UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය රුශික ලැනරෝල් මහතාගේ නිර්දේශයට අනුව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ජාඇල තුඩැල්ල මිගෙල් සෙනෙවිරත්න මාවත පැලපගේ සෝමලතා මහත්මිය සඳහා ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බව කියයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් මුදල් ආධාර කිරීමට කැමති අයෙකු වේ නම් පහත සඳහන් අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. 0717687036,0727168462,0722861912

ගිණුම් අංක –520101000012662 යූනියන් බැංකුව

******

ගම්පහ ශ්‍රී බෝධි විදුහලේ හතර වසරේ (4 වසර) ඉගෙනුම ලබන (වයස අවුරුදු 8) කවිඳු නදුන් ගුණතිලක පුතු උපතින්ම එක් වකුගඩුවක් පමණක් පිහිටා තිබූ අයෙක් බව කියයි.එම වකුගඩුවද 50% පමණක් ක්‍රියාකරන බැවින් හැකි ඉක්මනින් ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙනාල් තල්ගහගොඩ මහතා නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩු සැත්කම් පේරාදෙණිය රෝහලේ සිදු කරන අතර පිටතින් සිදු කරන පරීක්ෂණ හා ඖෂධ සඳහා විශාල මුදලක් වැය වෙන හෙයින් එම මුදල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිට දැනට විශ්‍රාමිකයෙකු වන පුතුගේ පියාට දැරිය නොහැකි බැවින් පරිත්‍යාගශීලින්ගෙන් ආධාර බලාපොරොත්තු වේ. වැඩි විස්තර :– අංක 69/ඕකිරිඳිවිට, ගම්පහ

033-2226267/071-8333790සම්පත් බැංකුව ගම්පහ ශාඛාවේ කේ.එම්. එස්.ඩී. එස්. ගුණතිලක නමින් ඇති ගිණුම් අංක :–121254605671 වෙත ආධාර කළ හැකි බවද කියති.

******

කඩවත ඉහළ කරගහමුණ, අංක 540/12 හි පදිංචි එච්.එම්.ටී.වී ගුණරත්න යන අවු.28 තරුණයෙකුට වකුගඩු දෙකම අක්‍රිය වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇත. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇති බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර, අපේක්ෂා කෙරේ. මව - 075 4737010 ලංකා බැංකුව - 524884, කඩවත

******

කොළඹ රිඡ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගියෙකුට (අවුරුදු 15 ක පාසල් සිසුවෙකුට) බද්ධ කිරිම සඳහා “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති හෙයින් පරිත්‍යාගශීලීහු වෙතොත් පහත අංක වෙතින් දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. 0112 908911, 0770 668353

******

වයස 52ක් පමණ වූ එක්දරු පියෙකුවන ගුරුවරයෙකු දරුණු අක්මා රෝගයකින් පෙළේ. ඔහුගේ ජීවිතය බේරා ගැනිම සඳහා ඒඕ පොසිටිව් වර්ගයේ රුධිර ගණය හිමි අයෙකුගේ, අක්මාවක කොටසක් ලබාදිීමට කැමැති වයස අවුරුදු 50ට අඩු නිරෝගී අයෙකු වේනම් 0772992781 / 0711475535 / 0787052006 දුරකථන අංකවලට අමතන ලෙස කාරුණිකව ඉල්ලීමක් කෙරේ.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]