UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ නවම් මහා පෙරහර ඉකුත් දා (9 සහ 10) දිනවලදී වීථි සංචාරය කළ අතර ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ) අනුශාසනා පරිදි වාර්ෂිකව එම පෙරහර අත්‍යාලංකාරයෙන් පැවැත්වේ. ගංගාරාමස්ථ සීමා මාලකය අබියස විශේෂ මණ්ඩපයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සධාතුක කරඬුව නවම් පෙරහරේ මංගල හස්තිරාජයා මත තැන්පත් කළ අවස්ථාව. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝද මෙහි වෙති. ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියෝ උත්සව සභාව ඇමතූ අවස්ථාවද සේයාරුවෙන් දැක්වේ.

කෑගල්ල ශාන්ත මරියා විදුහලේ 150 වන සංවත්සරය සමරමින් පසුගියදා (2) පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසුදා 150 නමක් පමණ මහ සගරුවන විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනමනු ලැබීය. විදුහල්පති හේමා වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය වත්මන් ආචාර්ය මණ්ඩලය සහ සිසුන් හා මවුපියන්ගේ සහභාගිත්වයෙන් එම පින්කම පැවැත්විණි. මාදම්පේ සමූහ – ඒ.පී. ගුණරත්න

රටට සෙත්පතා හලාවත මුගුණුවටවන ශ්‍රී මංගන රාජ මහා විහාරාධිපති දෙවලපොල සංඝානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි බෝවත්තේ සුමංගල හිමියන් ප්‍රමුඛ විහාරස්ථදායක සභාව සංවිධානය කළ විහාරස්ථ භූමියේ පිහිටි චෛත්‍යය වටා අටපිරකර දෙදහස් පන්සියයක් පූජා කිරීමේ ගිරිභණ්ඩ පූජාවක් පසුගියදා පැවැත්වූ අවස්ථාව .

 
 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]