UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළෙහි නිල වෙබ් අඩවිය ජනපති අතින් එළිදැක්වේ

එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළෙහි නිල වෙබ් අඩවිය ජනපති අතින් එළිදැක්වේ

මේ වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ (14) වන ජාත්‍යන්තර වෙසක් සැමරුම සහ ලෝක බෞද්ධ සමුළුව වෙනුවෙන් නිර්මාණය කළ නිල වෙබ් අඩවිය ඉකුත්දා (07) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කෙරිණි. සමාජ සාධාරණත්වය සහ තිරසාර ලෝක සාමය සඳහා බෞද්ධ ඉගැන්වීම යන තේමාව යටතේ මැයි මස 12 වනදා සිට 14 වනදා දක්වා ජාත්‍යන්තර වෙසක් උළෙල උත්කර්ෂවත් අයුරෙන් මෙරටදී පැවැත්වෙන අතර ඒ පිළිබඳ සියලු තොරතුරු unwesak2017.org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමි. අමරපුර පාර්ශ්වයේ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි. විද්‍යෝදය පරිවේණාධිපති බළංගොඩ සෝභිත නාහිමි. බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]