝ භික්ෂූන් වහන්සේලා ආදර්ශවත්ව ක්‍රියා කළ යුතු බව පැහැදිලි කළහ. සිහපුර සභාපති ත්‍රිපිටකාචාර්ය ගාල්ලේ උදිත සිංගප්පූරු සංඝ නායක හිමියෝ උන්වහන්සේ උසස් අධ්‍යාපනය ලබා බණ භාවනා තුළින් ජීවිතය හැඩ ගස්වාගෙන මේ දක්වා ජාත්‍යන්තර ධර්මදූත කටයුතු කරන ආකාරය පැහැදිලි කළහ.

මෙම භික්ෂූ පුහුණු ආකල්ප සංවර්ධන වැඩමුළුව සංවිධානය කරන ලද්දේ සිංගප්පූරු බුද්ධ විහාර සංගමයේ අනුශාසක ගාල්ලේ උදිත හිමියන්ගේ සහ කටුනායක බෝධිරතනාරාමාධිපති අමන්දොරුවේ ධම්මරතන නාහිමියන් සහ එම ඉංගී‍්‍රසි දහම් පාසලේ අනුග්‍රහයෙනි. එය මෙහෙයවන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයේ අලකොලගල ඤාණරතන, මාදෝවිට වජිර බුද්ධි යන නා හිමිවරුන් ඇතුළු උපදේශක මණ්ඩලය විසිනි.

භික්ෂු වැඩමුළුව අවසානයේ සහතික පත්‍ර සහ ත්‍යාග බෙදාදීමේ උත්සවයට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යය බේරතුඩුවේ ඤාණවිසුද්ධි නාහිමියෝද ස්විස්ටර්ලන්තයේ භාවනා මධ්‍යස්ථානාධිපති වල්පොල කල්‍යාණතිස්ස, නවසීලන්ත බෞද්ධ විහාරවාසී අරෑටමඩුල්ලේ ධම්මපාල, නාකියාදෙණියේ ඤණුත්තර, බලංගොඩ බුද්ධඝෝෂ, මලල්ගොඩ දමිත, ගැවිලිපිටියේ රතනරංසි, හොරිවිල සීලරතන, රාවණාගොඩ ධම්මසිරි හිමිවරු ද සහභාගිවූහ. ඉංජිනේරු සෑම් සමරසිංහ, දීපා එදිරිසිංහ, ඇතුළු ප්‍රභූ ගිහි පිරිසක් ද සහභාගි වූහ.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]