UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙමවුපියන් නව දැනුමසොයා යා යුතුයි

දෙමවුපියන් නව දැනුම සොයා යා යුතුයි

"සමාජයට පෙනෙන්නේ ක්‍රියාව පමණයි. තමන්ට අර්ථයක් සිද්ධියක් සපයන්නේ තමන්ගේ චේතනාංගපූර්වාංග ක්‍රියාවයි . ඇය යහපත් අම්මා කෙනෙකු බවට සමාජයෙහි යම් කෙනෙකු ප්‍රකාශ කළ හැකියි. ඔහු යහපත් තාත්තා කෙනෙකු බව ප්‍රකාශ කළ හැකියි. යහපත් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ප්‍රකාශ කළ හැකියි . සමාජය එසේ ප්‍රකාශ කිරීමට පෙළඹෙන්නේ අනෙක් පුද්ගලයාට දක්නට ලැබෙන දේ අනුවයි. එසේ නැත්නම්, වෙනත් පුද්ගලයෙක් කියන දෙයක් විය හැකියි. සැබෑවටම තමන් යහපත් අම්මාද,යහපත් තාත්තාද කියා දන්නේ ඒ අම්මා තාත්තාමයි. තමන් හොඳම ස්වාමීන් වහන්සේ බව දන්නේ ඒ ස්වාමීන් වහන්සේමයි ."

මෙම ලිපියෙහි කොටසක් නවම් පුර පසළොස්වක පොහෝ දින (පෙබරවාරි10) පත්‍රයේ පළවිය.

දරුවන් කුඩා කල සිටම ඔවුන් කරනු ලබන ක්‍රියාවන් එපා කියමින් ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් අම්මාවාරුන් පුරුදු වී තිබෙන නිසා දරුවන් ලොකු මහත් වන විටත් එපා යන කියමනම භාවිත කිරීම නිසා වයස අවුුරුදු දහසය දහහත වන විට ඇතැම් දරුවන්ට අම්මාවරුන් එපා වෙන තැනට පත් වෙන අවස්ථා වර්තමාන සමාජයෙහි දක්නට නැතුවාම නොවෙයි. වර්තමාන දරුවන්ගේ දැනුමත් සමඟ අම්මලාට සහ තාත්තලාට දැනුම සොයාගෙන යාමට සිදුවෙලා තිබෙනවා.

ඇතැම් අම්මාවරුන් ඔවුන් කුඩා අවධියෙහි ඔවුන්ගේ අම්මාවරුන් ලබාදුන්න උපදෙස් වර්තමාන දරුවන්ට ලබාදීමට උත්සාහ කරයි. එම අම්මලා තමාගේ දරුවන්ට එම කාල වකාවනුව තුළ ලබාදුන්න උපදෙස් එම කාලයට ගැලපෙයි. වර්තමාන කාලය වන විට එම දැනුම අවලංගු වෙලා තිබෙන නිසාම වර්තමාන කාලයත් සමඟ දැනුම වැඩි දියුණු විය යුතුයි. අතීතයේ වයස අවුරුදු දහයක දරුවෙකුට තිබුණ දැනුමට වඩා දැනුමක් වර්තමාන සමාජයෙහි ජීවත් වන එම වයසේ දරුවෙකු සොයා ගනියි.

අද දරුවන් ඉතාම දක්ෂ ලෙස පරගණකය භාවිත කරයි. එය දරුවාගේ විශේෂ දක්ෂතාවක් නොවෙයි. කාලීනව දරුවන්ට අතපත ගෑමට ලැබෙන, දක්නට ලැබෙන ඇසුරු කරන්න ලැබෙන, සමාජයත් සමඟ හුරුවෙයි. එවැනි ආකාරයට හුරුවෙන සමාජයක හැදෙන දරුවන්ගේ ඤාණය පිළිබඳව අප නොදැන සිටිය හොත් අප අතර නිතර ගැටුම් නිර්මාණය වෙයි. අප වෙනත් කෝණයකින් දකින විට දරුවන් වෙනත් කෝණයකින් දකියි.

ඇතැම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කරගැනීමේ අදහසින් දෙමවුපියන් විසින් දරුවන්ට පරිගණකය ලබාදෙයි. අවසානයේ දරුවා දෙමවුපියන්ට වැඩිය පරිගණකයට ආදරය දක්වන බවට චෝදනා කරයි. හදාගත් දියුණුවත් සමඟ තාක්ෂණික ඤාාණයත් සමඟ පරිගණකය වැරැදි නැති වුණත්,තාක්ෂණික ඤාාණය සමඟ පරිගණක තාක්ෂණය මිනිස් මනසෙහි දියුණු අවස්ථාවක්.නමුත් බුද්ධිමය වශයෙන් බුද්ධිමය ගෝත්‍රික සමාජයක සිටින ශ්‍රී ලාංකික අපට පරිගණකයෙන් අර්ථවත් කාර්යයන් නොකර අනර්ථවත් දේ කරයි. එය වඳුරට දැලි පිහි ලබාදුන්නා වගෙයි.

අම්මාට තාත්තාට නිවසෙහි ජීවත් වීමට නව දැනුම, ධර්මය , තාක්ෂණය සොයාගෙන යන්න සිදුවෙයි. තාත්තා මුදල් හම්බකළාට ජීවත් වීමට මුදල් අවශ්‍ය වුණත්, තාත්තාට නව දැනුම සොයාගෙන යා යුතු වෙයි. දරුවන්ට මේ සියල්ලම සිවුපසය ලෙස නොමිලයේ ලැබුණාට පාඩම් නොකර අධ්‍යාපනයට වැඩි උනන්දුවක් නොදක්වන ළමයි වැඩිපුර සිටිති. එවැනි දරුවන් සිටින ඇතැම් අම්මාවරුන් නව දැනුම සොයා යනවා වෙනුවට උපකාරක පන්ති සොයාගෙන යයි.

දරුවා පාඩම් කරනවා අඩුවන විට උපකාරක පන්ති සඳහා වැඩිපුර සහභාගි කරවයි. දරුවා පාසලෙන් ලබන දැනුමයි, වටපිට බාහිර සමාජ පරිසරයෙන් හා පොත පත ඇසුරු කිරීමෙන් ලබාගන්නාවූ දැනුමයි නිවැරැදිව ලබාගන්නවා නම්, එම දැනුම හොඳටම ප්‍රමාණවත් වෙයි. ඇතැම් දරුවන් උපකාරක පංති යාමට වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ අධ්‍යාපනය ලැබීම සඳහාම නොවෙයි. පාසලෙහි ඒකාකාරී ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය සිදුවන නිසාම උපකාරක පන්ති යාෙමිදී විවිධ ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීමටත්, විවිධාකාර ලෙස කඩ කෑම කෑමට අවස්ථාව ලැබීමත් නිසා ඇතැම් දරුවන් ඒ සඳහා වැඩි කැමැත්තක් දක්වයි.ඇතැම් දරුවන් වෙනත් මානසික අවශ්‍යතාවයන් සඳහා උපකාරක පන්ති සොයනවා මිස දැනුම පිපාසාවෙන්ම කටයුතු නොකරයි. දැනුම පිපාසාවෙන් යන දරුවන් අතළොස්සක් සිටිනවා විය හැකියි.

පාසලේ උගන්වා නැතත් ඉගෙන ගත යුතු වැඩ කොටස පිළිබඳව අද දරුවන්ට අවබෝධයක් තිබෙනවා. දක්ෂ දරුවා එම දැනුම ඉගෙන ගන්නවා.විභාගය ඉහළින් සමත් වූ දරුවන්ගේ ස්වභාවය සොයා බැලු විට එම දරුවන්ගේ ස්වභාවය වෙනස්. ඔවුන් පැය විසිහතරෙම උපකාරක පන්ති ගිය දරුවන් නොවෙයි.එම දරුවන් පාඩම් කර ඇති ස්වභාවය වෙනස් .

දරුවා ටියුෂන් යන විට අම්මත් ඒ සඳහා සහභාගි වෙයි දරුවා ටියුෂන් අධ්‍යාපනය ලබන විට අම්මා අම්මාගේ කාලය නිකරුණේ විනාශ කරදමයි. එම නිසා වර්තමාන සමාජය කිසියම් ආකාරයක වෙනත් පැත්තකට යොමුවෙනවාද? කියා සිතන්න වෙනවා.එම නිසා ඇතැම් පුද්ගලයන් යහපත් චේතනාවන් තියාගෙන නරක වැඩ කරයි. දරුවා හදාගැනීමේ ෙචිතනාව යහපත් දරුවා හදාගැනීමට ටියුෂන් යවලා අම්මා වෙනත් ලෝකයක .චේතනාව යහපත් වුවත්, කරන ක්‍රියා වෙනස්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති කාරණා නැවත සිතිය යුතු වෙනවා. නැවතද නැවතද සිතමින් මෙනෙහි කිරීමට සිදුවෙලා තිබෙනවා.චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේත යිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා මහණෙනි, මිනිසා සිතින් සිතාම සියලු කටයුතු කරයි. කයෙන්, වචනයෙන්, මනසින් තුන් දොරින්ම කටයුතු කරනවා. එනිසා සිතින් සිතාම කරන නිසා චේතනාවම කර්මය ලෙස කියනවා.

සමාජයට පෙනෙන්නේ ක්‍රියාව පමණයි. තමන්ට අර්ථයක් සිද්ධියක් සපයන්නේ තමන්ගේ චේතනාංගපූර්වාංග ක්‍රියාවයි . ඇය යහපත් අම්මා කෙනෙකු බවට සමාජයෙහි යම් කෙනෙකු ප්‍රකාශ කළ හැකියි. ඔහු යහපත් තාත්තා කෙනෙකු බව ප්‍රකාශ කළ හැකියි. යහපත් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ප්‍රකාශ කළ හැකියි . සමාජය එසේ ප්‍රකාශ කිරීමට පෙළඹෙන්නේ අනෙක් පුද්ගලයාට දක්නට ලැබෙන දේ අනුවයි. එසේ නැත්නම්, වෙනත් පුද්ගලයෙක් කියන දෙයක් විය හැකියි. සැබෑවටම තමන් යහපත් අම්මාද,යහපත් තාත්තාද කියා දන්නේ ඒ අම්මා තාත්තාමයි. තමන් හොඳම ස්වාමීන් වහන්සේ බව දන්නේ ඒ ස්වාමීන් වහන්සේමයි . එය බුදු බණයි.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]