UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කර්ම ශක්තියයි භව ගමනයි

කර්ම ශක්තියයි භව ගමනයි

"ධර්මයට අනුව පුද්ගලයකු අල්පායුෂ්කව මරණයට පත් වෙනවා නමි,ඔහු හෝ ඇය විසින් කළාවූ සංසාරික කර්ම ශක්තිය බලපවත්වයි.ඔහුගේ හෝ ඇයගේ භව ගමන නිමා කරනු ලබන්නේ ඔවුන් විසින් කර තිබෙන්නාවූ කර්ම ශක්තියයි. මරණ ධර්මය ඉක්මවිය නොහැකි තැනකට කවදා හෝ පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන කාරණයක්. මරණ ධමිමං අනතීතෝති අභින්හං පච්චවෙක්ඛීතබිබං මරණ ධර්මය ඉක්මවා යාමට බැරි බව නිතර නිතර සිතිය යුතුයි. "

මෙම ලිපියෙහි තවත් කොටසක් බිනර අමාවක (සැප්තැම්බර් 30 වනදා) පෝදා පත්‍රයේ පළ විය.

මෙම කාරණා ඔබ පැහැදිළි කරගත යුතුයි. ඊළඟ භවය සැකසෙන්නේ කුමන ආකාරයකට අනුවද ? යන්න අවබෝධ කරගත හැකියි. තම තමන් හැරී සිටින පැත්ත තම තමන් බරවී සිටින පැත්ත,දන්න නිසා කවුරුත් සහතික දීම අවශ්‍ය නැහැ. මම කර තිබෙන්නාවු ක්‍රියාකාරකම් හා නොකළ සිටි ක්‍රියාකාරකම් අනුව ඔබ සිටින පැත්ත අවබෝධ කරගත හැකියි. මරණය කාලිකද? අකාලිකද? යන්න නිර්වචනය කරන ආකාරය එතරමි බුද්ධ්මත් ක්‍රමයක් නොවෙයි.

මරණයකට පසුව එම මරණය කාලික ද? අකාලික ද? යනුවෙන් නිර්වචනය කරන්න යාම එතරමි බුද්ධිමත් ක්‍රමයක් නොවෙයි. විවාහ වෙලා දරුමල්ලන් ලබා ජීවිතය සම්පූර්ණ කරගත්තාය යැයි සිතන අයගේ මරණය සාර්ථක මරණයක් යැයි ප්‍රකාශ කළ නොහැකියි. එය වඩා හොඳ මරණයක් යැයි නිර්වචනය කළ නොහැකියි. විවාහය යනු පරිපූර්ණ සිදුවීමක්ද? විවාහය මිනිසුන්ට තෘප්තියම ගෙනත් දෙන දෙයක්ද? මරණයකදී අප කල්පනා කළ යුත්තේ ආධ්‍යාත්මය වැඩී තිබුණේ කුමන ආකාරයෙන්ද කියන කාරණාවයි. අපගේ ජීවිත තුළ වගකීම් වැඩි වෙන්න පටන් ගැනීමත් සමඟ අප වෙනදා නොකියපු බොරු කියන්න පටන් ගන්නවා. විවාහ වෙලා දරුමල්ලන් ලැබුණ විට එකිනෙකා ගේ යහපත හා පැවැත්ම පිළිබඳව සිතල යමි යමි දේවල් කරන්න සිදුවෙනවා. ඇතමි විට වයස වැඩි විමත් සමඟ හතුරන් වැඩිවෙයි තමන්ගේ ජීවිත කාලය තුළ ලබාගැනීමට නොහැකි වුණ කාරණා පිළිබඳව සිතමින් පසුතැවෙනවා. අනුන්ගේ දේවලට තෘෂ්ණා වන ප්‍රමාණයත් වැඩිවෙයි. අවබෝධ කරගත්ත පුද්ගලයාට එම තත්වය ගැටළුවක් වන්නේ නැහැ. බුද්ධ ධර්මයට අනුව ඔහුගේ හෝ ඇයගේ චෛතසික ධර්මයන් හැසිරුණ ආකාරය අනුව මරණය කාලික මරණයක්ද අකාලික මරණයක්ද යනුවෙන් නිර්වචනය කරගැනීම අපහසුවෙයි.

යමි කිසි මරණයකට පසුව එය අකල් මරණයක් කියමින් අර්ථකතනය කරන කතාව තුළම මිය යන පුද්ගලයාගෙන් කරගැනීමට බලාපොරොත්තු වුණ දේවල් කරගැනීමට නොලැබීම නිසා ඇතිවුණ අර්බුදය පිළිබඳව ප්‍රකාශනය ඇතුළත් වෙලා තිබෙනවා. බොහෝ වයස් ගත වී පාවිච්චි කළ නොහැකි තත්වයට පත්වුණ පුද්ගලයකුගේ මරණයක් වෙනුවෙන් එතරමි වැළපීමක් දක්නට ලැබෙන්නේ නැහැ.නමුත් යමිකිසි අඩු වයස් මටිටමක දරුවන් සිටින අමිමා හෝ තාත්තා යන දෙදෙනාගෙන් කෙනකු මිය ගිය විට පෙරළෙමින් දරුවන් ඇඬුවත් වයස අවුරුදු අසූව අනූව ඉක්වමින් වයෝවෘද්ධ තත්වයට පත් වුණා නමි, එම දරුවන් පෙරළෙමින් අඬන්නේ නැහැ.අපෙ අමිමා අවුරුදු අසූවක්ම ජීවත් වෙලා තමයි මරණයට පත්වුණේ . අවුුරුදු අසූව ඉක්මවලා මරණයක් සිදුවුණා නමි,දැන් එයා යායුතු වෙලාව හරි බව මරණගෙදර පිරිසම මනසට දැනුම් දීලා අවසානයි එම නිසා අඩන්නේ නැහැ. එම මරණයට විරුද්ධත්වයක් ප්‍රකාශ වන්නේ නැහැ. එම මරණය සාධාරණීකරනය කරමින් අනුමත කරයි. එම මරණ කාරයා තව දුරටත් ඔවුන්ගේ කාර්යයන් සඳහා පාවිච්චි කරන්න බැරි බව ඔවුන් අවබෝධ කරගෙන සිටියි. මරණයකදී දක්නට ලැබෙන නිර්දය සත්‍ය එයයි. තරුණ වියේ හෝ මැදි වියේ තැනැත්තකු හෝ තැනැත්තියක මරණයට පත් වූ විට ඔවුන් තවදුරටත් පාවිචිචි කරගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා.භද්දිය ස්වාමීන් වහන්සේ අපවත් වූ බව ආරංචි වුවහොත් ලබන අවුරුද්ද ඇතුළත බණ බාරගෙන තිබෙන පිරිස පෙරළෙමින් අඬයි. නිර්දය සත්‍ය එයයි.එය පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. අවුරුදු අසූවක් අනූවක් ඉක්මවල අපවත් වුණොත් කවුරුත් වැළපෙන එකක් නැහැ.

මරණයකට පසුව ජීවත් වන මිනිසුන්ගේ හැසීරීම් පිළිබඳව දක්නට ලැබෙන ස්වභාවය සහ ඇත්ත ස්වභාවය කෙතරම් වෙනස්ද ? යනුවෙන් අවබෝධ කරගත හැකියි. සාතිශය බහුතර පිරිසක් මරණ ගෙදර පැමිණෙන්නේත් මරණ කාරයා නිසා නොවෙයි.ජීවත්ව සිටින පිරිසට මුහුණ දීම සඳහායි. එය තුළ අසත්‍ය කාරණා හදා ගැනීම යහපත් නැහැ. මරණයට පත්වූණ පුද්ගලයා සමඟ තිබුණ බැඳීමි අවසන් වූණාට ජීවත්ව සිටින පිරිස සමඟ තිබෙන සබඳතාව නිසා නොවලහා ඉදිරිපත් වෙනවා. මරණයකට පසුව ඉතාම සංකිර්ණ ස්වභාවයකින් මනස හැසිරීමට පටන් ගනී.

ධර්මයට අනුව පුද්ගලයකු අල්පායුෂ්කව මරණයට පත් වෙනවා නමි,ඔහු හෝ ඇය විසින් කළාවූ සංසාරික කර්ම ශක්තිය බලපවත්වයි.ඔහුගේ හෝ ඇයගේ භව ගමන නිමා කරනු ලබන්නේ ඔවුන් විසින් කර තිබෙන්නාවූ කර්ම ශක්තියයි.

මරණ ධර්මය ඉක්මවිය නොහැකි තැනකට කවදා හෝ පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන කාරණයක්. මරණ ධමිමං අනතීතෝහි අභින්නං පච්චවෙක්ඛීතබිබං මරණ ධර්මය ඉක්මවා යාමට බැරි බව නිතර නිතර සිතිය යුතුයි.

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]