UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක 2017.02.18

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

අපේ රටේ පුවත්පත් කලාවේ මහ ගෙදර ලෙස සැලකෙන්නේ ලේක්හවුස් ආයතනයයි. එහි ආදි කර්තෘ, ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරට ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙසත්, උසස් බෞද්ධ ජනනායකයෙකු මෙන්ම දානපති පරිත්‍යාගශීලීයෙකු ලෙසත් හැඳින්විය හැකි ය.

කැලණියේ ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ වත්මන් ශ්‍රී විභූතියේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන සහ ඩී.පී. විජයවර්ධන මුහන්දිරම් දම්පතීන්ගේ දයාබර තෙවැනි පුත්රුවන ලෙස 1886 පෙබරවාරි 23 වනදා මෙලොව උපත ලද පුත්රුවන ඩී.ආර්. විජයවර්ධන නම් විය.

සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඩී.ආර්. විජයවර්ධන කුමරුවා උසස් අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී නීතිය සහ දේශපාලනය පිළිබඳ උපාධිය හැදෑරුවේ අධිනීතීඥවරයෙකු වීමේ අටියෙනි. ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ එම අදහස් මල්ඵල ගැන්විණි. නීති උපාධිය ලබා 1912 දී නැවත මෙරටට පැමිණි එතුමා තම පුවත්පත් සිහිනය සැබෑ කර ගත්තේ ය. 1909 ඇරැඹුණු ‘දිනමිණ’ පත්‍රය එහි අයිතිකරුගෙන් ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් විසින් මිලයට ගත්තේ ය. අනතුරුව එය තමන්ගේ අධීක්ෂණයෙන් පළ කරන්නට විය. ‘ඔබ්සවර්’ පුවත්පතද එතුමා ලබා ගත්තේ ය. 1930 දී ‘සිළුමිණ’ පුවත්පත ආරම්භ කළේ ය. සිංහල භාෂාවෙන් කියවන පාඨකයනට සිංහල පුවත්පත් ද, ඉංගී‍්‍රසි භාෂාවෙන් කියවන පාඨකයන්ට ඉංගී‍්‍රසි පුවත්පත්ද තිබුණත් ද්‍රවිඩ භාෂාවෙන් කියවන පාඨකයන්ගේ දැනුම් පිපාසය සංසිඳුවීම සඳහා 1932 දී තිනකරන් පුවත්පත ආරම්භ කළේ ය. ‘වාරමංජරී’ නමින් දමිළ ඉරිදා පුවත්පතක්ද ඇරඹීය

එම පුවත්පත්වල කර්තෘ මණ්ඩල හා අනෙකුත් අංශ මෙන්ම යන්ත්‍රෝපකරණ ආදියද එක් ගොඩනැගිල්ලකට ගෙන එම සඳහා විජයවර්ධන ශ්‍රීමතාණන් විසින් කොළඹ කොටුවේ සුවිසාල අලංකාර මන්දිරයක් තැනවීය. එය ඩී.ආර්.විජයවර්ධන මාවතේ පිහිටා තිබෙන ලේක්හවුස් මන්දිරයයි. එතැන් සිට පුවත්පත් මගින් රට පුරා වෙසෙන ජනතාවට තොරතුරු, දැනුම, අවබෝධය ලබාදෙමින් නැණ පහන් දැල්වීමට ලේක්හවුස් ආයතනය තක්සලාවක් බවට පත් විය. ලේක්හවුස් ආයතනයේ ස්ථිර සේවක පිරිස පමණක් නොව රට පුරා විසිරී පැතිරී සිටින අලෙවි නියෝජිතයන් පුවත්පත් අලෙවි කරන්නන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද පවා සිය ජීවිකාව පවත්වාගෙන යාමට ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දූරදර්ශී ක්‍රියාවලිය හේතු වී ඇත.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ලේක්හවුස් ආයතනය ගොඩනගමින් සිටි අවධිය මෙරට නිදහස පිළිබඳ තීරණාත්මක අවදියක් විය. රටේ නිදහස පතා සියලු ජාතීහු එකමුතුව ක්‍රියා කළහ. ඊට අනගි සහායක් ලබා දීමට ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් කටයුතු කළේ ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාමය සඳහා අතිවිශාල ධනයක් වැය කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් බම්බලපිටියේ වජිරාරාමය, හුණුපිටියේ ගංගාරාමය, සේදවත්තේ වෙහෙර ගොඩැල්ල විහාරස්ථානයද දියුණු කිරීමට මහත් දායකත්වයක් දැරුවේ ය.

ඩී.ආර්. විජයවර්ධන මහතා ජේ.එච්. මීදෙනිය අදිකාරම්තුමාගේ දියණියක වූ ඇලිස් ගර්ටි රූඩිරූබි මෙනෙවිය සමග විවාහ විය. එම ඩී.ආර්.විජයවර්ධන දම්පතීනට පුතුන් දෙදෙනෙක් හා දියණිවරු තිදෙනක් වූහ. එතුමන්ගේ එක් දියණියක් වූ නාලිනී විජයවර්ධන, එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සමඟ යුග දිවියට පත් වූ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන් එම දෙපළගේ දයාබර පුත්‍රරත්නයක් වෙති.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් වාර්ෂිකව මහ පින්කමක් සිදුකරනු ලැබේ. ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් එම ජන්ම සමරු පින්කම මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට සියලු සේවක සේවිකාවන්ගේ නොමද සහාය ලැබී ඇත. ලේක්හවුස් බෞද්ධ සංගමය සංවිධානයෙන් ඊට සහාය වේ.

දෛනික රාජකාරී කටයුතු සඳහා ලේක්හවුස් මන්දිරයට ඇතුල්වන කෘතවේදී සේවක සේවිකාවන් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පිළිරුවට හිස නමා ආචාර කරනුයේ කෘතවේදීත්වය ප්‍රකට කරමිනි. ආයතනයේ සෑම කටයුත්තකදීම සිය දහස්වර අනුස්මරණය කරන ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ නාමය සදා අනුස්මරණය කිරීම යුතුකම වේ.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]