UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

6 වන අභ්‍යාසය

වඩාත් නිවැරැදි පිළිතුර සොයා යටින් ඉරක් ගසන්න

1) බුද්ධ කාලීන භාරතයේ රජවරු ප්‍රධාන පාලන ක්‍රම දෙකක් යටතේ රට පාලනය කළහ. රාජාණ්ඩු ක්‍රමය හා ගණතන්ත්‍ර ක්‍රමය යනු එම පාලන ක්‍රම දෙකය. මින් ගණතන්ත්‍ර පාලන ක්‍රමයක් පැවැති ජනපදයක් නම්,

1. කෝසල ජනපදයයි
2.වජ්ජි ජනපදයයි
3. චේති ජනපදයයි
4. කාසි ජනපදයයි

2) මහින්දාගමනය සිදු වූ මුල් අවස්ථාවේ පටන්ම ශාරීරික, පාරිභෝගික හා උද්දේසික යනුවෙන් ත්‍රිවිධ චෛත්‍යය ගොඩනඟා ජනතාව පුද පූජා හා වන්දනා වතාවත් සිදු කළහ. මෙහි සඳහන් පාරිභෝගික චෛත්‍යය යනු,

1. ලක්දිව වැඩිම උසින් යුක්ත ජේතවනාරාම දාගැබයි
2.බුදුරදුන් දවස භාරතයේ පැවැති චාපාල චේතියට තවත් නමකි
3. දුටුගැමුණු රජු කරවූ මිරිසවැටිය චෛත්‍යය හැඳින්වූ තවත් නමකි
4. බුදුරදුන් පරිහරණය කළ ශ්‍රී මහා බෝධිය වැනි වස්තූන් සඳහා තවත් නමකි

3) සංඝමිත්තාගමනයේ ප්‍රධාන අරමුණ වූයේ ලංකාව තුළ භික්ෂුණී සමාජයක් පිහිටුවීමයි. ශ්‍රී ලංකාවෙන් පළමුව පැවිදි වූ කාන්තාව වන්නේ,

1. සුගලා බිසවයි
2.රත්නාවලි බිසවයි
3.අනුලා බිසවයි
4. සීවලී බිසවයි

4) තුන්වන ධර්ම සංගායනාවේ විශිෂ්ට ප්‍රතිඵල අතර පරවාද මත 500ක් හා ඒවා ඛණ්ඩනය සඳහා වන සකවාද මත 500ක් ඇතුළත් කොට ලියන ලද ග්‍රන්ථය වන්නේ,

1. කතාවත්ථු ප්‍රකරණය
2. පට්ඨාත ප්‍රකරණය
3.ධාතුකතා ප්‍රකරණය
4. විභංඝ ප්‍රකරණය

5) බරයාස හක 500ක් හා සකවාද මත 500ක් ඇතුළත් පොත රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?

1. බුද්ධඝෝෂ හිමි විසිනි
2. මොග්ගලීපුත්තතිස්ස හිමි විසිනි
3. මිහිඳුහිමි විසිනි
4. වීදාගම මෛත්‍රී හිමි විසිනි

6) ධර්මාශෝක රජුගේ ධර්ම විජය ප්‍රතිපත්තිය අනුව ථෙරවාදී බුදු දහම දේශ දේශාන්තරයන්හි ව්‍යාපත්ත විය. හිමවත ප්‍රදේශයේ බුදුදහම ව්‍යාප්ත කළ රහතන් වහන්සේ වනුයේ,

1. මහා රක්ඛිත තෙරුන්ය
2. මහා ධම්ම රක්ඛිත තෙරුන්ය
3. මහා දේවතෙරුන්ය
4. මජ්ක්‍ධිම තෙරුන්ය

7) ධර්ම දූත සේවාවේ යෙදුන තෙරුන් වහන්සේලා විවිධ සූත්‍ර දේශනා, ජාතක කතා ආදිය පදනම් කරගෙන ධර්ම දේශනා පැවැත්වූහ. වනවාසී ප්‍රදේශයේ රක්ඛිත තෙරුන් දහම් දේශනා කළේ මින් කුමන සූත්‍රය පදනම් කරගෙනද?

1. ආසිවිසෝපම සූත්‍රය
2. අග්ගිකන්ධෝපම සූත්‍රය
3. අනමතග්ග සූත්‍රය
4. කාලාකාරාම සූත්‍රය

8) හේතුඵල දහම අනුව අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් මෙනෙහි කිරීමේදී අනුලෝම පටිච්ච සමුප්පාද ධර්මය තුළ නොගැළපෙන හේතුඵල දහම වන්නේ?

1. අවිජ්ජා පච්චයා සංඛාරා
2. සලායතන පච්චයා වේදනා
3. විඤ්ඤාණ පච්චයා නාමරූපං
4. වේදනා පච්චයා තණ්හා

9) පන්සාළිස් වසක්ම බුදුරදුන් ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් වස් තෙමස තුළ පමණක් එක තැනක රැඳි සිටිමින් වැඩ විසූහ. උන්වහන්සේ පළමු වස් කාලය බරණැස ඉසිපතනයේ ගතකළ අතර අවසාන වස් කාලය ගත කරන ලද්දේ මින් කුමන ස්ථානයේද?

1. බේලුව නම් ගමෙහිය
2. චාපාල චේතිය අසලය
3. කූටාගාර ශාලාවේය
4. පාවා නුවරය

10) බමුණු ඉගැන්වීමට අනුව සතර වේදය, නීති ශාස්ත්‍රය , ආගමික චාරිත්‍ර විධි, පුරුදු පුහුණු වූ පිරිස වශයෙන් හැඳින්වෙන්නේ,

1. ක්ෂත්‍රීය කුල දරුවන්ය
2. පංචම කුල දරුවන්ය
3. වෛශ්‍ය කුල දරුවන්ය
4. බ්‍රාහ්මණ කුල දරුවන්ය

11) බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මහ තෙරුන්ගේ මැදිහත් වීමෙන් ධර්ම සංගායනාවන් සිදු කළහ. සත්ත සතික සංගීතිය යැයි හඳුන්වා ඇත්තේ මින් කුමන සංගීතියද?

1. තුන්වන සංගීතිය
2. දෙවන සංගීතිය
3. පළමු සංගීතිය
4. හත්වන සංගීතිය

12) මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලාංකිකයන්ට විවිධ බෞද්ධ දායාදයන් ලැබුණ බව මහාවංශය වැනි වංශ කතාවන්හි සඳහන් වේ. දළඳා වහන්සේ එසේ ලැබුණ දායාදයකි. ශ්‍රී ලංකාවට එය ලැබුණේ,

1. වළගම්බා රජු දවසය.
2. ශ්‍රී වික්‍රම රජු දවසය
3. මහසෙන් රජු දවසය
4. කිත්සිරිමෙවන් රජු දවසය

13) තුන්වන ධර්ම සංගීතියෙන් අනතුරුව ලෝකයේ විවිධ රටවලට බුදු දහම පැතිරී ගියා සේම භික්ෂූන් නිකායික වශයෙන් ථෙරවාද හා මහායානික ලෙස ද කොටස් දෙකකට බෙදී ගියහ. වර්තමානයේ ථෙරවාදී බුදු දහම පවතින රටවල් දෙකක් නම් කරන්න

1. මියන්මාරය හා ජපානයයි
2. චීනය හා වියට්නාමයයි
3.කොරියාව හා තායිලන්තයයි
4. මියන්මාරය හා තායිලන්තයයි

14) මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදු සසුනෙහි ප්‍රධානම බෞද්ධ මධ්‍යස්ථානය ලෙස ප්‍රකට වූයේ,

1. අභයගිරි විහාරයයි
2. මහා විහාරයයි
3. ජේතවනාරාමයයි
4.දක්ඛිණගිරි විහාරයයි

15) අභිධර්ම පිටකයේ කතාවත්තු ප්‍රකරණය ග්‍රන්ථය ත්‍රිපිටකයට එකතුවූයේ කිනම් ධර්ම සංගායනාවේදීද?

1. තුන්වන ධර්ම සංගායනාවේදීය
2. පළමුවන ධර්ම සංගායනාවේදීය
3. දෙවන ධර්ම සංගායනාවේදීය
4. හතරවන ධර්ම සංගායනාවේදීය


පිළිතුරු

1– 2  6– 4  11– 2

2–4  7–3  12– 4

3–3  8– 2  13– 4

4–1  9–1  14– 2

5– 2  10– 4  15–1

 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]